අද ඔය ගොල්ලොන්ට කියන්න යන්නේ පරණ වුනත් ඉතාම හොඳ පරිවර්තන කෘතියක් පිළිබඳවයි.
මෙහි මුල්ම කතාව ලියන ලද්දේ 1967 දී ප්‍රංශ ජාතික නව කතා කරුවෙකු වූ Emile Zola විසිනි.
එහි නම Therese Raquin වීය. මෙය එකල ප්‍රංශයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව කියැවේ.
කොටින්ම එය ඔහුගේ රැකියාවටද බල පෑ අතර තමා ජීවත් වූ ගමෙන් පවා පිටුවහල් වීමට බල කරනු ලැබිණි.
ඉතින් මේ මා හැඟි පොත ප්‍රේමරංජිත් තිලකරත්න මහතා විසින් ''සරාගී'' නමින් අපේ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 2006 දී ප්‍රකාශයට පත් විය.
මේ කතාව කියවන විට අපට බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාළ .... මේ ආත්මයේම පලදෙන අකුශල කර්ම පිළිබඳව සිහිපත් වීම නොවැලැක්විය හැකි දෙයකි.
කාමයෙන් අන්ධව මනුෂ්‍යඝාතනයක යෙදෙන තෙරේස් සහ ලෝරන්ස් ඉන්පසුව විඳවන මානසික විඳවිල්ල දකින මට සිහිපත් වෙන්නේ අපේ ජී.බී. සේනානායක ශූරීන් විසින් ලියන ලද ''මළ පුඩුව'' නැමැති නව කතාවයි. [මට හරියටම මතක නෑ ඒක ''මළ පුඩුව'' ද කියල. මං හිතනව ඒක තමයි. නැතිනම් කට්ටිය මට බනීවි බොරු ලියනව කියල ... විශේෂයෙන් ''වත්''.
ඒකෙත් අවසානයේදි ඒ යුවල මහත් දුකක් විඳ තම දිවි නසා ගනිති. පොඩි වෙනසකට තියෙන්නෙ ලෝරන්ස් සහ තෙරේස් මරන්නෙ ඇත්ත ස්වාමියා. ''මළ පුඩුවෙහි මරන්නෙ හොර ස්වාමියා. නමුත් පසු තැවිල්ල එකමයි.
ටිකක් පරණ වුනත් හොඳ පොතක් .. කියවල නැති හැමෝම කියවලා බලන්න.
No comments:
Post a Comment