කදිම පොතක්......
මෑතකදී මට අපූරු පොතක් කියවීමට ලැබුණි. කාල් මලර් නම් ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයෙකු විසින් ලියන ලද මෙය "ජෑම් ගස යට ගෙදර" නම්වෙයි.
මෙහි ලිංගික පැත්ත වැඩිපුර ප්‍රකාශ වුවද .. රචකයා සියලු සම්මතයන් බිඳ දමමින් නොසඟවා ඒවා ඉදිරිපත් කරයි.
මෙහි මගේ හිත රිදුන තැනකුත් තිබුණි .. එනම් " සිංහලයා බොහෝ සමීපයෙන් ඇසුරු කොට ක්ෂණයකින් පාවා දෙන්නෙකි .. යන ප්‍රකාශයය.
පසුව මම සිත සාදා ගතිමි. බලාගෙන ගියාම එය ඇත්තක්නේ ....
පසුව මම සිත සාදා ගතිමි. බලාගෙන ගියාම එය ඇත්තක්නේ ....
ඔබම කල්පනා කර බලන්න ... ඔබේ ගමේ , නගරයේ , ඔබ ආයතනයේ , පාවා දෙන්නන් කොපමණ සිටීද ....?
පාවා දෙන්නන්ට ජාති බේදයක් නෑ තමයි....නමුත් ලංකාවෙ සිංහල ජනයා වැඩි නිසා අනිවාර්යයෙන්ම ඕක අපේ උඩින් තමා යන්නෙ.
පාවා දෙන්නන්ට ජාති බේදයක් නෑ තමයි....නමුත් ලංකාවෙ සිංහල ජනයා වැඩි නිසා අනිවාර්යයෙන්ම ඕක අපේ උඩින් තමා යන්නෙ.
කෙසේ වුවත් පොතේ රසයට එය බාධාවක් නොවේ ...
ලංසින්ගේ සමාජය පිළිබඳ කිසිම විළි බියකින් තොරව, අවංකව ලියා ඇති මේ පොත ඉතා අශ්ලීල යැයි කෙනෙකුට සිතෙනු ඇත.
පහතින් දක්වා ඇත්තේ උපුටා ගත් කොටසකි.
මේ පොතේ මා දකින විශේෂත්වය නම් අව්‍යාජත්වයයි.
ඇත්තෙන්ම මුලදී මෙය කියවන විට එපා වෙන ගතියකි දැනෙන්නේ.... නමුත් අමාරුවෙන් වුවත් දෙවන වර කියවන විටය එහි ඇති උපහාස රසය හොඳාකාර වැටහෙන්නේ... එවිට මෙය හිනා කාගෙන බැලිය යුතු පොතකි.
1930 න් පසු ලංසි සමාජය පමණක් නොව මුලු මහත් ලාංකික සමාජයම අපූරුවට උපහාසයෙන් යුතුව විග්රහ කෙරෙන පොතකි .
1993 දී හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි ග්‍රේෂන් සම්මානය මේ පොත විසින් දිනාගෙන ඇත්තේ එහෙයිනි.
ලේ පිරිසිදු වීම සඳහා මේ පොත සොයාගෙන කියවන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිමි.
No comments:
Post a Comment