Powered By Blogger

Thursday, December 19, 2013

කණගාටුයි මිතුරනි ...



කණගාටුයි මිතුරනි ...  දැන් මාස තුනකුත් පහු වුනා .. මොනව හරි ලිව්වෙ නැත්නම් මට කෙල වෙයි දෝ ... [ මට කිව්වෙ මගෙ බ්ලොග් එකට ]

අම්මපල්ලා ... හෙටම මොනව හරි ලියනව ලියනවමයි

Wednesday, September 11, 2013

පෝන් එකකට සිංහල අකුරු දමා ගැනීම .





 

මිත්‍රවරුනි ...

ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් 4.1.1 ට සිංහල අකුරු [යුනිකෝඩ්ස්] දමා ගන්නේ කොහොමද ...  ?

ඉන්පසු මට වෙනදා වගේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය භාවිතා කරමින් ලිවිය හැකි වේවිද ...?

[ දැන් ඉතින් බනින්න එපා ... මේව මෙතන අහන්න එපා ... පෝරම් එකකට පළයන් .. ආදිය කියමින්.

මට පුරුදු මේ බ්ලොග් එකනෙ. ඒ නිසා ප්‍රශ්නයක් මතු උනාම මෙතන තමයි  ලියන්නෙ. කාට හරි තරහ ආව නම් කණගාටුයි.]

Thursday, August 29, 2013

අද වැනි දිනක ....



 

නිහඬ බව ...
සුන්දරය ඔබ ....
නිහඬ බව ....
පිවිතුරුය ඔබ ..
නිහඬ බව ..
විස්මිතයි ඔබ ..
නිහඬ බව .....
නිහඬ බව .....
සමහර විට ...
සිත පාරවයි ඔබ ...
නැත ...
නැත ...
අති බිහිසුණුය ඔබ ...


 

[ මම හුඟක් ම ආදරෙන් හිටියා වූ ද...

 කරුණාවන්ත යැයි මා වරදවා හිතාගත්තා වූ ද  ..

මා මෙන්ම සංවේදීය කියා නුහුරට හිතුවා වූ ද  ...

එහෙත් අවාසනාවට එසේ නොවුනා වූ ද ...

 මගෙ හිතවතිය අමනාප  වීමේ සැමරුමයි ]

Saturday, May 25, 2013

'' Paula ''



අයියන්ඩේ ... කිව්වම කිව්වම ඔයගොල්ලොන් ට මොන වගේ දෙයක් ද හිතෙන්නෙ.
මට නම් හුඟක් ම පුංචි කාලෙ ඉඳල මේක මතකයට හුරු නමක් වෙනවා.
සමහර අයට මේක පුදුමයක් වගෙ පෙනුන වුනත් ... පුංචි කාලෙ අපෙ හිත්වලට කා වදින සමහර දේවල් ලේසියෙන් මැකී යන්නෙ නෑ.
මං පුංචිම කාලෙ මේ නම මට හමුවන්නෙ එක්තරා පුවත් පතක තිබිලයි.
එහි කාටුන් එකක පින්තූරෙ මෙහෙමයි තිබුනෙ.
ඉරි ඉරි යැංකි තොප්පියක් දා ගත්ත .. කෝට් ඇඳපු මිනිහෙක් .. තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නව.
තුවක්කුවෙ මෙහෙම ලියල තියෙනව. ''C I A '' .
එතනම බිම දියරයක් ගලාගෙන ගියා වගෙ ලොකු පැල්ලමක් තියෙනව. ඒකෙ ලියල තියෙනව '' අයියන්ඩේ ගෙ ලේ '' කියල.
මේක මට ඒ වයසෙදි නොතේරුනා වුනත් [ හුඟ කාලයක් මං ඒක තේරුම් ගන්න උත්සාහ කළා]
ඒ කාටූන් එක හැමදා ම මට මතක තිබුන. [ මේ දැනුත් ඒක මැවිල පේනව වගෙ]
ඉතින් මේ නම මට දැන් ආපහු මතක් වුනේ මේ දවස්වල කියවපු පොතක් නිසයි. ඒක ලියල තියෙන්නෙත් ''අයියන්ඩේ'' කෙනෙක්. [අර අයියන්ඩේ පරපුරේම ඥාතියෙක් වෙන්න ඇති]
මෙහි එන කතාව… තමාගෙ මරණාසන්න දුව වෙනුවෙන් කරන පාපොච්චාරණයක් වගෙ පෙනුන වුනත් .. සමහරවිට ඇගෙ සැබෑම ජීවිත කතාව වෙන්නත් පුලුවන්.
මේකෙදිත් විස්තර වෙන්නෙ .. අධිරාජ්යවාදීන් සහ ඔවුන්ගෙ ඝාතකයන්ගෙන් බේරීම සඳහා ඇය රටින් රට පැන යමින් .. සැඟවෙමින් ජීවත් වෙන ආකාරය වගේම තමාගෙ ලිවීමේ කලාව නොනැසී රැකගත් ආකාරය ...
මේ පොත අපේ සිංහල භාෂාවට පරිවර්තන කරල තියෙන්නෙ භද්රජී මහත්මයා විසින්. එතුමගෙ පරිවර්තන ගැන ඔයාලට ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉස්තරම් විදිහට කරල තියෙනව.
කියවපු නැති හැමෝම හොයගෙන කියවල බලන්නය කියල ඉල්ලා හිටිනව.
අයියන්ඩේ ... කිව්වම කිව්වම ඔයගොල්ලොන් ට මොන වගේ දෙයක් ද හිතෙන්නෙ. 
මට නම්  හුඟක් ම පුංචි කාලෙ ඉඳල මේක  මතකයට හුරු නමක් වෙනවා.
සමහර අයට මේක පුදුමයක් වගෙ පෙනුන වුනත් ... පුංචි කාලෙ අපෙ හිත්වලට කා වදින සමහර දේවල් ලේසියෙන් මැකී යන්නෙ නෑ.
මං පුංචිම කාලෙ මේ නම මට හමුවන්නෙ එක්තරා පුවත් පතක තිබිලයි.
එහි  කාටුන් එකක පින්තූරෙ  මෙහෙමයි තිබුනෙ.
ඉරි ඉරි යැංකි තොප්පියක් දා ගත්ත .. කෝට් ඇඳපු මිනිහෙක් .. තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නව.
තුවක්කුවෙ මෙහෙම ලියල තියෙනව. ''C I A '' .
එතනම බිම දියරයක් ගලාගෙන ගියා වගෙ ලොකු පැල්ලමක් තියෙනව. ඒකෙ ලියල තියෙනව '' අයියන්ඩේ ගෙ ලේ '' කියල.
මේක මට ඒ වයසෙදි නොතේරුනා වුනත්  [ හුඟ කාලයක් මං ඒක තේරුම් ගන්න උත්සාහ කළා]
ඒ කාටූන් එක හැමදා ම මට  මතක තිබුන. [ මේ දැනුත් ඒක  මැවිල පේනව වගෙ]
ඉතින් මේ නම මට දැන් ආපහු මතක් වුනේ මේ දවස්වල කියවපු පොතක් නිසයි. ඒක ලියල තියෙන්නෙත් ''අයියන්ඩේ'' කෙනෙක්.   [අර අයියන්ඩේ පරපුරේම ඥාතියෙක් වෙන්න ඇති]
මෙහි එන කතාව…  තමාගෙ මරණාසන්න දුව වෙනුවෙන් කරන පාපොච්චාරණයක් වගෙ පෙනුන වුනත් .. සමහරවිට ඇගෙ සැබෑම  ජීවිත කතාව වෙන්නත් පුලුවන්. 
මේකෙදිත් විස්තර වෙන්නෙ .. අධිරාජ්යෙවාදීන් සහ ඔවුන්ගෙ ඝාතකයන්ගෙන් බේරීම සඳහා ඇය රටින් රට පැන යමින් .. සැඟවෙමින් ජීවත් වෙන ආකාරය වගේම තමාගෙ ලිවීමේ කලාව නොනැසී  රැකගත් ආකාරය ...
මේ පොත අපේ සිංහල භාෂාවට පරිවර්තන කරල තියෙන්නෙ භද්ර ජී මහත්මයා විසින්. එතුමගෙ පරිවර්තන ගැන ඔයාලට ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉස්තරම් විදිහට කරල තියෙනව.
කියවපු නැති හැමෝම හොයගෙන කියවල බලන්නය කියල ඉල්ලා හිටිනව.

Sunday, March 31, 2013

''කෝනා''


අද ලියන්න යන්නෙ .. පරණ , එහෙත් අපිට හුඟක් වැදගත් පොතක් පිළිබඳව. මේ ගැන මීට ප්‍රථම අපේ පොත් කියවන්නන්ගෙ කණ්ඩායමෙත් සාකච්චා වුනා මට මතකයි මාස කීපයකට පෙර.

මේ පොතේ සඳහන් වෙන්නෙ නම් ප්‍රථම මුද්‍රණය 2001 දි යනුවෙන්. නමුත් මට එය පිළිගන්නට ටිකක් අමාරුයි.  මක් නිසා ද යත් ...  මම මේක කියෙව්වෙ මීට බොහෝ කලකට පෙර පාසැල් වියේදි. සමහර විට  පරිවර්තනය කරපු .. අනුල ද සිල්වා මහත්මිය නව මුද්‍රණයක් විදිහට එළිදැක්වුවාද කියලත් කියන්න බෑනෙ. [ නමුත් පොතේ කොතනකවත් එහෙම සඳහන් වෙන්නෙත් නෑ]

ඒ නිසා මම කියවල තියෙන පොත වෙන කෙනෙකුගෙ පරිවර්තනයක් වෙන්න ඕන. මට මතක විදිහට ඒ පොත මීට වඩා ඝනකම වැඩි වගේම පළලිනුත් වැඩියි.

කොහොම වුනත් කමක් නෑ .. ඒ පොත නැවත කියවන්නට ලැබීම නම් මට සතුටට කාරණාවක්. දැන් කාලෙ ඉන්න ළමයින් මේ වගෙ පොත් තමයි හරිනම් හොයාගෙන කියවන්නත් ඕන.
 

දුටු ගැමුණු කුමාරයා ...  වන වැදී සේනාව රැස්කර .. එළාර සමග යුද වැදුන පුවත .. අප නොදන්නා තවත් සිද්ධීන් මාලාවක් සමග රසවත් ව ගළපා ඉදිරිපත් කිරීමක් තමයි මේ පොතේ තියෙන්නෙ.

DENIS CLARK නැමති ලේඛකයා මීට වසර හැටකට පමණ පෙර ලියපු  GOLDEN ISLAND කියන පොත තමයි මේක.

ලිව්වෙ විදේශිකයෙක් වුනත් .. අපේ රට ගැන හොඳ අවබෝධයකිනුයි ඔහු මේක ලියල තියෙන්නෙ. ලොකු පොඩි ඕනම කෙනෙකුට කදිමයි.

ඉතින් .. කියවපු නැති හැමෝම හොයාගෙන කියවලා බලන්න ය කියල ඉල්ලා හිටිනවා .

 

ප්‍රකාශනය   ... තාරක ප්‍රකාශකයෝ

මුද්‍රණය  .... එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්

මිළ රුපියල්   200.00

I S B N    955 - 8091 - 82 - 8
 
 

Tuesday, January 29, 2013

ගම්පහ ගෙට්ටුවට ගිය ඇනොනිමසා - 2



 

කොහොමහරි ඉතින් ගිණිපූටකේ ... මේ ජෝඩු දෙක පස්සෙන් ගිහින් ..  පාක් එකේ දොරටුව ලඟට ආවා.
 
 

හැබැයි ඒකට ඇතුල් වුනාට පස්සෙ නම්... ෂහ් ... නිවන් ගියා වගේ. හරිම ලස්සන උද්‍යානයක්. පිච්චි පිච්චි තිබුන ඇස්ගෙඩි දෙක මතට සිහිල් දිය පොදක් වැක්කෙරුවා වාගෙයි දැනුනේ. විසල් ගස් යට හීල් හෙවන .. ඇඟේ තිබ්බ දාහ ගතිය නිකම් ම නිවිල ගියා.

ඇතුලු වෙන තැන ඉඳල තියෙන ... දෙපස තල්ගස් වලින් සැරසුන ... මාවත දුටුවම මම පුදුමයට පත් වුනා. අපේ පළාතෙ තියෙන එකෙත් [පේරාදෙණි මල්වත්ත] මේ විදිහෙම පාරක් තියෙනවා. පුදුම විදිහට සමානයි.
 
 

මම ඉතින් දැන් හරි සතුටෙන් ඇවිදගෙන යනවා ඒ පාර දිගේ. ටික දුරක් යනකොට ඔන්න ඇහෙනවා ගිඩි .. ගිඩි .. දෙමෝලෙන් වී පාහිනවා වාගේ සද්දේ. අනිවා .. අපේ එවුන් ඔතන තමයි ඇත්තේ ... මං හිතුවා. නමුත් එතෙන්ට යන්න මම ඉක්මන් වුනේ නෑ..

මොකද .. මම පළවෙනි වතාවට නෙ මේකට ආවේ. ඉතින් බලන්න දේවල් එමටයි. පුදුමාකාර විදිහට හැමතැනම නොයෙකුත් වරිගයෙ ජෝඩු.  [ මං හිතන්නෙ අහළ ගම් පහෙන් ම ආපු කට්ටිය හිටියා ]  එතකොට .. ලස්සන ලස්සන ගස් ජාති ..  සත්තු .. [ වඳුරු වරිග දෙකක් හිටියා ] මහ විශාල මල් වත්තක් නේ. මම ඇවිද ඇවිද නරඹන්න පටන් ගත්තා.
 
 
 

ඔහොම ගස් අස්සෙ ඇවිදිමින් හිටියට අපේ කට්ටියගෙ කතා බහ මට හොඳට ඇහෙනවා. [ඇයි .. පළාතටම ඇහෙන්ට ලවුස්කීපර් දාල නේ ]  ඔන්න ටික වෙලාවකින් .. ලස්සන ම ලස්සන නිවේදිකාවක් ඇවිත් මයික්‍රපෝනය තමා ගෙ සුදු අතට ගත්තා. ගස් අස්සෙ හිටපු මම ඒක දැක්කෙ නෑ තමයි .. නමුත් මට දැනෙනවා ඒක එහෙමයි කියලා.

තමාට හිමි මිහිරි කටහඬින් ඈ මෙහෙම කියනවා ..

''මේ බ්ලොග් හමුවට පැමිණි ප්‍රිය මිතුරු මිතුරියනී .. දැන් අපි තවත් යාලුවන් කීප දෙනෙකු  දැනහඳුනා ගනිමුකො ..''

මාත් ඉතින් මේ ගහ යට ඉඳන් හිතෙන් කිවා .. ඔව් .. ඔව් ... ගනිමුකො .. ගනිමුකො ...

සංවාදය මෙහෙමයි ..

මෙන්න ඉන්නවා අපේ බ්ලොග් හමුවට ආපු තවත් කෙනෙක්..

නම කියන්න කෝ ...

මම අසවලා ..

කොහෙ ඉඳල ආවේ ...

අසවල් තැන ඉඳන් ...

හරි .. දැන් අපට කියන්න බලන්න .. මේ බ්ලොග් හමුව පිළිබඳ ව ඔබගේ අදහස් ...?

නිහඬ ව සිටී. [ ඈත ඉඳන් අහගෙන ඉන්න මට මල පනී. ඇයි යකෝ උත්තර දීපියකො .. මම හිතෙන් ගෙරෙව්වා ]

හරි එහෙමනම් කියන්නකො .. ඔබට මේ අපේ හමුව ගැන දැනෙන්නෙ මොනවද ..? ඒ කියන්නෙ මොන වගෙ හැඟීමක් ද එන්නෙ ...?

මට දැන් දැනෙන්නෙ .. දැනෙන්නෙ .. ලොකු බඩගින්නක්බඩගිනි වගෙ හැඟීමක් තමයි එන්නෙ. [සබාවේ සිනා .. නමුත් නිවේදිකාව සිනා නොම සුනා .. දසන් විතරක් දක්වා නිකා හිටියාය ]

හරි .. කෑමවල පොඩි ප්‍රමාදයක් තියෙනවා .. අපේ සෑමා මහතා ඒ පිළිබඳව සොයාබැලීමට ගියා. ඉක්මනටම කෑම ලැබෙනවා ඇති.

[මේ උත්තරයට නම් මටත් ටිකක් තරහ ගියා .. මෙතෙන්දි .. මූට ''බඩගිනි'' වගෙ බාල වචනයක් නොකියා '' ලැම්බොගිනි'' වගේ ටිකක්  හරයක් තියෙන..  වටිනා වචනයක් කියන්න තිබුනනෙ .. නොදකින් විතරක් ... ]

හොඳයි කමක් නෑ .. .. මෙන්න තව එක්කෙනෙක් .. ඉන්නවා අඳුනාගන්න අපේ බ්ලොග් හමුවට ආපු.

ඔබතුමාගෙ නම කියන්නකො බලන්න. ..

මගෙ නම අසවලා ...

එහෙනම් කියන්න බලන්න ලියන බ්ලොග් එක මොකක් ද කියලා ..

අනෙ මම බ්ලොග් ලියන්නෙ නම් නෑ ...

එහෙනම් .. බ්ලොග් කියවල .. කමෙන්ට් කරනව විතර ද ..?

අනෙ මම කමෙන්ට් කරන්නෙත් නෑ ..

එහෙනම් මොන මගුලකට ද යකෝ උඹ ආවෙ ..?  වැනි පැනයක් .. නිවේදිකාව මිහිරි හඬින් අසනු ඇතැයි මා කට ඇරගෙන බලා හිටියත් .. ඇය එසේ ඇසුවේ නෑ   [ ඈ හරි කපටියි .. අනුන්ගෙ සිත් රිදවන්ට කැමති නෑ වාගෙ ...]

ඒ වෙනුවට ඇහුවෙ වෙන එකක්...

ඔබ දැන් තනියමද ආවෙ ...?

නෑ .. මම මගෙ බිරිඳයි පුතාවයි එක්කං ආවා.

ෂා .. නියමයි නේ ..ඒ කියන්නේ මේව බලල .. පුතත් ලොකු වුනාම බ්ලොග් එකක් ලියාවි නේ ...

උත්තර නැත ...

[මම ඒ වෙලාවෙ හිටියෙ පිට්ටනිය අසළ තිබුන කොණ්ඩෙ කොට ට කපපු ලස්සන කිතුල් ගසක් පොටෝ ගනිමින් .. ]
 
 

ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන්නෙ නැති වුනාම .. මට ආයෙත් තරහ ගියා. ඇයි බොලං .. කියාපියකො හයියෙන් .. පුතා තව ටිකක් ලොකු වුනාම බ්ලොග් එකක් ලියන්ට පුරුදු කරනව ය කියල. .. කොහෙද ඒවට කට නෑ ...

ඒ වෙනුවට මෙයා කිව්වෙ වෙන කතාවක්.

මට බයයි ...

ඒ පාර නම් නිවේදිකාවත් බය වුනා වාගෙ වුනා ...

ඈ බයෙන් බයෙන් අහනව .. මොනවටද ඔයා බය ...?

මේ ... මේ ... බ්ලොග් වලට ...

බ්ලොග්වල බය වෙන්න දෙයක් නෑනෙ ...

නැත්තෙ මොක ද ...?

බය වෙන්න මොනවද තියෙන්නෙ ...?

දැන් ඔය මගෙ බිරිඳ ඉන්නවනෙ ..

ඔව් .. ඔව් ... ඉතින් ..

ඉතින් .. එයා දැන් මට වඩා උනන්දුයි මේ බ්ලොග් කෙරුවාව ගැන .. නිතරම බ්ලොග් කියවනව.

ඉතින් හොඳයි නෙ...

මොන හොඳක් ද ... [බෙරි කරගත් මුහුණින් යුතුව] ලඟදිම බ්ලොගක් ලියන්ටත් පටන් ගනීවි.

ඉතින් ඒක වඩාත් හොඳයි නෙ ..

මොන හොඳක් ද ... [ඇඬුම්බර හඬකින් ..] එයා ඕකට ඇබ්බැහි වුනාම .. උයන පිහන එක .. හැලිවළං හෝදන එක .. අතුපතු ගානවැඩ .. රෙදි හෝදන එව්ව .. වගෙ ගෙදර අනික් වැඩ ඔක්කොම මගෙ කර උඩ වැටෙනව කියන එක ඔයාට තේරෙන්නෙ නෑ නේද ...?

නිවේදිකාව සමග සබාවේ සිනා...  මා අවට බංකුවල සිටි පෙම්වතුන් ගේ පෙම්වතියන්ටත් සිනා. නමුත් මම සිනා නොවෙමි. ඌ බයවීම සාධාරණ බව මට වැටහේ ...

තවත් කීපදෙනෙකු අඳුනා ගැනීමට තිබුනා වූ අවස්ථාව ගිළිහී ගියා   ... සෑමා විසින් කෑම ලොරිය රැගෙන ආ නිසා ... සුන්දර නිවේදිකා ව මෙසේ කීවාය.

දැන් ළමායි .. දෙක පහුවෙලා වුනත් තවමත් දහවල් කෑම වේලාව ගෙවී ගිහින් නැහැ ... එබැවින් ..  එය ගෙවී යාමට මත්තෙන් පැමිණ ආහාර ගන්නා ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිමි.

තව යහලුවන් හඳුනාගැනීමත් .. ක්‍රීඩාවල ඉතුරු බිතුරුත් .. විශෙෂයෙන් .. කාන්තාවන් ගේ  තොප්පි තරඟයත් .. ආහාර ගැනීමෙන් අනතුරුව සළකා බැලෙනු ඇත. ස්තූතියි...

ගිඩි ... ගිඩි .. ගිඩි .. ගිඩි .. ඔන්න සෙටප් එක කෑම කන තාලයක සංගීතයක් පටන් ගත්තා.
 
 
 

මාත් ඉතින් ගස් අස්සෙ ඉඳන් ම බඩ පොඩ්ඩක් අතගාල බැලුව කොහොම ද කියල. අපරාදෙ කියන්න බෑ .. ගල්ගෙඩිය වගෙ යස අගේට තියෙන්නෙ. බඩගිණි වත් ලැම්බොගිණි වත් පැත්ත පළාතක නෑ.

ඇයි ඉතින් .. ගෙදරින් එනකොට කැකුලු හාලෙ බත් හොඳට කොටාබාල නෙව ආවේ .. ඒ මදිවට කෝච්චියෙන් බැහැපු ගමන් අර සෝයා එකෙන් තඩි අයිස්කිරිමකුත් පත බෑවනෙ. ආයෙ කොහෙ කන්ටද ..

[ නැත්තං මම ද පුතයා .. කෑම කිව්වොත් උදුරගෙන කන්නෙ .. හැක් .. හැක් ..]

කොහොම වුනත් මේ බ්ලොග් හමුව .. හොඳට කෙරුනා .. කියල කෙටියෙන් කියන්න පුලුවන්. පසුගිය වසරෙ එකට වඩා කට්ටිය නම් පොඩ්ඩක් අඩුයි වගෙ දැනුනා තමයි.

ඒත් ලැබුවා වූ සතුටෙහි සහ විනෝදයෙහි අඩුවක් නැති බවයි මගෙ නම් හැඟීම.

[ බොලා එකිනෙකා හමුවෙමින් .. කතා බහ කරමින්.. ගී ගයමින්.. ලැබුවා වූ සතුට පසෙක සිට බලා හිඳිමින් මමත් එසේම ලැබුවා .. ඒකෙ ආයෙ දෙකක් නෑ ]

මට මේක අමුතු අත්දැකීමක් වුනා .. බ්ලොග්කරුවෙකු ගේ භූමිකාවෙන් සම්පූර්ණයෙන් ම මිදී .. පිටස්තරයෙකු ලෙස  සිටිමින් බ්ලොග් හමුවක් දෙස බැලීමේ අවස්ථාව මට ලැබුනා. ඒ වගෙම බ්ලොග් ලියන්නෙ නැති අනෙක් මිනිස්සු .. අපි දිහා බලන්නෙ කොහොමද කියන එකත් දැනගන්න ලැබුනා.

මොකද .. මම .. මෙහි ඇවිදිමින් ..  සිකුරිටි මල්ලිලා සහ අයියලා .. එතකොට ගස්වලට වතුර දාපු නංගිලා .. පිටතින් උද්‍යානය නැරඹීමට පැමිණි සාමාන්‍ය මිනිස්සු සමග කතා බහ කළා. කොටින් ම මෙහි සිටි සමහර පෙම්වතුන්ගෙ අදහස් පවා මම විමසා බැලුවා. ඔබට මතක ඇති අපේ හමුව තිබූ පිට්ටනිය වටේට ම බංකු තිබුනා. ඒ හැම බංකුවකම යුවළක් බැගිනුත් හිටියා .. අපි උදේ ඉඳන් ම කරපු කියපු දේවල් එයාල දැක්කා .. ඇහුවා .. ඉතින් මේ පිළිබඳ ඒ ගොල්ලන්ගෙ මතය දැනගන්න මට ඕන වුනා.

ඒව මෙතන ලියන්නෙ නෑ .. පස්සෙ වෙනම ලිපියක් විදිහට දාන්න බලාපොරොත්තු වෙනවා.

ප. ලි .

පොඩි නිවැරදි කිරීමක් දෙකක් කරන්න ඕන ..

පළමු ලිපියේ සඳහන් වුනා .. මේක සංවිධානය කළ ..සෑමා සහ අඩ්ව් ගුණේ යනුවෙන්. එය නිවැරදි වෙන්න ඕන සෑමා සහ පච්ච සිරා විදිහට .. 

ආහ් .. ආයෙත් වැරදුනා .. සමාවෙන්න ඕන .. සෑමා සහ සිරා ගෙ කාමරේ සිරා යනුවෙන්..

ඔහු නම් සිරාවට ම සිරා පොරක් වෙන්න ඕන.

ඒ දෙපොල හැරුනාම තවත් බොහෝ දෙනෙක් මේක සංවිධානය කරන්නට  උදව් වෙන්න ඇති. මට නම් වශයෙන් මතක නෑ .. නමුත් .. ඒ හැමෝටම මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි ..

ලබන වසරෙත් මේ විදිහට කවුරුහරි මූලිකත්වය ගෙන බ්ලොග් හමුවක් කොහෙදි හරි සංවිධානය කරාවි නේ.

ඒකෙදි අපි නැවත මුණ ගැහෙමු.
 
 
 
 
 

 

 

Sunday, January 27, 2013

ගම්පහ ගෙට්ටුවට ගිය ඇනෝනිමසා ...




මෙදා සැරේ බ්ලොග් හමුව ගම්පහ පැත්තෙ කරන්ට ලු අපේ සෑමා යි  අඩව් ගුනෙයි ඇතුලු සංවිධායක මණ්ඩලය කටයුතු කාරණා ලෑස්ති කරල තිබුනෙ.
මං තුමා ඕකට යනවද ... නොයනවද .. කියන එක ගැන දෙඩියාවෙන් ලු හිටියෙ ඕං.
ඒ හින්දම අර පෝර්ම කොළෙත් පිරෙව්වෙ නෑ කියන්නෙ.
නමුත් දවස උදා උනාම .. ඉවසන් ඉන්නම බැරි වුනා. ඔය බ්ලොග් හමු ආරම්භ කළ දා ඉඳන් ම හැම එකකටම වගෙ සහභාගි වුන එකේ .. මේක විතරක් අතහරින්ට හිත දුන්නෙ නෑ.
ඉතින් මාත් උදෙන් ම පිටත් වුනා ලු ... හුඟ කාලෙකින් කෝච්චි පොජ්ජෙ මංගැච්චුවෙ නැති හින් ද ඒවයින් එකක තමයි ඔන්න ගියෙ. හප්පා .. අද ඉරිද වෙලත් මේවයෙ යන්ට ඉන්න සෙනග කන්දරාව බොලං.


 ඉරිද දවසෙ තමන්ගෙ වැඩක් කරාගෙන ගෙදරට වෙලා ඉන්නෙ නැතුව .. මේ මිනිස්සු මොන මගුලක යනවද කියල හිතෙනව. ඉස්ටේසන් පොජ්ජෙ හිටපු සෙනග දැක්කම හිතුන දෙයක් තමයි .. .. එක්කො මේ ඉස්ටේසන් කාරයො .. හිතලම කෝච්චි අඩු කරනව ඉරිදට. එහෙම නැත්නම් බොරුවට ටෙලිපෝං කරල මිනිස්සුන් ව ගෙන්න ගන්නව ඉස්ටේසමට .. අපිට හොඳට සෙනග ඉන්නව කියල පෙන්නන්න ... [අර සමහර දේශපාලකයො වගෙ ]
ඒක ඇත්ත බව ඔප්පු වුනා මම කෝච්චියෙ ඇතුලෙ හිටගෙන ඉන්නකොට ඇහුන නිවේදනයකින්. ඔය ඉස්ටේසන් වල ඉන්න එනවුසර්ල ඉන්නව නේද ..? .. මහ එපා ම කරපු ජාතිය. මේ ලෝකෙ මිනිහෙකුට තේරෙන්න නෙවෙයි එනවුස් කරන්නෙ. මං පොඩි කාලෙත් ඒක එහෙම්ම මයි .. දැනුත් එහෙමයි. මුං හැදෙන්ට තව කල් යනව මං හිතන්නෙ.  [ මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් .. ඔය ප්‍රධාන පෙලේ ඉස්ටේසමකට ගිහින් පොඩ්ඩක් අහගෙන ඉඳල බලන්න ]
ඉතින් මං මේක ඇතුලෙ හිටගෙන ඉන්නකොට ඇහුනෙ මෙහෙමයි ...
'' මී ලඟට වේයන්ගොඩ බලා යාමට නියමිත දුම්රිය .. දුම්රියක් නොවේ  ''  [ එයින් අදහස් වුනේ ඒ දුම්රිය අවලංගු කළ බවයි ]
ඉතින් මොකද වුනේ .. ඊ ලඟ එකේ යන්න හිටපු මිනිස්සුත්  ඇවිත් අපේ එකේ එල්ලුනා. අපි තවත් හිරවෙල තද වුන එක විතරයි වුනෙ.


කොහොම කොහොම හරි ඔන්න ගම්පහටත් ආවා. [ටිකට් නැතුව එන්ට ෂෝක් ටවුම. අපරාදෙ ටිකට් ගත්තෙ .. අපි කාගෙවත් ටිකට් පරීක්ෂාවකින් තොරව .. අර පඩිපෙළ දිගේ නැගල ටවුමට ම බහින්න  පුලුවන් වුනා ලේසියෙන් ම ]
... ගම්පහ කීපවතාවක් ම ගිහිල්ල තිබුනට .. පාක් එකට ගියෙ නැති නිසා තැන හරියටම දන්නෙත් නෑ. 
[ මෙහෙ ඉන්නවයි කියන මගෙ යාලුවො වෙච්ච ... තරු රාශිය .. තිලානි .. මරණෙ ... එහෙම මතක් වුනා තමයි. ඒත් මේ වෙලාවෙ කොහෙන් හොයන්න ද ඒ ගොල්ලො ...]
එතන තිබ්බ සෝයා අයිස්ක්‍රීම් හලේ [ ෂහ් .. එතන හරි පිරිසිදුයි ] කොල්ලො කෙල්ලො ඒව කනව බොහොම ප්‍රීතියෙන්. කොල්ලෙක් නොවුනත් ඉතින් පැන්න ගමන් මාත් එකක් කෑව ඒ ප්‍රීතියෙන් ම. කන ගමන් ම වටපිට බැලුවෙ .. පාක් එකට යන පාර අහන්න කවුරුහරි ඉන්නවද කියලයි. අහා .. මගෙ දකුණු පැත්තෙ මේ ඉන්නෙ අයිස්ක්‍රීම් කකා බොහොම ලස්සන හුරුබුහුටි ගැහ්ළමයි දෙන්නෙක්. කන ගමන් දෙන්න ලොකු කතාවක්... සමහරවිට කොල්ලො ගැන වෙන්න ඇති.
මම ඉතින් තව ටිකක් කිට්ටු වුනා.. මෙහ් .. නංගිලා .. මට පාක් එකට යන පාර පොඩ්ඩක් කියන්න පුලුවන්ද...? හුහ් .. මුන් දෙන්න මට රවපු රැවිල්ලට මාව පස්සට වීසි වුනා නිකම්ම. හොඳ වෙලාවට මම ඒ ප්‍රශ්නෙ හිතෙන් ඇහැව්වෙ. කටින් ඇහැව්වනම් ගුටිත් කන්ට තිබ්බ අයිස්ක්‍රීම් එක්ක. [ ඒ වෙලාවෙ මමත් එකක් කකා නෙ හිටියෙ ]
මේ ගම්පහ කෙල්ලො හරි ආඩම්බරයි වාගෙ .
ඔන්න එතකොටම ආපි ටෙලිකොම් එකේ ත්‍රීවීල් එකක්. ටෙලිපෝන් රෙපෙයාර් යන ගමන් අයිස්ක්‍රීම් කන්ට ඇවිත්. මම ඉතින් ගිහින් කතා කළා .. මලයො .. මට පාක් එකට යන පාර දැනගන්න පුලුවන්ද ..?
එකෙක් නම් හිනාවුනෙ නිකම් නෝන්ඩියට වාගෙ. ඒ වුනාට අනෙකා මා කෙරෙහි වූ කරුණාවෙන් .. විස්තර කරන්ට පටන් ගත්ත ..   අයියෝ .. ගොඩක් දුර නෑ ..මේ ලඟ ...
එතකොට ම මිනිහට යමක් මතක් වුනා ...
 ''අයියා .. දැන් මේ අයිස්ක්‍රීම් එහෙම කාල යන කොල්ලො .. කෙල්ලො ඉන්නව නේද ... මෙයාල මේ ක්ලාස් ඉවරවෙල යන ගමන් .. හුඟ දෙනෙක් පාක් එකට තමයි යන්නෙ. අයියට තියෙන්නෙ මෙයාල ගෙ පස්සෙන් යන එකයි''
 බොලේ .. හැබෑට .. පින්සිද්ද වෙනව මලයො .. කියපු මමත් ක්ලාස් ඇරිල යන ළමයි පස්සෙන් වැටුන. ටික දුරක් යනකොට ක්ලාස් ඉවරවෙල ඇත්තටම ගෙදර යන්න ඕන කරපු ළමයි විසිරිලා ගිහිල්ල .. ඉක්මනට ගෙදර යන්න ඕන නැති අය ඉතුරු වුනා. එයාලගෙනුත් සමහර අය සහ ජෝඩු .. අතුරු පාරවල්වල හැරුන. එක ජෝඩුවක් මගදි .. [ අර පාළම ලඟ තියෙන ] පංසලකටත් හැරුන. ගම්පහ ඉන්න සමහර පෙම්වත්තු විශිෂ්ඨයි .. පට්ට දවාලෙත් පන්සල් යනව.
කොහොම හරි අන්තිමේදි ජෝඩු දෙකක් ඉතුරු වුනා ..


 මුන් නම් ෂුවර් පාක් එකට තමයි යන්නෙ ..  මම ඉතින් පස්සෙන් එනව. එනවා එනවා ඉවරෙකුත් නෑ .. අරුන් කිව්වෙ ලඟයි කියලනෙ ... [ ඒ අස්සෙ මට අර කතාවත් මතක් වුනා .. එලුවගෙ මොකක්ද වැටෙනකම් කවුද එකෙක් පස්සෙන් ගිය හැටි]
මට දැන් දාඩිය වැක්කෙරෙනවා .. පට්ට අවුවෙ නෙ මේ පයින් එන්නෙ. අරුන්ට නම් කුඩ තියෙනව. ...වෛවර්ණා මතක් වෙන වෙලාව තමයි මේ. එයාට මං කුඩ දෙකතුනක් අරන් වරෝ .. කියලත් කිව්වනෙ. අනේ ඒවයින් එකක් මේ වලාවෙ තියෙනව නම් ...

ඉතුරු ටික ඊලඟ එකේ ... [ මේක දිග වැඩි වුනා ]