මේ කතාව අපට කිව්වෙ ඔෆිස් එකට අලුතෙන් ඇවිත්
ඉන්න යොෂී. ඔහුහරිම සුහදශීලී ජපන් ජාතිකයෙක්.
දවසක් අපි තේ බොමින් කතා කර කර ඉන්න අතරෙ ..
අපි ඔහුට අපේ වීදි නාට්ටිය පිළිබඳව විස්තර කළා.
[ඔහු ඒව ගැන .. ඒ කිව්වෙ අපේ සංස්කෘතිකමය
දේවල් ගැන හරි උනන්දුයි ]
එතකොට එයත් අපට විස්තර කළා .. ඒ රටේ තියෙන
.. ඒ හා සමාන .. නොමිළේ මහජනයාට වීදි වල නැරඹීමට හැකි ... විකට රසයෙන් අනූන යම්
කලාවක් ගැන.
ඔහු එය හැඳින්වුවෙ '' කොමේඩියන් '' කියලයි.
ඉතින් ... මම කියන්න යන්නෙ ... මේ '' කොමේඩියන්'' ල දැන් ලංකාවෙ
සංදර්ශනයක් සඳහා ඇවිත් ඉන්නව කියලයි.
යොෂී ... දුවගෙන ඇවිත් මේ ආරංචිය අපට කිව්වෙ
හරි සතුටකිනුයි.
මේක මේ '' කොමේඩියන් '' ල ... ලංකාවට ආපු පළමුවෙනි වතාව .. ඔහු කිව්වා. [ ඒ රටේ හොඳටම
ජනප්රිය දෙන්නෙක් ලු එන්නෙ ]
අපෙයි .. උඹලගෙයි .. භාෂාව වෙනස්. සංස්කෘතිය
වෙනස්. ඇයි දන්නෙ නෑ මේක මෙහෙ පෙන්නන්නෙ කියලත් ඔහුට තව ප්‍රශ්නයක්.
මම හිනා වෙලා කිව්වා .. ඒ වුනාට යොෂී ...
අපෙයි .. උඹලගෙයි .. හිනාව සමානයි නේද ...? කියලා. මිහිහටත් ඒකට හිනා.
ඔන්න
ඉතින් .. කැමති අයට අද හවස ගිහින් නරඹල හිනාවෙන්න පුලුවන්.
පුලුවන් හැමෝම ගිහිල්ල බලන්න ය කියල ඉල්ලා
හිටිනවා.
ප.ලි.
යොෂි කිව්ව විදිහට මේක ජපන් රූපවාහිනියෙ කට්ටිය
ඇවිත් විකාශනය කරනව ලු. හැබැයි උන්ගෙ රටට. අපේ රටේ දෙයිද දන්නෙ නෑ කියලත් කිව්වා.
අපෙ රටෙත් විකාශනය කළොත් හොඳයි කියල මං
හිතනව. මොක ද මේ වගෙ දෙයක් .. අපිට ආගන්තුක වැඩසටහනක් .. නිසා.
Date
…. 23 JAN 2013
Place … Excel World
338 , T.B. Jayah Mawatha , Colombo 10
Start .. 7 PM










