ශ්‍රි ලංකාවෙ ඉන්න ... SLT හරහා ඉන්ටනෙට් භාවිතා කරන .. හැමෝම වගේ.. නැතිනම් බොහෝ දෙනෙක් ම ටෙලිකොම් කිව්වම මූණු ඇඹුල් කර ගන්නව.
එහෙම වෙන්නෙ ඇයි ...?
පොරොන්දු වුන විදිහට හොඳ සේවාවක් තමන්ගෙ සේවාදායකයන්ට ලබා නොදීම මූලිකම හේතුව වෙන්න ඇති.
නියමිත වේගය ලබා නොදීමත් එකක්.
මීට අමතරව තව අතුරු හේතු ගණනාවක්ම තිබෙන්නට පුලුවන්.
මේ සම්බන්ධයෙන් හොඳ අපූරු ලිපියක් ලියා තිබුණා පහුගිය දවස්වල .. කාලිංග ඇතුළත්මුදලි මහතා විසින්. ඊට පසු අපේ බ්ලොග් එකේ තවත් කීපදෙනෙක්ම ඒ හා සම්බන්ධ ලිපි කීපයක් ම ලියා තිබුණා මතකයි. ඒ හැමෝම ටෙලිකොම් එකට හොඳට බැටේ දීල තමයි ලියල තිබුණෙ.
මම දැන් මේ ගොල්ලොන්ගෙ අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එක අරගෙන අවුරුදු පහකට කිට්ටුයි. ඔය අවුරුදු පහටම මගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තිබුණෙ, ටොරන්ට් - 40-55 kbs සහ IDM 50-60 kbs විදිහටයි.
නමුත් මම ඩවුන්ලෝඩ් කරන හැම වෙලාවෙම යට තියෙන බාර් එකේ පෙන්නුම් කළේ 100 kbs කියලයි. ඒත් ඒක කවදාවත් වුනෙ නෑ.
පුදුමෙ කියන්නෙ .. ඊයෙ රෑ ඉඳල මේක වෙනස් වෙලා. ටොරන්ට්වල 200 - 230 kbs ස්පීඩ් එකක් පෙන්නුවා. IDM වල 100 - 130 kbs වුනා. The Good the Bad and the Ugly ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මට පස්සෙ පැය එකහමාරෙන් ඒක ඩවුන්ලෝඩ් වුනා. වෙනද ඔය වගෙ ෆිල්ම් එකක් බාන්න පැය හත අටක් විතර යනවා. [මම කරන්නෙ රැට ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදාගන්න එක. උදේ බලනකොට වැඩේ හරි. ඔය අතරෙ රැට ලයිට් ගිහින් තිබුණොත් නම් සොරිම තමයි]
ඉතින් මේක මට විතරක් වුන එකක් ද …නැතිනම් අපි හැමෝටම ස්පීඩ් වුනාද ... ටෙලිකොම් ලට වැරදීමක් වෙලාද .. ඒත් නැතිනම් ඒ ගොල්ලො සැබෑවටම යහපත් මිනිසුන් වෙලාද.. කියල දැනගන්නයි ඕන.
හැමෝම මේ පිළිබඳව පොඩ්ඩක් පරීක්ෂා කරල බලනව නම් මම කැමතියි.
[මොකද .. මගෙ තාක්ෂණික දැනුම අන්තිමයි .. මේ සම්බන්ධව]