අද මම කියන්න යන්නෙ ... මම කියවපු තවත් හොඳ
පොතක් ගැන.
කරුණාදාස සූරිය ආරච්චි එහෙම නැත්නම් ''කසුරි'' කියල කිව්වම
නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.
එතුමා විසින් ලියපු මේ පොත මේ වසරෙ ''ස්වර්ණ පුස්තක
සම්මානය'' සඳහා නිර්දේශ
වුන එකක්.
මෙහි ප්‍රථම මුද්‍රණය 2011 මැයි 12 දාත් ..
දෙවන මුද්‍රණය 2012 අගෝස්තු 29 වෙනිදාත්
සිදුකොට තිබෙයි.
මම මේ පොත දෙපාරක් ම කියෙව්ව. [ඒ ගැන
විස්තරයක් ලියනවනම් එහෙම කියවන්න වෙනව]
කසුරි මහත්මයා ලියපු පොත් වලින් එකකට හැර ..
අනෙක් හැම පොතකටම මම කැමති වෙලයි හිටියෙ.
නමුත් මේ පොත ඒ ඔක්කොටම වඩා ඉස්තරම් විදිහට
සහ හිතට කා වදින විදිහට ලියල තියෙනව.
මට හිතාගන්න බෑ ඇයි මේක මේ වසරෙ හොඳම පොත වුනේ
නැත්තෙ කියල. [මේ වගේ
කාලෝචිත එකක් විනිශ්චය මණ්ඩලයෙන් අතහැරුනෙ කොහොමද ..?
කියන එක මට ආපු ප්‍රශ්ණයක් ]
දැන් ඉතින් ''සිටුවර පුවත'' ලියපු
කතුතුමිය මා සමග අමනාප වෙන්න එපා මෙහෙම කිව්වය කියල... මේක මගෙ පෞද්ගලික මතය
පමණයිනෙ. අනික මම මහා ලොකු විචාරකයෙකුත් නෙවෙයි ..
මේ සටහන් වුනත් මම තබන්නෙ සාමාන්‍ය පාඨකයෙක්
විදිහට.
මෙහි අවසාන භාගය කියවගෙන යද්දි .. මට හිතුන
වැඩේ කොහු වෙන්න තමයි යන්නෙ කියල. නමුත් අවසානය වෙනකම්ම කියෙව්වම මම හුඟක් සතුටු
වුනා ... ඇත්තටම අවසානය ඉස්තරම් විදිහට අරන් තියෙනව.
''ආදරය සහ
ජීවිතය''
අපි හැමෝටම
ලැබිය යුත්තෙත් ඒකම නේද ...? කියලත් මට හිතුනා.
හොඳ පොතක්.
කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා
හිටිනවා ..
ISBN
978 – 955 – 551 – 907 – 6
මුද්‍රණය කොට ප්‍රකාශ කර තිබෙන්නෙ ..
දයාවංශ ජයකොඩි සහ සමාගම විසිනුයි.