මට මේක ලියන්න හිතුනෙ අපේ සිංඩියෙ ගිය ලිපියක් දැකලා ... VITSKV විසින් ලියපු. ඒක ලියල තිබුනෙ බ්ලූටූත් පිළිබඳවයි.
බ්ලූටූත් ගැන කියනකොට බොහොම ඉස්සර වෙච්ච හොඳ කතාවක් මතක් වුනා.
ඒ දවස්වල අබාන්ස් එකේ හිටපු සුපවයිසර් නංගියෙකු ට හොඳ පෝන් එකක් තෑගි හම්බවෙලා. ඒක ඔය බ්ලූටූත් තියෙන එකක්. ඉතින් ඔය පෝන් එක පෙට්ටිය පිටින්ම උස්සගෙන මා ලඟට ආවා. [සමහරවිට මම හොඳ වැඩ්ඩෙක් කියල හිතල වෙන්න ඇති] ඇවිල්ල කිව්වා ...අයියෙ.. මට මේකෙ බ්ලූටූත් හොයාගන්න බෑ.. අනේ හොයල දෙන්නකො.. කියලා.
මල මඟුලයි ... ඉතින් මම දන්නවයැ ඕවා ..[බ්ලූටූත් ආපු අලුතම කවුරුත්ම ඔය ගැන වැඩිය දන්නෙ නෑනේ]
දැන් කොහෙන්ද හොයන්නෙ ...දන්නෙ නෑ කියන්නත් බෑ... වස ලැජ්ජාවයි .. දන්නව කියන්නත් බෑ ... එතකොට පෙන්නන්න වෙනවා. මම පෝන් එක එහෙට මෙහෙට හරව හරව කල්පනා කරනව දහ අතේ ...
කෝ .. ඉතින් දාල පෙන්නන්නකො ... මම දැකලම නෑ ඔය බ්ලූටූත් ...
[ඉතින් මමත් දැකල නෑනේ ඕයි ... මටත් තරහ ගිහින් .. හිතෙන් කිව්වා]
මම දැන් පෝන් එකේ අරක ඔබනවා ... මේක ඔබනවා ... මොන බ්ලූටූත් ද ...? පෝන් එකේ හැම සෙටින් එකකටම ගිහින් බැලුවා .. මොන උලව්වක්ද ... මේක හොයා ගන්නම බැහැනේ ...
ටික වෙලාවක් මෙහෙම දඟලනකොට ... [මට අර දේව බැල්ම තියෙන හින්දද කොහෙද ...] ගණ දෙවියන්ගෙ අහවල් එක පහළ වුනා.
මම දැන් මෙහෙම කියනවා ... මේකෙ බ්ලූටූත් නම් තියෙනවා .. නමුත් පෙන්නන්නෙ නෑ. ඒ මොකද මේක අලුත් පෝන් එකක් නේ. ඔයා තවම මේකට සිම් එකක් දාලත් නැහැනේ ...
ඒ නිසා ඉස්සෙල්ලම පෝන් ෂොප් එකකට ගෙනියලා දාල තියෙන පරණ සිම් එක ගලවල දාලා...අලුත් සිම් එකක් දාගන්න. ඊට පස්සෙ ඒ ගොල්ලොන්ටම කියලා බ්ලූටූතු ත් දාගන්න. .. කියලා බොහොම අමාරුවෙන් ඒ පුරස්නෙන් ගැළවුනා.
අපෙ අප්පේ ... විළි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා වෙච්චි වැඩේට. තව පොඩ්ඩෙන් පටි රෝල් වෙනවා.
ඒ කාලෙ එහෙම වුනාට ... දැන් කාලෙ නම් හෝඩියෙ පන්තියෙ ඉන්න ළමයිනුත් දන්නවා බ්ලූටූත් කියන්නෙ මොනවද කියලා.
ඒත් VITSKV විසින් ලියපු මේ ලිපිය නිසා ඒ ගැන තවත් තොරතුරු හුඟක් දැනගත්තා.