Friday, April 13, 2012
Wednesday, April 11, 2012
භූමි කම්පාවක්.....
මේ දැන් විනාඩි කීපයකට පෙර හරියටම පස්වරුදෙකයි කාලට පමණ .. මා සිටින ප්‍රදේශයේ එනම් පැලවත්ත පෙදෙසෙහි .. සුලු භූමි කම්පාවක් ඇති වුනා. [ඔෆිස් එකේ සමහර අයනම් එළියටත් දිව්වා]
හුඟ දෙනෙකුට එය නොදැනුනා වෙන්නත් පුලුවන්..
නමුත් මම සහ මගේ මිතුරා තේ පානය කරන තැන සිටි බැවින් එය හොඳාකාරවම දැනුනා. හොඳින්ම පොළොව පැද්දෙන බව තේරුනා.තත්පර 45 කටත් වඩා පැවති මෙය ඉන් පසු අඩු වී ගියා.
ඔබේ ප්‍රදෙශයටත් මෙය දැනුනාද ...?
Friday, April 6, 2012
[Mr. Nice 2010]
කරුණාකරල කවුරුහරි මට කියන්න පුලුවනිද .. මේ
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන. [Mr. Nice 2010]
මම U
ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්ත වුනත් ඒක හරිම ස්ලෝ.
ඒ මදිවට 34% විතර ගියාට පස්සෙ
එරර් එකකුත් ආව.
දන්න කෙනෙක් ඉන්නව නම් මට ලින්ක් එකක් දෙන්න
පුලුවන් වේවිද ... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.
කට්ටියට කරදර කරන්න වුන එක ගැන කණගාටුයි.
Monday, March 12, 2012
POCKET PC එකකට අලුතෙන් OS දාගන්නෙ කොහොමද ...?
අපේ තාක්ෂණය ගැන දන්න මල්ලිලා එකතු වෙලා මට ලොකු උදව්වක් කරන්න ඕන.
මගෙ ලඟ තියෙන POCKET PC එකට අලුතෙන් O S දාගන්න විදිහක් කියල දෙන්න ඕන.
[මට තෑගි හම්බවුන එකක්] මේක මුලදි හොඳට වැඩ කළා .... නමුත් දැන් හරිම මන්දගාමියි.
සම්පූර්ණයෙන් ම ෆෝමැට් කරල අලුතෙන් වින්ඩෝස් දැම්මොත් හරියාවිද ..?
එම O S එක පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුහරි දන්නවද ...?
ඒ O S එකම ඕනත් නෑ.. .. මැච් වෙන ඕනම එකක් ….
මෙහි තිබුනෙ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක. ඒකෙදි වීඩියෝ සින්දු හිරවෙන ගතියක් තියෙනවා.. MP4 ප්ලේයරයක් මේකට දාන්න පුලුවන් වේවිද ...?
මේ භාණ්ඩෙ පිළිබඳ විස්තර පහත දාල තියෙනවා. [ඔරිජිනල් ඩෙල් එකක්]
Platform - Pocket PC
OS Version - 4.20
OEM Info. - Dell Axim X5
Processor - ARM Intel PXA 25 x / 26 x
Clock Speed - 400 Mhz
Home Version - 2.00.000.3
Copyright @ 2003
කවුරු හරි උදව් කරනව නම් පිං සිද්ද වෙනවා.
Monday, February 13, 2012
මම තැන්පතෙක් වූවෙමි……
මේ බ්ලොග් කෙලි සෙල්ලමට ආවට පස්සෙ මිනිස්සු සෑහෙන්න වෙනස්වෙන බවක් පේන්න තියෙනව. ඒක හොඳ දෙයක් විදිහටයි මම නම් දකින්නෙ.
උදාහරණයක් විදිහට මාවම ගමුකො. [තමන් ගැන හොඳටම දන්නෙ තමන්මනෙ]
ඉස්සර මම බොහොම කුපිත වෙන එකා. මුලදිම මම කෙරුවෙ බ්ලොග් ලියන එක නෙවෙයි ... කියවන එක සහ කියවපු ඒවට කමෙන්ට් කරපු එක.
ඒ කාලෙ බ්ලොග් තිබුනෙ හත්සීයක් වාගෙ ගාණක්... සින්ඩි තිබුණෙත් දෙකයි ද කොහෙදො ...
මුල් කාලෙ ඔය සමහර බ්ලොග් කියවල සෑහෙන්න කුපිත වුන අවස්ථා තිබුණ. තදින් ම කමෙන්ට් කරපු වෙලාවල් හුඟක් තිබ්බ. කුණුහරුප ම භාවිතා නොකළත් .. ඊට කිට්ටුවෙන් යන විදිහට බැණල තියෙනව.
ඔය පුලස්තිට ..රංගයට .. පෙරමුණේරාළ ට බැණල කමෙන්ට් කරපු එවුන්ට .. කොටින්ම කිව්වොත් .. සොඳුරු සිත ලියන වත් ට..ත් මම බැණල තියෙනව.
[තව නම් වශයෙන් මතක නැති අය ගොඩක් ඉන්නව]
නමුත් ටික කාලයකදි ..ඕක වෙනස් වෙන්න පටන් ගත්තා..ඉවසීමේ ශක්තිය වැඩි දියුණු වුනා.. තව ටිකක් ඉදිරියට ගිහින් මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තම තව තවත් මාව තැන්පත් වුනා. මේ දේ සිද්ද වුනේ එකපාරටම නෙවෙයි .. ටිකෙන් ටික...
ක්‍රමානුකූලව අනෙක් අයගෙ මත ඉවසන්න පුරුදු වුනා .. ඒ මතවාද පිළිබඳව තර්කානුකූලව සිතන්න පෙළඹුනා. දැන් නම් මාව කුපිත කරන්න ලේසියෙන් බෑ... [අමාරුවෙනුත් බෑ .. හි .. හි ...]
ඔෆිස් එකේදි .. යාලුවො අතරෙ .. නෑදෑයො අතරෙ ... තරහ ගන්නෙ නැති හොඳ එකෙක් හැටියට යි දැන් මාව ගණන් ගැනෙන්නෙ. අනික තරහ නොගෙන හිටියාම ඕනම ප්‍රශ්ණයක් දිහාව නිවැරදි විදිහට බලන්නත් පුලුවන්. ඊට අමතරව අපේ ඇඟේ ලේ ධාතුවත් නිතරම පිරිසිදු විදිහටයි පවතින්නෙ.
ඉතින් .. මේ තරම් මම ඉහළට ආවෙ මේ බ්ලොග් කෙරුවාව නිසා. බ්ලොග් ලිවිල්ලට සහ කියවිල්ලට මම ගරු කරන්නෙ ඒකයි. බ්ලොග්වලින් මට ලැබුණ එක තෑග්ගක් තමයි මේක.
කෙටියෙන් කිව්වොත් ... බ්ලොග් කියවීම නිසා මම සන්සුන් වුන අතර ....
ලිවීම නිසා මම තැන්පත් වූයෙමි.
දුලබ ගණයේ හමුවීමක් ....
අපි කීපදෙනෙකුට ඊයෙ .. ලේසියෙන් වත් අමාරුවෙන් වත් හම්බ වෙන්න බැරි කෙනෙක් ව හම්බ වෙන්න අවස්ථාවක් ලැබුණා.
බ්ලොග් ලියන්නන් ගෙන් මේ හමුවට සහභාගි වුනා ....මාලුවා , නවම්, බූඩි, රාජ්, යන සොහොයුරන් ද .. බ්ලොග් ලියන්නියන් අතරින් .. ඊ මේල් කවිකාරි සහ ...
රන්දිකා යන සොහොයුරියන් ද ....
… තව කොත්තුව නැමති සිංඩිය පවත්වාගෙන යන සොහොයුරා හෝ සොහොයුරිය [ඔහු හෝ ඇය එන බව ස්ථීර නැති තත්වයකිනුයි තිබුනේ] පැමිණීමට නියමිතව තිබුණා.
ඇත්තෙන් ම මේ හමුව ඉතාම සුන්දර එකක් වුනා. ඇයගෙ ලිපි මීට පෙර බොහෝ අවස්ථාවල කියවල තිබුණත් .. ඡායාරූප දැකල තිබුණ වුනත් ... සැබෑවට ම හමු වී කතා බහක නියැලෙන්නට ලැබීම මට නම් හුඟක් ම සතුට දනවන කාරණයක් වුනා. [අනිත් අයටත් එහෙම ම වෙන්න ඇති...] මොකද ඈ.. චාම් .. සරළ .. හුඟක් ම නිහතමානි කෙනෙක් වීම නිසාවෙන්.....
දහවල් 11.00 සිට ඇරඹි සංවාද මණ්ඩපය සවස 3.00 ත් පහු වෙනකම් ම වාගේ ඇදී ගියා. [ නිකම්ම නෙවෙයි .. ඇගෙ ගානේ දිවා ආහාරයත් සමගම ] අපි කාපු කෑමවල ඡායාරූප මෙතන දැම්මේ නැත්තේ ඕගොල්ලො ඔක්කොමල එකතු වෙලා කෙල ගිලින බව දන්න නිසයි.
එකිනෙකා ගේ තොරතුරු දැන ගැනීමට සුහදව යන කතාබහ අතරම බරපතල කාරණා පිළිබඳව ද සාකච්චා වුනා. තර්ක විතර්ක විමානයයි. අපි එකිනෙකා එකඟ වුන අවස්ථා මෙන්ම එකඟ නොවුන අවස්ථා ද තිබුනා. [ මොනවද සාකච්චා කෙරුවෙ කියල පස්සෙ ලියන්නම් .. සමහර විට එයාම ලියන්නත් ඉඩ තියෙනවා ]
දැන් ඉතින් ඔයාල ට ප්‍රශ්ණයක් වෙලා ඇති මේ කවුද කියන එක. ඔය පහළින් තියෙන ඡායාරූපයේ ඉන්නේ එතුමිය තමයි.
[පොටෝ නම් පැහැදිළි මදි ඇති... මගෙ කබල් පෝන් කැමරාවෙන් නේ ගත්තේ]
හුඟ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණි අරුණි ශපීරෝ මහත්මිය.
මාලුවා මේ ඉතාම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ මා දිහාව නම් නෙවෙයි. මට පිටිපස්සෙන් ගැස්සි.. ගැස්සි තියෙන ...නොපෙනෙන බිළි කටුවකුත් සමග ඇති ඇමක් දිහාවයි.
මැද සිට දකුණට .. නවම් ..රාජ් ..බූඩි ...
මැද සිට වමට ... ඊමේල් කවිකාරි .., රන්දිකා..[ඈ පැමිණසිටියේ කුඩා දියණිය සමගයි]
ප.ලි.
සමහර නම් ගම් මට මතක විදිහටයි ලීවේ...වැරදි විදිහට ලියවිලා තියෙනවානම් සමාවෙන්න ඕන. ඒ වගෙම අවසර නැතුව ඡායාරූප දැම්මටත්.
Saturday, February 11, 2012
''සුද්දො සහ කොයින්මැණිකෙ''
දැන් කියවල ඉවරවුන පොත ගැන තමයි ලියන්න යන්නෙ.
ඇරැව්වල නන්දිමිත්‍ර කිව්වම පොත් කියවන්නො නොදන්න කෙනෙක් වෙන්න බෑ.
''මල්දෙණියෙ සිමියොන්'' කියල කිව්වනම් හැමෝටම මතක් වේවි. මං හිතන විදිහට ඒ මහතා තමන්ගෙ ගම ගැනම තමයි ඔය ''මල්දෙණියෙ සිමියොන්'' කතාව ලියලා ඇත්තෙ.
මට මතකයි එක්තරා කාලයක මමත් ඔය ගමේ නැවතිල හිටියා ... වෙනින් කවුරුත් එක්ක නෙවෙයි .. ඔයගොල්ලො දැනටම හඳුනන මගේ මිත්‍ර ''රහිය'' සමග. ඒ ප්‍රදේශයෙ කුළියට ගෙයක් හොයා ගත්තෙ රහිය තමයි. තනියම ඉන්න බෑ කියල මාවත් එහේට ඇදගෙන ගියෙත් ඌමයි .
[ඒ ගිය ගමනෙන් මට වාසියකුත් වුනා. ඒ කතාව පස්සෙ කියන්නම්]
පළමු දවසෙ එහෙ ගියෙ රෑ අටට විතර. ඒ දවස්වල මහරගම ඉඳල පිළියන්දල පාරෙ වැඩ කළේ අර හුන්ඩු වගේ තිබ්බ ප්‍රයිවට් වෑන්. මිනිස්සු යන්න ඕන කොන්ද නමාගෙන දෙකට නැමිල. ඔහොම කොන්ද නමාගෙන අමාරුවෙන් යත්දි .. [ඔය විදිහට වෑන් වල හිරවෙල යත්දිත් රහියට මරු වැඩක් වුනා. ඊ ලඟට කියන්නම්. දැන් බලනකොට කතා පෝළිමේ මතක් වෙනවනෙ]…. එක තැනක් අහුවෙනව දෙපැත්තෙම කුඹුරු තියෙන. දැන් නම් ඒ කුඹුරු තියෙනවද දන්නෙත් නෑ.
ඔය හරියෙදි මගෙ පුංචි කාලෙ මතකයට නැගූ අපූරු ශබ්දයකට කන් දෙන්න හැකි වුනා. ඒ තමයි නොකඩවා හඬන රැහැයියන්ගෙ සහ ගෙම්බන්ගෙ සංගීතය. මම පුදුම වුනා කොළඹ කිට්ටුව මේ වගේ .. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගැමි ප්‍රදේශයක් තිබීම ගැන. අපි ගියෙ රාත්‍රි කාලෙ නිසා වැඩි විස්තර බලාගන්න බැරි වුනත් .. පහුවදා උදේ පාන්දර ඔෆිස් යාම සඳහා ආපසු එත්දි .. එම ගම් ප්‍රදේශයෙ සුන්දරත්වය අත් විඳින්නම ලැබුනා. ඇත්තටම ඒ නිවසට පාරෙ ඉඳල යන්න තිබුණෙත් බඩවැටි දෙක තුනක් අස්සෙන් වැටිච්ච පොඩි අඩිපාරක් ඔස්සේ . ඒ දවස්වල එම බඩවැටි... = කුඩා ලඳු කැළෑ ..අස්සෙ ඇත්තටම කසිප්පු පෙරලත් තියෙනව. පරිසරය නම් ඉතාම සුන්දරයි. කොටින්ම කිව්වොත් ''මල්දෙනියෙ සිමියොන්'' කතාව මැවිල පෙනුනා. [දැන් නම් ඒ සුන්දරත්වයෙ කෑලිත් නැතුව ඇති]
අපොයි .. කණගාටුයි .. මම කතාවෙන් පිට පැනලනෙ..
මට ලියන්න ඕන කළේ ''මල්දෙනියෙ සිමියොන්'' ගැන නෙමේ. ඒ කතු තුමා විසින් ම ලියන ලද වෙනත් පොතක් ගැන. මේක මේ බොහොම පොඩි කෙටි කතා පොතක්. [ පොත් කියවන්න වෙලාව නෑ කියන අයට ඉතා ම හිතකරයි. විනාඩි පහළොවෙන් කියවන්න පුලුවන්] ඇත්තටම ඒකෙ තියෙන්නෙ කතා තුනයි. නමුත් අපිට හිතන්න හුඟක් දේවල් ඒ කතා තුන ඇතුලෙ තියෙනව.
ප්‍රථම මුද්‍රණය 1988 මාර්තුවෙත් .. දෙවනි මුද්‍රණය 1994 පෙබරවාරි වලත් කරපු මේ පොත මුද්‍රණය කරල තියෙන්නෙ ''සීමාසහිත ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ ,225, දෙහිවල පාර, බොරලැස්ගමුව. යන ලිපිනයෙදියි.
ප්‍රකාශකයො හැටියට කටයුතු කරල තියෙන්නෙ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
ISBN 955 – 20 – 1202 – 3
ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ පස්වෙනි කෘතිය වන මෙය ..1988 වසරේ හොඳම සිංහල කෙටිකතා සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සම්මානය දිනා ගැනීමට සමත් වුනා.
ඉතා ම හොඳ පොතක්.. හැමෝම හොයාගෙන කියවාවි කියල හිතනවා.
Subscribe to:
Posts (Atom)








