Powered By Blogger

Sunday, May 13, 2012

''ඔබා මලයා නම් වූ සොඳුරු මිනිසා''


 
මේ ආරංචිය මම මුලින්ම දැක්කෙ ''වර්ණ'' ගෙ බ්ලොග් එකේ. මම විශ්වාස කෙරුවෙම නෑ.[මම කමෙන්ට් එකකුත් දැම්මා ඒක බොරුවක් කියල] කොහොමද ඉතින් ඇත්තක් කියල පිළිගන්නෙ. පස්සෙ අනෙකුත් බ්ලොග් වලත් මේ ගැන සඳහන් වෙලා තියෙනව දැක්කම තමයි ඔලුව තෝන්තු  වුනේ.
මට මතකයි... මීට මාස දෙක තුනකට විතර කලින් කාගෙ හරි බ්ලොග් එකක ඇති වූ සංවාදයකදි .. මං හිතන්නෙ මිහිරිගෙ එකේ වෙන්න ඇති..[මට හරියටම මතක නෑ] ඔබා මලයට මෙහෙම ලිව්ව. ''අනම් මනම් වැඩක් නෑ .. 22 දිහාවට ලංකාවට වැඩ්ඩ නම් ...'' ඒකට එයා එවපු උත්තරේ මෙහෙමයි... "හෙ.. හෙ ... ටිකට් ඔක්කොම බුක් කරලයි තියෙන්නෙ. පණපිටින් හිටියොත් එදාට බඩු එතන ඇති... "
ඉතින් කිව්ව වගේම සිහින උලෙළට  ඔහු ආව. අපි සුහද විදිහට හමු වෙලා සොඳුරු විදිහට කතාබහ කරමින් උන්න. මුලින්ම අහපු පුරස්නෙ තමයි මගෙ වයස කීයද කියන එක.[සමහරවිට මම එයාට මලය කියන නිසා වෙන්න ඇති] ''පුත්තලම් බූරුවො හත් දෙනෙකුත් තව ටිකක් විතර වයසයි'' මම කිව්ව. හෙහ්... හෙහ් ... ඔහු හිනා වුනා. මම හිතන්නෙ නෑ මේ සයිබරයෙ කාටවත්ම ඒ හිනාව අමතක වේවි කියල.
එදා ආපහු එද්දි ඔහුට කියල එන්න මට අමතක වුනා. ඔබා මලය අන්තිමටම ලියපු ... ''සත්තයි.. කුණුහරුප නෙවේ'' ලිපියට කමෙන්ට් කරත්දි .. මම ඒ බව සඳහන් කළා. ''ඔබා මලයා ... හුඟ කාලෙකින් නේ ...[ කණගාටුයි .. එදා කියල එන්නවත් බැරි වුනා] ''  ඔහු ඒකට දීපු උත්තරේ මෙන්න. '' කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ. ''
හරිම ඇත්තයි ...අපි හැමෝටම... හැමදෙනාටම... ''යනවා'' කියමින් යාමට ලැබෙන්නේ නෑ. ඉතින්... හමුවෙලා මාසයක් යන්නත් කලින් ...ඒක ඒ විදිහටම වෙලා තියෙනව.
වයසට ගොස් දුක් විඳිනවාට වඩා මෙහෙම හදිසියේම ''යාම'' ගැන අප එක අතකට දුක්විය යුතු නෑ... කියල මාරයාත්... අනෙක් අයත්..  කොතෙක් කීවත්... ඒක ඇත්ත වුනත් ... අප වැනි හුඟක් සංවේදී මිනිසුන්ට ඒක වලංගු වෙන්නෙ නෑ.
ඔබා මලයා ... ඔබට නිවන් සුව..

ඔබා මලයා ගේ සේයාරුව ලබාගෙන ඇත්තේ මාරයා ගේ බ්ලොගයෙනි. [ඔහු ඊට අමනාප නොවෙනවා ඇතැයි සිතමි]
 
 
 
 
 
 
 
 

Thursday, May 10, 2012

නිල්පාට දත් ...



මට මේක ලියන්න හිතුනෙ අපේ සිංඩියෙ ගිය ලිපියක් දැකලා ... VITSKV    විසින් ලියපු. ඒක ලියල තිබුනෙ බ්ලූටූත් පිළිබඳවයි.
බ්ලූටූත් ගැන කියනකොට බොහොම ඉස්සර වෙච්ච හොඳ කතාවක් මතක් වුනා.
 ඒ දවස්වල අබාන්ස් එකේ හිටපු සුපවයිසර් නංගියෙකු ට හොඳ පෝන් එකක් තෑගි හම්බවෙලා. ඒක ඔය බ්ලූටූත් තියෙන එකක්. ඉතින් ඔය පෝන් එක පෙට්ටිය පිටින්ම උස්සගෙන මා ලඟට ආවා. [සමහරවිට මම හොඳ වැඩ්ඩෙක් කියල හිතල වෙන්න ඇති] ඇවිල්ල කිව්වා ...අයියෙ.. මට මේකෙ බ්ලූටූත් හොයාගන්න බෑ.. අනේ හොයල දෙන්නකො.. කියලා. 
මල මඟුලයි ... ඉතින් මම දන්නවයැ ඕවා ..[බ්ලූටූත් ආපු අලුතම කවුරුත්ම ඔය ගැන වැඩිය දන්නෙ නෑනේ]
දැන් කොහෙන්ද හොයන්නෙ ...දන්නෙ නෑ කියන්නත් බෑ... වස ලැජ්ජාවයි ..  දන්නව කියන්නත් බෑ ... එතකොට පෙන්නන්න වෙනවා. මම පෝන් එක එහෙට මෙහෙට හරව හරව කල්පනා කරනව දහ අතේ ...
කෝ .. ඉතින් දාල පෙන්නන්නකො ... මම දැකලම නෑ ඔය බ්ලූටූත් ...
[ඉතින් මමත් දැකල නෑනේ ඕයි ... මටත් තරහ ගිහින් .. හිතෙන් කිව්වා]
මම දැන් පෝන් එකේ අරක ඔබනවා ... මේක ඔබනවා ... මොන බ්ලූටූත් ද ...?  පෝන් එකේ හැම සෙටින් එකකටම ගිහින් බැලුවා .. මොන උලව්වක්ද ... මේක හොයා ගන්නම බැහැනේ ...
ටික වෙලාවක් මෙහෙම දඟලනකොට ... [මට අර දේව බැල්ම තියෙන හින්දද කොහෙද ...] ගණ දෙවියන්ගෙ අහවල් එක පහළ වුනා.
මම දැන් මෙහෙම කියනවා ... මේකෙ බ්ලූටූත් නම් තියෙනවා .. නමුත් පෙන්නන්නෙ නෑ. ඒ මොකද මේක අලුත් පෝන් එකක් නේ. ඔයා තවම මේකට සිම් එකක් දාලත් නැහැනේ ...
ඒ නිසා ඉස්සෙල්ලම පෝන් ෂොප් එකකට ගෙනියලා දාල තියෙන පරණ සිම් එක ගලවල දාලා...අලුත් සිම් එකක් දාගන්න. ඊට පස්සෙ ඒ ගොල්ලොන්ටම කියලා බ්ලූටූතු ත් දාගන්න. .. කියලා බොහොම අමාරුවෙන් ඒ පුරස්නෙන් ගැළවුනා.
අපෙ අප්පේ ... විළි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා වෙච්චි වැඩේට. තව පොඩ්ඩෙන් පටි රෝල් වෙනවා.
ඒ කාලෙ එහෙම වුනාට ... දැන් කාලෙ නම් හෝඩියෙ පන්තියෙ ඉන්න ළමයිනුත් දන්නවා බ්ලූටූත් කියන්නෙ මොනවද කියලා.
ඒත් VITSKV විසින් ලියපු මේ ලිපිය නිසා ඒ ගැන තවත් තොරතුරු හුඟක් දැනගත්තා.
ස්තූතියි VITSKV ට..




Friday, April 13, 2012

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම .....!




අලුත් අවුරුදු මේ දැන් උදා වුනා හරියටම හතයි විස්සට ... ඉතින් ඔන්න මේ බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝටම... අනුන්ට උදව් කරමින් තමන්ටත් යහපත්ව ජීවත් වීමට හැකි .. සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා කියා පතනවා.

Wednesday, April 11, 2012

භූමි කම්පාවක්.....


මේ දැන් විනාඩි කීපයකට පෙර හරියටම පස්වරුදෙකයි කාලට පමණ .. මා සිටින ප්‍රදේශයේ එනම් පැලවත්ත පෙදෙසෙහි .. සුලු භූමි කම්පාවක් ඇති වුනා. [ඔෆිස් එකේ සමහර අයනම් එළියටත් දිව්වා]
හුඟ දෙනෙකුට එය නොදැනුනා වෙන්නත් පුලුවන්..
නමුත් මම සහ මගේ මිතුරා තේ පානය කරන තැන සිටි බැවින් එය හොඳාකාරවම දැනුනා. හොඳින්ම පොළොව පැද්දෙන බව තේරුනා.තත්පර 45 කටත් වඩා පැවති මෙය ඉන් පසු අඩු වී ගියා.
ඔබේ ප්‍රදෙශයටත් මෙය දැනුනාද ...?


Friday, April 6, 2012

[Mr. Nice 2010]



කරුණාකරල කවුරුහරි මට කියන්න පුලුවනිද .. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන. [Mr. Nice 2010]

මම U ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්ත වුනත් ඒක හරිම ස්ලෝ.

ඒ මදිවට 34% විතර ගියාට පස්සෙ එරර් එකකුත් ආව.

දන්න කෙනෙක් ඉන්නව නම් මට ලින්ක් එකක් දෙන්න පුලුවන් වේවිද ... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.

කට්ටියට කරදර කරන්න වුන එක ගැන කණගාටුයි.

Monday, March 12, 2012

POCKET PC එකකට අලුතෙන් OS දාගන්නෙ කොහොමද ...?


අපේ තාක්ෂණය ගැන දන්න මල්ලිලා එකතු වෙලා මට ලොකු උදව්වක් කරන්න ඕන.
මගෙ ලඟ තියෙන  POCKET  PC  එකට අලුතෙන්  O S  දාගන්න විදිහක් කියල දෙන්න ඕන.
[මට තෑගි හම්බවුන එකක්] මේක මුලදි හොඳට වැඩ කළා .... නමුත් දැන් හරිම මන්දගාමියි.
සම්පූර්ණයෙන් ම ෆෝමැට් කරල අලුතෙන් වින්ඩෝස් දැම්මොත් හරියාවිද ..?
එම O S එක පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුහරි දන්නවද ...?
O S  එකම ඕනත් නෑ.. ..  මැච් වෙන ඕනම  එකක් ….
මෙහි තිබුනෙ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක. ඒකෙදි වීඩියෝ සින්දු හිරවෙන ගතියක් තියෙනවා.. MP4 ප්ලේයරයක් මේකට දාන්න පුලුවන් වේවිද ...?
මේ භාණ්ඩෙ පිළිබඳ විස්තර පහත දාල තියෙනවා. [ඔරිජිනල් ඩෙල් එකක්]

Platform                  -  Pocket  PC
OS   Version            - 4.20
OEM  Info.             -   Dell Axim   X5
Processor               -  ARM  Intel  PXA  25 x / 26 x
Clock Speed          - 400  Mhz

Home Version   -  2.00.000.3
Copyright @ 2003





කවුරු හරි උදව් කරනව නම් පිං සිද්ද වෙනවා.







Monday, February 13, 2012

මම තැන්පතෙක් වූවෙමි……






මේ බ්ලොග් කෙලි සෙල්ලමට ආවට පස්සෙ මිනිස්සු සෑහෙන්න වෙනස්වෙන බවක් පේන්න තියෙනව. ඒක හොඳ දෙයක් විදිහටයි මම නම් දකින්නෙ.
උදාහරණයක් විදිහට මාවම ගමුකො. [තමන් ගැන හොඳටම දන්නෙ තමන්මනෙ]
ඉස්සර මම බොහොම කුපිත වෙන එකා. මුලදිම මම කෙරුවෙ බ්ලොග් ලියන එක නෙවෙයි ... කියවන එක සහ කියවපු ඒවට කමෙන්ට් කරපු එක.
ඒ කාලෙ බ්ලොග් තිබුනෙ හත්සීයක් වාගෙ ගාණක්... සින්ඩි තිබුණෙත් දෙකයි ද කොහෙදො ...
මුල් කාලෙ ඔය සමහර බ්ලොග් කියවල සෑහෙන්න කුපිත වුන අවස්ථා තිබුණ. තදින් ම කමෙන්ට් කරපු වෙලාවල් හුඟක් තිබ්බ. කුණුහරුප ම භාවිතා නොකළත් .. ඊට කිට්ටුවෙන් යන විදිහට බැණල තියෙනව.
ඔය පුලස්තිට ..රංගයට .. පෙරමුණේරාළ ට බැණල කමෙන්ට් කරපු එවුන්ට .. කොටින්ම කිව්වොත් .. සොඳුරු සිත ලියන වත් ට..ත් මම බැණල තියෙනව.
[තව නම් වශයෙන් මතක නැති අය ගොඩක් ඉන්නව]
නමුත් ටික කාලයකදි ..ඕක වෙනස් වෙන්න පටන් ගත්තා..ඉවසීමේ ශක්තිය වැඩි දියුණු වුනා.. තව ටිකක් ඉදිරියට ගිහින් මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තම තව තවත් මාව තැන්පත් වුනා. මේ දේ සිද්ද වුනේ එකපාරටම නෙවෙයි .. ටිකෙන් ටික...
ක්‍රමානුකූලව අනෙක් අයගෙ මත ඉවසන්න පුරුදු වුනා .. ඒ මතවාද පිළිබඳව තර්කානුකූලව සිතන්න පෙළඹුනා. දැන් නම් මාව කුපිත කරන්න ලේසියෙන් බෑ... [අමාරුවෙනුත් බෑ .. හි .. හි ...]
ඔෆිස් එකේදි .. යාලුවො අතරෙ .. නෑදෑයො අතරෙ ... තරහ ගන්නෙ නැති හොඳ එකෙක් හැටියට යි දැන් මාව ගණන් ගැනෙන්නෙ. අනික තරහ නොගෙන හිටියාම ඕනම ප්‍රශ්ණයක් දිහාව නිවැරදි විදිහට බලන්නත් පුලුවන්. ඊට අමතරව අපේ ඇඟේ ලේ ධාතුවත් නිතරම පිරිසිදු විදිහටයි පවතින්නෙ.
ඉතින් .. මේ තරම් මම ඉහළට ආවෙ මේ බ්ලොග් කෙරුවාව නිසා. බ්ලොග් ලිවිල්ලට සහ කියවිල්ලට මම ගරු කරන්නෙ ඒකයි. බ්ලොග්වලින් මට ලැබුණ එක තෑග්ගක් තමයි මේක.
කෙටියෙන් කිව්වොත් ... බ්ලොග් කියවීම නිසා මම සන්සුන් වුන අතර ....
ලිවීම නිසා මම තැන්පත් වූයෙමි.