Powered By Blogger

Monday, May 30, 2011

මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

කරුණාකරල මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

['' බද්දේගම''  සිංහල චිත්‍රපටය ]

''බැමි''

පහුගිය දවස්වල කියවමින් හිටිය පොත තමා මේ තියෙන්නෙ .
 ඒකෙ නම ''බැමි''.


 ලියල තියෙන්නෙ  සමින්ද ලංකා සමරසිංහ කියල මහත්තයෙක්. මේක මුද්‍රණය කරල තියෙන්නෙ  2008 දි.
කතුවරයාගෙ පළමුවන පොත වන මෙය ඔහු ලියා ඇත්තේ  [ඔහු කියන පරිදි] අ.පො.ස . උසස් පෙළ ලියා ප්‍රතිඵල නිකුත්වෙන තුරු ... කාල වකවානුව තුළ බවය.
මෙයින් අපට පැහැදිලි වන කරුණක් වන්නෙ ඉතාම තරුණ අවදියේ මෙය ලියූ බවයි.
එසේ වුවද පොත ඉතා රසවත්ව ලිහිල් බසින්.. බොහෝ පළපුරුදු කතුවරයෙකු විලසින් රචනා කොට ඇත.
මා කියවූ පොත්වලින් ටිකක් අමුතු කතාවක් තියෙන එකකි මේ. තුන් කොන් ආදරයක් ගැන කියවෙන අන්දරයක් වෙන මෙහිදී ...
 ඔබට සිතෙනු ඇත්තේ කුමක්ද ...?
කොල්ලො දෙන්නෙකුයි එක කෙල්ලෙකුයි.... එහෙම නැතිනම් කෙල්ලො දෙන්නෙකුයි එක කොල්ලෙකුයි ...? ?
එහෙම නේද හිතෙන්නෙ.....?   [සාමාන්‍යයෙන් තුන් කොන් ආදර කතා එහෙමනෙ.]
නෑ ... මේක වෙනස්...
හුඟක් ආදරෙන් ඉන්න කොල්ලො දෙන්නෙකුයි .. ඒ කොල්ලො දෙන්නගෙන් එක කොල්ලෙකුට ආදරය කරන කෙල්ලෙකුයි ...
හරි අමුතුයි වගේ නේද ..?
  ඇත්තටම හිතල බැලුවොත් ඒ වගෙ චරිතත් මේ ලෝකෙ ඉන්නව ඇති.



මේ කතාවෙ අවසානය  ලඟා වෙනකොට නම් හරිම කුතුහලාත්මකයි.  නමේ අර්ථය පෙන්නුම් කෙරෙන විදිහටම නොයෙකුත් බැමි වලින් බැඳීගෙන අපි විහින් දුක් විඳින ආකාරය මනාව පැහැදිළි කර දෙන කතාවක්.
කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.
මේකෙ මිළ නම් ටිකක් වැඩියි ... රු. 600 ක් විතර වෙනව. ප්‍රකාශ කරල තියෙන්නෙ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

I S B N   978 – 955 – 30 – 0442 - 0



Thursday, May 19, 2011

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

මම මේ ආරංචිය දුටුවෙ පොජ්ජෙගෙ අඩවියෙ තිබිලා. මම මුලින්ම හිතුවෙ මූ ලොකු විහිලුවක් කරනවා කියලයි. මම ඒකට කමෙන්ට් එකක් දැම්මෙත් ''මේක ඇත්තක්ද'' කියලයි.
පස්සෙ බලනකොට තව බ්ලොග් සොහොයුරු සොයුරියො ඒ පිළිබඳ ලිපි පළ කරල තිබුණා ...
ඇත්තටම ජීවිතය කොයි තරම් විස්මිතද කියලා හිතුනා.
  ''පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ''

සොයුර ඔබට නිවන් සුව.

Sunday, May 1, 2011

''මුතු කරාබුව පැළඳි යුවතිය''


අද මම ලියන්න යන්නෙ මේ දවස්වල කියවමින් ඉන්න පොත පිළිබඳවයි. මේක මම මෙතෙක් කියවපු නැති රටක පොතක් ..වූ... ‘Girl With  A  Pearl Earring’.

මේක ලියල තියෙන්නෙ ට්‍රෙසි ෂෙවලියර් නැමැති කාන්තාවක්.
ලොවපුරා කියවන්නොන්ගෙ ප්‍රසාදය දිනාගෙන රටවල් තිස්පහක භාෂාවලට මේක පරිවර්තනය වෙල තිබෙනව. දාහත්වැනි ශතවර්ෂයේ නෙදර්ලන්තයේ ජීවත් වූ ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු වන ''යොහැන්නස් වර්මීර්'' ගේ චරිතය ඇසුරෙන් මේ කතාව රචිත බව සැළයි. එසේම මේ පොතේ කවරයට යොදල තියෙන්නෙත් එම චිත්‍රශිල්පියා විසින්ම අඳින සැබෑ චිත්‍රයක සේයාරුවක්. ඒ සිතුවම ගැන හිතල වෙන්න ඕන කතුවරිය සමහරවිට මේ කතාව ගොතන්න ඇත්තෙත්. මට නම් හිතෙන්නෙ එහෙමයි.
ඒ වගේම  මේ පොත ඇසුරෙන් 2004 වසරේදි නිපදවනු ලැබූ චිත්‍රපටයද අතිශයයින්ම සාර්ථක එකක් වුනාලු.
[මට නම් බලන්න හම්බවුනේ නෑ]
ට්‍රෙසි ෂෙවලියර් එම පොත ගැන මෙසේ කියනවා.







ඒක  ''මුතු කරාබුව පැළඳි යුවතිය'' යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙන්නේ ගංගා නිරොෂණී සුදුවැලිකන්ද මහත්මිය විසින්.  ඇයගෙ සමහර පරිවර්තන කෘති මීට පෙරද මා විසින් කියවා ඇති අතර කියවන්නාට දිගටම කියවාගෙන යාමට උනන්දුවක් ඇතිවන ආකාරයට රසවත්ව ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
නෙදර්ලන්තයේ ධනවත් චිත්‍රශිල්පියෙකු ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදෙන තරුණ යුවතියක වටා මෙහි කතාව ගෙතී තිබෙයි.







ප්‍රථම මුද්‍රණය 2006 වසරේදි නිකුත් කර තිබෙන අතර මිළ රුපියල් තුන්සීයකි.
හොඳ පරිවර්තනයක් .. කියවපු නැති හැමෝම කියවලා බලන්න.

ISBN  955 – 662 – 268 - 9



Tuesday, April 26, 2011

''අර්බාත් දරුවෝ''


රුසියානු සාහිත්‍යයේ එන තවත් වැදගත් පොතක් ගැන කියන්නයි යන්නෙ. අපි කියවල තියෙන හුඟක් පොත්වලින් කියවෙන්නෙ එහි පැරණි යුගය ගැන හෝ ඊලඟට පැමිණි සමාජවාදී යුගයෙ සාර්ථක භාවය පිළිබඳවනෙ.
හැබැයි මේ පොත ඊට වඩා ටිකක් විතර වෙනස්.
මෙයින් කියවෙන්නෙ එම සමාජවාදී පාලනයට එරෙහිවන නාගරික තරුණ තරුණියන්ගේ නැගී සිටීම සහ එය මැඩ පැවැත්වීමට රජය ගන්නා උත්සාහය...
අවසානයෙදි වෙන්නෙ තරුණ .. උගතුන්... බොහෝ දෙනෙකුට සයිබීරියාවට පිටුවහල් වීමට සිදුවීමයි.
එසේම සෝවියට් පාලනයේ එන තමාගේම සගයෙකු වන ''කීරොව්'' ඝාතනයෙන් පටන් ගන්නා ''ස්ටාලින්'' භීෂණය ආරම්භය ගැනත් මෙහි විස්තර වෙයි.
ඒ කාලයෙ මේ පොත මුද්‍රණය කරගැනීමටත් අපහසු වුනාලු. පසුව අර ''ගොර්බචොව්'' ගෙ ''පෙරස්ත්‍රොයිකා'' යුගයෙදි තමයි මුලින්ම එළි දක්වල තියෙන්නෙ. [ඔය ගොර්බ ගැන නම් මගෙ එතරම් පැහැදීමක් නෑ කිව්වහැකි.]
ඉතින් මේ පොතේ නම තමයි...අනතොලි රිබකොව් විසින් රචිත ‘Children of the Arbath’  කියන පොත. මේක කෙලින්ම රුසියානු භාෂාවෙ ඉඳල සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නේ පසන් කොඩිකාර මහතා විසින්.
''අර්බාත් දරුවෝ'' යන නමින්.


මේ පොත ගැන විදේශීය පුවත් පත් සහ සඟරා සඳහන් කරන්නෙ මේ විදිහටයි.



කොහොම වුණත් රුසියාවෙ අමුතු පැත්තක් ගැන කියවෙන පොතක්. කියවපු නැති අය කියවල බලන්න.


මේකෙ  ISBN   එක පහත දානව ...

ISBN   955 – 8365 – 07 - 6

Thursday, April 21, 2011



මට ලොකු  උදව්වක් ඕන ..

මෙන්න මේ චිත්‍රපට තුන හොයාගන්න පුලුවන් වේවිද ..?

අපේ බයිස්කෝප් සයිට් එකේ කවුරුහරි හෝ වෙන කෙනෙක් ලඟ හෝ තිබෙනවානම් කරුණාකර මට ලබා දෙන්න.
ලොකු උදව්වක්.

Sunday, April 17, 2011

ඔබ රුසියානු සාහිත්‍යට ප්‍රිය කරනවාද ...?



සමහර විට මම අනවශ්‍ය ප්‍රශ්ණයක් වෙන්නැති ඇහැව්වෙ. ...  මොකද කිව්වොත් පොත් පත් කියවන වෘත්තීය කියවන්නො ……. වැඩිදෙනෙක් රුසියානු සාහිත්‍යය කියවපු අයයි.
[මේකෙන් මම අදහස් කළේ සල්ලිවලට කියවන එවුන් කියන එක නෙමෙයි .. නිතරම පොත් කියවන උදවිය කියන එකයි.]
ඒ අතරෙනුත් ''මැක්සිම් ගෝර්කි'' කියන්නෙ මුලු ලොවෙහිම ප්‍රකට ගත් කතුවරයෙක්. එයාගෙ ඇත්ත නම මක්සිම් ගොර්කි නෙවෙයි. ඒක ඔහු ග්‍රන්ථකරණය සඳහා භාවිතා කළ ආරූඩ නාමය. ඇත්ත නම තමා .. ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව්. ඉපදුනේ 1868 නිෂ්නි නගරයේදියි. ඔහුගෙ ජීවිත කතාව ඔයගොල්ලො කියවල බැලුවොත් වැටහේවි .. ඔහු කුඩා කාලයෙ ඉඳල බොහෝ දුක් විඳි කෙනෙක් බව. ඔහුට 3 වන වසර දක්වා පමණි අධ්‍යාපනය ලැබීමට හැකිවී ඇත්තේ... ඉන්පසු ජීවිකාව වෙනුවෙන් රැකියාවන් කීපයක්ම කරන කුඩා මක්සිම් .. ඉගෙනීම සම්පූර්ණ කරගන්නේ සමාජය තුළින්මයි. මේ කාලයේ ඔහු බොහෝකොට කියවීමට නැඹුරු වෙනව. එසේම බොහෝ පොත්පත් කියවනව.
දැන් ඔයගොල්ලො හිතන්න එපා ඔහු බොහොම ලේසියෙන් මේක කළාය කියල. එකක් තමයි ඒ කාලයේ පොත් සොයාගැනීමට අමාරු එහෙම නැතිනම් දුර්ලභ දෙයක් වීම. අනික තමයි තවමත් කුඩා ළමයෙක් වුණත් රැකියාවත් හරියට කළයුතු වීම. සමහර පොතක් ඉල්ලා ගැනීම පිණිස ඔහු බොහෝ දුර පයින් ඇවිද්ද බව සඳහන්. එහෙම ඉගෙනගෙන තමයි ඔහු ලේඛකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වෙන්නෙ. අන්න එබඳු දක්ෂයෙකුගෙ පොතක් ගැන තමයි අද කියන්න යන්නෙ. සමහරු නම් මේක කියවලත් ඇති.
රුසියාවෙ විතරක් නෙවෙයි .. මුලු ලෝකයේම ප්‍රසිද්ධියට හා ආදරයට පාත්‍ර වුන පොතක් තමයි මේ.


                                      ඒ තමයි ''අම්මා'' කියන පොත.
සඳහන් වෙන ආකාරයට මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ඔහු ලියා තිබෙන්නෙ 1906 දි.
 සිංහල භාෂාවට පරිවර්තනය කරල තිබෙන්නෙ දැදිගම .වී. රොද්‍රිගු මහතා විසින්.
කියවපු නැති හැමෝම කියවල බලන්න .. ඉතාම හොඳ පොතක්.

ISBN   955 – 591 – 044 - 8