Powered By Blogger

Wednesday, September 29, 2010

අලුත් පොතක් ...



මේ වසරේ පිට වූ අලුත් පොතක් ...
අපි මේ ලඟදි  B.M.I.C.H.  පොත් ප්‍රදර්ශණයට ගියා ... අපේ සුභ සාධක සංගමයේ තිබෙන පුස්තකාලයට පොත් ටිකක් ගැනීමට ...

අලුත් පොත් හුඟක් ගත්තා වුණත්, දැනට කියවා ගැනීමට හැකි වුණේ එකයි. ඒක ගැන තමා මේ ලියන්න යන්නෙ.
ඒ තමා තාරකා වාසල මුදලිආරච්චි ගෙ කලු කියන නව කතාව.
කොහොමත් මේක අර එයාගෙ " දෙහි " කතාවට වඩා ටිකක් එහාට ගිහින් තියෙනව.
මේකෙන් කියන්නෙ පවුල් සංස්ථාව තුල ස්ත්‍රියක් ලබන්නා වූ පීඩනය පිළිබඳව ...
අවසානයේ ඇයට මානසික රෝහලට පවා යන්න වෙනව. මේක ගොතාපු කතාවක් වුණත්... මට නම් හිතුනෙ ඇත්ත කතාවක් කියලයි.
මක් නිසාද යත් ...
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හෝ මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ [පිස්සන් කොටුව යන කඨෝර නාමය තව දුරටත් භාවිතා කිරීම උචිත නොවේ.]  සිටින කාන්තාවන් සමග ලේඛිකාව නිතර කතාබස් කොට තිබේ.
එහි සිටි කාන්තාවන් අතරින් එකියකගේ ජීවිත කතාව මෙය විය හැකිය.
කොහොම වුණත් හොඳ පොතක් ... ඔයාලත් කියවල බලන්න.

Tuesday, September 28, 2010

The jam fruit tree



කදිම පොතක්......

මෑතකදී මට අපූරු පොතක් කියවීමට ලැබුණි. කාල් මලර් නම් ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයෙකු විසින් ලියන ලද මෙය  "ජෑම් ගස යට ගෙදර" නම්වෙයි.
මෙහි ලිංගික පැත්ත වැඩිපුර ප්‍රකාශ වුවද .. රචකයා සියලු සම්මතයන් බිඳ දමමින් නොසඟවා ඒවා ඉදිරිපත් කරයි.
මෙහි මගේ හිත රිදුන තැනකුත් තිබුණි .. එනම් " සිංහලයා බොහෝ සමීපයෙන් ඇසුරු කොට ක්ෂණයකින් පාවා දෙන්නෙකි .. යන ප්‍රකාශයය.

පසුව මම සිත සාදා ගතිමි. බලාගෙන ගියාම එය ඇත්තක්නේ ....
ඔබම කල්පනා කර බලන්න ... ඔබේ ගමේ , නගරයේ , ඔබ ආයතනයේ , පාවා දෙන්නන් කොපමණ සිටීද ....?
පාවා දෙන්නන්ට ජාති බේදයක් නෑ තමයි....නමුත් ලංකාවෙ සිංහල ජනයා වැඩි නිසා අනිවාර්යයෙන්ම ඕක අපේ උඩින් තමා යන්නෙ.
කෙසේ වුවත් පොතේ රසයට එය බාධාවක් නොවේ ...
ලංසින්ගේ සමාජය පිළිබඳ කිසිම විළි බියකින් තොරව, අවංකව ලියා ඇති මේ පොත ඉතා අශ්ලීල යැයි කෙනෙකුට සිතෙනු ඇත.
පහතින් දක්වා ඇත්තේ උපුටා ගත් කොටසකි.   
      













මේ පොතේ මා දකින විශේෂත්වය නම් අව්‍යාජත්වයයි.
ඇත්තෙන්ම මුලදී මෙය කියවන විට එපා වෙන ගතියකි දැනෙන්නේ.... නමුත් අමාරුවෙන් වුවත් දෙවන වර කියවන විටය එහි ඇති උපහාස රසය හොඳාකාර වැටහෙන්නේ... එවිට මෙය හිනා කාගෙන බැලිය යුතු පොතකි.
1930 න් පසු ලංසි සමාජය පමණක් නොව මුලු මහත් ලාංකික සමාජයම අපූරුවට උපහාසයෙන් යුතුව විග්‍රහ කෙරෙන පොතකි .
1993 දී හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි ග්‍රේෂන් සම්මානය මේ පොත විසින් දිනාගෙන ඇත්තේ එහෙයිනි.
ලේ පිරිසිදු වීම සඳහා මේ පොත සොයාගෙන කියවන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිමි.