Powered By Blogger

Friday, April 13, 2012

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම .....!




අලුත් අවුරුදු මේ දැන් උදා වුනා හරියටම හතයි විස්සට ... ඉතින් ඔන්න මේ බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝටම... අනුන්ට උදව් කරමින් තමන්ටත් යහපත්ව ජීවත් වීමට හැකි .. සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා කියා පතනවා.

Wednesday, April 11, 2012

භූමි කම්පාවක්.....


මේ දැන් විනාඩි කීපයකට පෙර හරියටම පස්වරුදෙකයි කාලට පමණ .. මා සිටින ප්‍රදේශයේ එනම් පැලවත්ත පෙදෙසෙහි .. සුලු භූමි කම්පාවක් ඇති වුනා. [ඔෆිස් එකේ සමහර අයනම් එළියටත් දිව්වා]
හුඟ දෙනෙකුට එය නොදැනුනා වෙන්නත් පුලුවන්..
නමුත් මම සහ මගේ මිතුරා තේ පානය කරන තැන සිටි බැවින් එය හොඳාකාරවම දැනුනා. හොඳින්ම පොළොව පැද්දෙන බව තේරුනා.තත්පර 45 කටත් වඩා පැවති මෙය ඉන් පසු අඩු වී ගියා.
ඔබේ ප්‍රදෙශයටත් මෙය දැනුනාද ...?


Friday, April 6, 2012

[Mr. Nice 2010]



කරුණාකරල කවුරුහරි මට කියන්න පුලුවනිද .. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන. [Mr. Nice 2010]

මම U ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්ත වුනත් ඒක හරිම ස්ලෝ.

ඒ මදිවට 34% විතර ගියාට පස්සෙ එරර් එකකුත් ආව.

දන්න කෙනෙක් ඉන්නව නම් මට ලින්ක් එකක් දෙන්න පුලුවන් වේවිද ... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.

කට්ටියට කරදර කරන්න වුන එක ගැන කණගාටුයි.