Powered By Blogger

Thursday, August 25, 2011

''විපක්ෂයට අගුණය''



 

මේ කතාව...  කාන්තා පක්ෂෙ  හෙවත් අපේ විපක්ෂෙ  අය කියවන්නෙ නැත්නම් වඩා හොඳයි කියල හිතනව.
මේ වගෙ එකක් මම ලියන්න හිතුවෙ නෑ... නමුත් අපේ ඔෆිස් එකේ වැඩ වාසය කරන සුමිත් මලයා .. එයාට ආපු ඊ මේල් කතාවක්ය කියල මට මේ කතාව එව්වා.
බැලුවම ඒක ලියල තියෙන්නෙ වැරදියට... සහ හුඟක් අඩුපාඩු සහිතව. මොකද....  මම ඇත්ත කතාව දන්න නිසා. මමත් මේක ඉස්සර කාලෙ පරණ පුවත් පතක තිබිල කියවපු එකක්. සමහරවිට ඔයගොල්ලො අහල ඇති ඉස්සර පත්තරයක් තිබුණ ''සිනා'' කියල. පරණ උදවිය දන්නවත් ඇති.
ඒ කාලෙ මේක මහ ආන්දෝලනයක් ඇති කරපු පත්තරයක් වුනා. සමහරුන්ට මේක තහනම් කරන්න ඕන වුනා. පාර්ළිමේන්තුවෙත් මේ ගැන කතා වුනා.
කොහොම උනත්  කලින් කතාව ලියපු කෙනාව අපහසුතාවයකට පත් කරන්න මම අදහස් කළේ නෑ. මේක ලිව්වෙත් ඔෆිස් එකේ එවුන්ට කතාව කියන්න ඕන වුන නිසයි. මම මේක බ්ලොග් එකේ දාන්නත් පොඩ්ඩක් අදි මදි කළා..[ සමහරවිට මේක මීට පෙර සින්ඩියෙ ගියාද දන්නෙත් නෑනෙ.]
අපේ සුමිත් මලය තමයි බල කෙරුවෙ දාපිය .. දාපිය කියල ..
ඒ නිසා බණින කට්ටිය ඌටම බණින එකයි ඇත්තෙ මට බණින්නෙ නැතුව.
මේක තමයි කතාව.
කතා නායකය දොස්තරෙක්.
 චාලි කියල හොස්පිටල් එකේ වත්තෙ වැඩ කරන කාත් කවුරුත් නැති මිනිහෙක් හිටිය.
මිනිහ දුප්පතා හින්ද හැමෝම වගෙ උදව් කළා ... දොස්තරල, දොස්තර නෝනල , නර්ස්ල ආදී හැමෝම එක්ක මිනිහ හොඳයි.
දවසක් අපෙ කතා නායක ඩොකා ඩියුටි ඉන්න අතරෙ හදිසියෙම චාලි මළා... හාට් ඇටෑක් කියලයි කිව්වේ. වැඩි ප්‍රසිද්ධියක් නැතිවම චාලිගෙ මිනිය මෝචරියට ගියා.




 
හැන්දෑවෙ හයට විතර දවල් ඩියුටි හිටපු එවුන් මාරු වෙල නයිට් ඩියුටිය කරන එවුන් එනව. [ හොස්පිටල්වල ඉතින් එහෙමනෙ]
දැන් ඉතින් ටිකක් විතර රෑ වුනා.  රෑ ඩියුටි ආපු එවුන් හුඟ දෙනෙක් දන්නෙ නෑ චාලි මළා කියල.
අපේ කතානායක ඩොකා ඉන්නවනෙ. මිනිහට එදා මොකක්ද වැඩක් තිබිල හවස ඩියුටි ඕෆ් වෙන්න වෙලා ගියා. එයා ඕෆ් වෙනකොට රෑ හතට අටට වගේ ඇති.
මිනිහ ඉතින් ඕෆ් වෙන්න යන අතරෙ හදිසියෙම චාලිව මතක් වුනා. අනේ අපොයි .. ඩොකාට හරි දුකක් දැනුනා.[ඩොකාටත් චාලි හුඟක් උදව් කරල තියෙනවනෙ.. ඔය ඩොකාගෙ බංගලාවෙ වහලෙ තෙමෙනතැන් හදන්න ..  වත්තෙ තණකොළ උදලු ගාන්න .. පාටියක් තිබුණොත් ඒකෙ වැඩවලට වගේ එව්වට දොස්තර නෝනත් චාලිව ගෙන්නගෙන තියෙනවනෙ.] ඒ නිසා මිනිහ තීරණය කළා යන ගමන් ම චාලිව බලලම යන්න.
ඩොකා මෝචරියට යනකොට ඒ පැත්ත පට්ට පාලුයි. මුර කාරයත් පේන්න හිටියෙ නෑ. මුර කාරයො ඉතින් කවදත් ඔහොම්මමනෙ. වෙලාවට වැඩ නෑ. අනික ඔය මළ මිනී හොරකම් කරන්න මොන යකාද එන්නෙ.
ඩොකාල ඔය මළ මිනී වලට බය නෑනෙ. [මිනී අතපත ගාල හොඳට පුරුදුයි] අපේ මිනිහ මෝචරියෙ දොර ඇරගෙන ඇතුළට ගියා. ඔය ඉන්නෙ .. චාලියව අපූරුවට පත බාවල. පොඩි සරම් කඩමල්ලකින් යන්තං විළි වහගෙන. ඒකත් එහෙට මෙහෙට වෙලා අතන පොඩ්ඩක් නිකං මේ පේනව.. පේනව වගේ....
අපේ මෑන්ට දුක හිතිලද කොහෙද ලඟට ගියා .. සරම පොඩ්ඩක් පිළිවෙලකට හදමු කියල. එතෙන්ට ගියා විතරයි ඩොකා ගල් ගැහුන. වෙන මොකකටවත් නෙවේ .. අර අවයවයෙ සයිස් එක දැකල දොස්තරට හොල්මන්... යකෝ මෙඩිකල් කොලෙජ් එකේ ඉගෙන ගන්න කාලෙවත් මේ තරම් විශාල ලස්සන.. එකක් දැකල නෑ. කොටින්ම කීවොත් අපේ සුමිත් මලය විස්තර කරල කියපු අංග ලක්ෂණ එහෙම්ම තියෙනව. [අනේ මටත් මේ වගෙම එකක් තිබ්බනම් කියල ඩොකාට හිතෙන්නත් ඇති.]
කොහොම උනත් මිනිහ හිතුව මේක විශේෂිත එකක්.... එම නිසා මම මේක කපල අරගෙන ගිහින් බෙහෙත් වතුරෙ දාල ලැබ් එකේ තියාගන්නව කියල.
ඉතින් ඒක කපාගෙන ලොකු බෝතලයකට දාගෙන යන්න හදනකොට.. හදිසියෙම මතක් වුනාලු .. ඔෆිස් කාමරයෙ කාරෙකේ යතුර අමතක වෙලා ආව කියල.
දැන් ඉතින් මිනිහ ඔය බෝතලෙත් අරගෙන ඔෆීස් එකට ආපහු ගියා. එතන දොර ගාවම තියෙන මේසෙ උඩ බෝතලේ තියල [ඒක ලොකු වීදුරු බෝතලයක් නිසා අරක හොඳට පැහැදිළිව පේනවා] ඇතුළට ගිහින් යතුර හොයාගෙන ආවා.
එතකොට දැකපු දේ නිසා ඩොකා දෙවනි වතාවටත් ගල් ගැහුනා.
දෙයියනේ .. මෙන්න එදා නයිට් එකට ඩියුටි ආපු ලේඩි ඩොක්ටර්ල දෙන්නයි... තව නර්ස් ල දෙතුන් දෙනෙකුයි .. එතකොට ... අවුරුදු පනස් පහක විතර තඩි ඇටෙන්ඩන් නෝන කෙනෙකුයි .. අඬා වැටෙනවලු ...
ඩොකාව දැක්ක ගමන් .. ඇඬිල්ල දෙගුණ වුනාලු .. අයියෝ ..ඩොක්ටර් චාලි මළා ද ... අපි ඉඳල වැඩක් නෑ
කිය කිය අඳෝනාව පටන් ගත්තලු.
දැන් රෑ වෙලා හින්ද දොස්තරට ඕවට උත්තර දිදී ඉන්න වෙලාවක් නෑනෙ. මිනිහ නර්ස්ල දිහාව රවල බලල ගෙදර යන්න පිටත් වුනා. කාරෙකේ යන ගමනුත් එයා කල්පනා කළේ ...  චාලි මළාට මේ ගෑණු ටික මෙච්චර අඬන්නෙ මොකෝ කියලයි. මට වගේම මුන්ටත් ඔය මිනිහ උදව් කරන්න ඇති .. ඉතින් දුකට අඬනව වෙන්න ඇති ..මොනව උනත් චාලිය හොඳ එකා .. හැමෝටම උදව් කරල තියෙනවනෙ... කියල හිත හිතා මිනිහ ගෙදර ගියා.
ගෙදර ගිය ගමන්ම මිනිහට තද චූ බරක් දැනුනා ... අර බෝතලේ මේසෙ උඩින් තියල එයා වැසිකිළියට ගියා ..වැඩේ කරගෙන ඉවරවෙලා එළියට එනකොට  .. මෙන්න බොලේ මිනිහගෙ නෝන දොර ලඟ එක සීරුවට වැළපෙනවලු ...
අනේ ...ඩාලිං ... චාලි මළාද .......?
දොස්තරය තුන්වෙනි වතාවටත් ගල් ගැහුනලු .
 
 

Saturday, July 16, 2011

''සෝබන වේල් පට''


මේ පොත නම් ටිකක් පරණ එකක්. නමුත් සමර්සෙට් මෝම්ගෙ හොඳ කතාවක්. ''Painted Veil'' කියන පොත  ''සෝබන වේල් පට'' යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ .. දොස්තර මහතෙකු වූ ඩබ්ලිව්.පී. සෙනෙවිරත්නයන් විසිනි. නමුත් අවාසනාවකට පොතේ වැඩ අවසන් කොට මුද්‍රණය  කිරීමට පෙර එතුමා මිය ගියාලු. ඉන්පසු ඔහුගේ මිතුරෙකු වන පී. ඒ. රන්වත්ත මහතා විසින් ඉතිරි වැඩ ටික සකස් කොට මුද්‍රණය කළාලු.


පළමු මුද්‍රණය 2001 සැප්තැම්බර් මාසෙ තමයි කරල තියෙන්නෙ.
මේ පොත කියවගෙන යත්දි .. තවත් පොත ගණනාවක් මට මතක් වුනා. ඉස්සෙල්ලම මතකයට ආවෙ ''වදරින් හයිට්ස්' එකේ හීත්ක්ලිප් ව. ඔහුනම් ඉතින් ලෙඩා නිසා මේකට ගැළපෙන්නෙ නෑ.[අනික ඔහු විවාහ වෙල හිටියෙත් නෑනෙ]
ඊලඟට ''කන්ද පාමුල'' එකේ ජපනා. ''සුභා'' නව කතාවෙ මහින්ද ... කොටින්ම එමා බොවරිත් මතක් වුනා.


සැමියන්ගෙ තියෙන යම් යම් දුර්වලතා නිසා වරදට පෙළඹෙන ගැහැණු ලෝකෙ අනන්තයි. නමුත් පුදුමයට කරුණ වන්නෙ මේ සැමියො කියන ජාතිය තමන්ගෙ දුර්වලකම් පිළි ගන්නෙ නැති එකයි.
නමුත් මේකෙදි නම් බිරිඳ තම සැමියා සමග චීනයට ගොස් බොහෝ දුක් විඳියි. [දඬුවමක් වශයෙන්] එහිදී ඇය තමා කළ වරදට පසුතැවිලි වීමට පටන් ගනී.එසේ වුවත් මරණ මංචකයේදීවත් සැමියාගෙන් සමාව නොලැබේ.


ඉතින් ඔයගොල්ලොත් කියවලා බලන්න. මිනිස්කම ගැන ඉගෙන ගැනීමට කදිම පොතක්.

I S B N  955 – 8425 – 41 - 9


Monday, July 4, 2011

''The green wind''



මේ දවස්වල කියවපු පොත තමයි මේ තියෙන්නෙ.. මේකත් පරිවර්තන කෘතියක්. තර්ලි පවුලර් විසින් ලියන ලද ''The Green  Wind''  කියන පොත සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන්නෙ අපේ ප්‍රියංකා කහවණුගොඩ මහත්මිය විසින්.


මේ පොත පිළිබඳව පරිවර්තිකාව විසින්ම පොඩි විස්තරයක් කරනු ලබනව.
'' මෙය 1948 වසරේ ඕස්ට්‍රෙලියාවෙ ගම්බද පළාතක  .. ගොවි පවුලක ජීවිතය පිළිබඳ විස්තරයකි. අද මෙන් සියලු පහසුකම්වලින් යුතු රටක් නොවූ .. එකල  ඕස්ට්‍රෙලියාවේ ගොවියන් අවම මූලික පහසුකම් හෝ ලබාගන්නට කරන උත්සාහයත් .. ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අභියෝගත් මෙ මගින් හෙළිදරව් කෙරේ. ඒවාට මුහුණ දෙමින් සම වයසේ යොවුන් දරු දැරියන් හතර දෙනෙක් සිය ජීවිත සකස් කරගන්නා ආකාරය මේ පොතෙන් අපූරුවට ඉදිරිපත් කෙරේ.''
ප්‍රියංකා මෙසේද කියයි.
''ඉංග්‍රීසි , රුසියානු , ප්‍රංශ ..ඉන්දියානු , වැනි විවිධ සාහිත්‍ය කෘතීන් නිතරම සිංහලට පරිවර්තනය වී ඇති වුවත් ඕස්ට්‍රෙලියානු කෘතීන් පරිවර්තනය වී නැති තරම්ය. අපට ආගන්තුක ඕස්ට්‍රෙලියානු සාහිත්‍යයට පිවිසෙන්නට මෙය කදිම මාවතක් වනු ඇතැයි සිතමි.''
මෙම කෘතියේ කතුවරිය වූ තර්ලි පවුලර් දරු තිදෙනෙකුගේ මවක මෙන්ම මුණුබුරන් දෙදෙනෙකුගේ අත්තම්මා කෙනෙකුද වෙයි.


මේ පොත සඳහා 1986 දී  එම රටේ පැවැත්වූ වාර්ෂික පොත් සම්මාන උලෙලේදී හොඳම පොතට හිමි සම්මානය හිමි විය.
ඉතින් .. කියවපු නැති හැමෝම අරගෙන කියවලා බලන්න.
මේක නම් මම කාටවත්ම දෙන්නේ නෑ කියලා හිතුවා. මොකටද නිකම් විහින් ලැජ්ජ වෙන්නෙ.

I S B N   955 – 1387 – 30 - 9


Thursday, June 30, 2011

''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා''



ඔන්න ඔය ගොල්ලො කලින් කියෙව්වෙ '' පොතක් ගහන්න ගොස් හිරබත් කෑ තරුණයා'' ගැනයි.
දැන් කියවන්න යන්නෙ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ එකා'' පිළිබඳවයි. මේකෙත් මට ඇත්තටම යොදන්න  ඕන වුනේ ''පොතක් දෙන්න ගිහින් ලැජ්ජාවට පත් වූ තරුණයා'' කියලයි. ඒත් ඊලඟට මම කල්පනා කළා .. ඇත්තටම මම තරුණද ..? කියන එක.
 නෑ කියන එක මම  හොඳටම දන්නවනෙ. [මට දැන්පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ විතර වයසයි]  ඉතින්... ''ලැජ්ජාවට පත් වූ අන්කලයා''  ''මාමන්ඩියා''  ''ලොකු අත්තා'' වැනි යෙදුම් කීපයක් උත්සාහ කළත් ඒවා නොගැලපෙන බව පෙනී ගිය නිසා ''එකා'' කියන එකට කැමති වුනා. එකා කියන්නෙ නරක වචනයකුත් නෙවෙයිනෙ. ඉස්සර පෘතුගීසි හෝ ලන්දේසි යුගයෙත් හිටියලු ටිකක් තද පාලකයෙක් ''ඩි  එකා'' කියල. ඕකෙන්ම පේනවනෙ එකා කියන්නෙ ප්‍රසිද්ද නමක් විත්තිය.
මේක නම් මේ මටම වෙච්ච එකක්. ඔය ළමයි දන්නවනෙ .. මගෙ බ්ලොග් කටුවෙ ඔය ඉඳ හිට පොතක් ගැන පොඩි විචාරයක් දෙකක් දානවනෙ. අනේ මේ පණ්ඩිතකමට එහෙම නෙමෙයි .. නිකමට මම කියවන පොත්වලින් හිතට අල්ලපු ඒවට සරළව පොඩි විස්තරයක් තමා ලියන්නෙ.
ඒකෙන් මම බලාපොරොත්තුවෙන්නෙ තව කෙනෙක් ඒ පොත කියවීමට පෙළඹවීම කියල කිව්වොත් නිවැරදියි.
ඔය විස්තර පොජ්ජ කියවලා ඒ පොතට ආස වෙලා හොයාගෙන කියවන අය හුඟ දෙනෙක් ඇති. ඒක මට සතුටට කාරණයක්.
 සමහර අය පොත ඉල්ලන වෙලාවලුත් තියෙනවා. බ්ලොග් එකේ අය මෙන්ම එයින් බාහිර අයත්. [ගෑණු ..පිරිමි.. තරුණ.. මහලු.. කියල වෙනසක් නෑ.] මමත් ඔය හැම වෙලාවකදිම ඒක අවශ්‍ය අයට ලබා දීලත් තියෙනවා. අඩුගානෙ දෙන්න උත්සාහයක්වත් කරනවා. සමහරුන්ට මගට ගිහින් දීල තියෙන අතර සමහරුන්ට ගෙදරටම ගෙනියල දීලත් තියෙනවා. තවත් අයට මම තැපල් කරලත් තියෙනවා . තවත් කට්ටිය අපෙ ඔෆිස් එකට ඇවිත් පොත් අරගෙනත් යනවා. සමහරු පොත හොඳට කියවල ආපහු ගෙනත් දෙන අතර සමහරු පොත සමග අතුරුදහන් වෙනවා.ලෝකෙ හැටි එහෙමයි.
[අනේ මම මේ චරිත් මල්ලිට එහෙම නෙමේ කිව්වෙ.. චරිත් මල්ලි අසනීපෙන් කියල මම දන්නවනේ. සනීප වුනාම මට පොත ගෙනැවිත් දේවි ]
 ඉතින් මම මේව කරන්නෙ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි.මගෙ හිතේ සතුට උදෙසා. හිතේ සතුට සල්ලිවලට ගන්න බැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ.
ඔන්න දැන් අපි මේ ලියන එකේ මුඛ්‍ය පරමාර්ථයට හෙවත් ඇත්ත කතාවට ටික ටික ලං වෙනවා.
ඔය විදිහට පොතක පොඩි විස්තරයක් දැකපු එක ගැහ්ළමයෙක් පොත දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මාත් ඉතින් උඩ පැනගෙන [කෙල්ලෙක් ඉල්ලුවාම එහෙමනෙ] දෙන්නහ් කිව්වා. දැන් මේ ළමයා ආපහු අහනවා '' කොහොමෙයි දෙන්නෙ'' කියලා. මම ඉතින් ඒක දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක් ඈට විස්තර කෙරුවා.
 ඊට පස්සෙ ඇගෙන් කිසිම උත්තරයක් නෑ. මම සති දෙකක් විතර කට ඇරගෙන බලා හිටියා. ම්හු .. කිසිම ප්‍රතිචාරයක් නෑ. වෙනද මගෙ ලිපිවලට කමෙන්ට් එකක් හරි දාන ගෑනි දැන් ඒක දාන්නෙත් නෑ. මල මඟුලයි .. මම නරක දෙයක්වත් කීවාද ..?
 එක්කෝ මම ඇයව හමු වී පොත දිය යුතුය. නැතිනම් ඇය මාව හමුවීමට පැමිණ පොත ලබාගත යුතුය. එසේ කිරීමටත් නොහැකිනම් ඇගේ ලිපිනය [නිවැරදි] ලබා දිය යුතුය. එවිට මම එය තැපැල් කරමි.වෙන විදිහකට පොත දෙන්න මට තේරෙන්නෙත් නෑ. එහෙම නම් මම මෙහෙම කියන්න ඕන. ඔන්න අහවල් නගරයේ අහවල් ඔරලෝසු කණුව යට පොත තබා ඇත. කරුණාකර ගොස් ලබාගන්න. එහෙමද ඈ බලාපොරොත්තුවෙන්නෙ...? මා මුණගැහෙනවාට ඈ මෙතරම් අකැමැති මක් නිසාද ..? මේ අම්මන්ඩි මට බයද ..?
සමහරවිට මා වල් මිනිහෙක් කියා සිතුවා විය හැකියි. එසේ සිතුවා නම් ඇය නිවැරදිය. මා සම්පූර්ණයෙන්ම වල් මිනිහෙක්මි. හැබැයි දැන් නොවෙයි ..ඒ කාලෙ.. ඒ කිව්වෙ කොල්ල කාලෙ. දැන්නම් මම වයස නිසාවෙන් අනිවාර්යය උපාසක වෙලා සිටිමි.
ඔයින් මෙයින් සති තුනක් විතර වුනාට පස්සෙ මට නිකම් මේ .. පොඩි ලැජ්ජාවක් වගේ දෙයක් [ලැජ්ජාවම තමයි] දැනෙන්න පටන් ගත්තා. මුලදි මේක බොහොම හීනියට දැනුනෙ. පස්සෙ  එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. එහෙම වුනාම මගෙ කන් දෙපැත්ත රතු වෙන්න ගන්නවා. මම ඉතින් කලුපාටට හුරු මිනිහෙක් නේ. කලු එකෙක් රතු වුනාම දම්පාට වෙනව.ඔය ලැජ්ජාව කියන එකට පස්සෙ පස්සෙ හීනියට කේන්තිය කියන එකත් එකතු වෙනවනෙ. එතකොට එන්නෙ මහ අමුතු දම් පාටක්. දැන් මම ඉන්නෙ ඒ තත්වෙ.
මේ ළමයින්ට දැන් පැහැදිළි  වෙන්න ඇතිනෙ වෙලා තියෙන දේ.
ඉතින් ළමයිනි .. මම තීරණයක් ගත්තා ... මින් ඉදිරියට කාටවත්ම  පොත් නොදීමට.
 ඒක හොඳයි කියල ඔයගොල්ලොන්ටත් හිතෙනව නේද ..?