Powered By Blogger

Sunday, August 19, 2012

ගඟ මැද කඩේ




කලින් කිව්ව වගේ ... මාදු ගඟේ තියෙන කුඩාම දූපත දැක්කනේ.
තව මහ ගොඩක් දේවල් එහෙදි දැක්ක වුනත් ... [ඒව පස්සෙ ටික ටික කියන්නම්]
විශේෂයෙන් දැක්ක .. වැඩිය අපිට දකින්න හම්බවෙන්නෙ නැති දෙයක් ගැන කියන්නයි යන්නෙ. මාදු ගඟේ දැනට ගිහිල්ල තියෙන උදවිය මේක දැකලත් ඇති. සහ ගනුදෙනු කරලත් ඇති.


මේක තමයි ජලාශයක් මැද තියෙන ..[ශ්‍රී ලංකාවෙ] මම දැකපු එකම කඩේ.
[තව කොහෙ හරි තියෙනවද කියල මම හරියටම දන්නෙ නෑ]
ඔබ බඩු ගන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ඔරුවකින් හෝ බෝට්ටුවකින් යා යුතුයි. එහෙම යන්න අකමැති නම් පීනගෙන යන්නත් පුලුවන් ... [හැබැයි අර පාන් කන කිඹුලන්ගෙන් බේරිල .. හි .. හි ..]
මේ කඩේට මම දැකපු විදිහට ගනුදෙනු කරුවන්ගෙත් අඩුවකුත් නෑ ... හැබැයි ඒ හුඟ දෙනෙක් විදේශිකයො.


 [මං හිතන විදිහට ස්වදේශිකයො වැඩිය යන්නෙ නැත්තෙ .. මිළ ගණන් අධිකයි කියල හිතලද කියන්නත් බෑ ]
ඒ නැතත් .. ''තව ටිකකින් ගොඩට යනවනෙ. එතකොට ඕන දෙයක් ගන්න බැරියැ '' යන අදහසින් ඉන්න නිසාද කියල කියන්නත් බෑ.
කොහොම වුනත් .. ඔයාලත් මාදු ගඟ බලන්න යනවනම් ..  මේ අමුතු කඩේටත් ගොඩවෙලා බලන්න.
හරි අමුතු අත්දැකීමක් වෙනවා සිකුරුයි.



Saturday, August 18, 2012

පොඩිම දූපත




මේ තියෙන්නෙ ලංකාව ඇතුළත තියෙන ජලාශයක තිබෙන පොඩිම දූපතයි.
මේකට කියන්නෙ සත පහ දූපත කියලයි ...
අපිත් හිතුවෙ මේක සත පහක හැඩය ගත්ත නිසා ඒ නම දාල ඇති කියල වුනත් ...
පසුව දැනගන්න ලැබුණා ...පංසලක් එහෙම නැත්නම් දේවාළයක් වගේ එකක් හදවන්න මේක මිළ දී ගෙන තියෙන්නෙ සත පහක මුදලකට නිසා ඒ නම ලැබුණු බව.
පසුව ඒ අදහස වෙනස් වෙලා ඊට ටිකක් ලොකු දූපතක පංසල හදල තියෙනව. [නමුත් සතපහ දූපතේ නටබුන් තවම දකින්නට පුලුවන්]
මේ දූපත මාදු ගඟ මැද්දෙ තියෙන ලස්සන දූපත් වලින් එකක්.


කැමති අයට පීනගෙන ගිහිල්ල බලන්න පුලුවන් ... හැබැයි කිඹුලො ඉන්නවා ...ලු ...