ඔන්න මමත් ඉතින් අද සිහින අවුරුදු උත්සවය බලන්න ගියානෙ.
යන ගමන්ම මගෙ තව යාලුවෙකුට උදව්වක් කරගෙනම යන්න වුණා.
[ එයා මගෙත් එක්ක මේ උත්සවයට එන්න පොරොන්දු වෙලයි හිටියෙ.]
නමුත් එයාට පොඩි කරදරයක් වුණ නිසා එන්න වුනේ නෑ.
ඉතින් ඒකත් බලාගෙනම එන්න සිදුවුන නිසා මමත් අවුරුදු උත්සවයට එනකොට පරක්කුයි.
එනකොටම ගේට්ටුව ගාවදිම හම්බවුනේ කවුද ... බොලේ අපේ මාරයා ...
එතකොටම මාරයා ගේ කටට එන වචනයක් තියෙනව. ඒ තමයි '' මාරයාට කු..මාරයා හමුවූවා'' කියන එක.
එයා මුලින්ම ඇහුවෙ මොකද පරක්කු කියන එකයි. මම ඉතින් කාරණාව විස්තර කළා ...
මාරයා තව යාලුවෙක් එනකම් බලාගෙන ඉන්න අතරෙ මම උත්සවයට ගියා.
ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව.
ඒ වුනාට කමක් නෑනෙ .. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...
බොහෝ දෙනෙක් පැමිණ සිටියා වුනත් .. සමහරු සුහදශීලි සිනා පෑවත් .. මටනම් ඇත්තටම ඔවුන් අඳුනාගන්න අපහසුයි.
එදා SBU එකට ආපු අය වුණත් මට නුහුරුයි වගේ. මේ මිනිස්සු වෙනස් වෙලා මට පේනව වත්ද ..? මම නැවතත් හොඳින් සෙනග පීරලා බැල්මක් දාලා බැලුවා.. දන්න අය ඉන්නවද කියලා. අඩුගානෙ ''සොඳුරු සිත'' වත් පේන්න ඉන්නවද කියල. ම්හු ..
යාන්තම් '' නීනු'' ව දැක ගන්න හම්බවුනා. කතාකරන්න නම් හම්බවුනේ නෑ.
ටික වෙලාවකට පස්සෙ ඔන්න ''දුකා'' ආවා. එයාව නම් දන්නවා. මුණගැහිල එහෙම නෙවෙයි. බ්ලොග් පිංතූරෙ හැටියට ඔහු තමාගෙ සැබෑ පිංතූරෙනෙ දාල තියෙන්නෙ.
ඔහුට කතා කරන්න මම ආසාවෙන් හිටියත් හැමවිටම ඔහුලඟ සෙනඟ ... නැතිනම් තරඟ සංවිධානයෙ යෙදෙමින්. හරිම බිසි.
මම මේ පහළින් දාල තියෙන පොටෝ එකේ දකුණු පැත්තට බරව කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ ''දුකා''. පින්තූරෙ නම් ටිකක් අපහැදිලි ඇති. මොකද මේක පෝන් එකක තියෙන දුර්වල කැමරා කාචයකින් ගත්ත නිසා.
ඔහුට කතා කරන්න බැරි වුනාට දුකෙන් බලාගෙන ඉන්න මාව ඔයගොල්ලොන්ට පේන්නෙ නෑ. ඒ මම ඉන්නෙ කැමරාවට පිටුපසින් නිසා.
මම හඳුනන එකම මිනිහා වන මාරයා ව කීපවිටකදි ම දුටුවත් .. මම ඔහු ලඟට වැඩිය යන්න උත්සාහ කළේ නෑ. එකක් තමයි .. එල්ලි එල්ලි කතාවට එනවට ඔහු අකමැති බව මම දැනසිටීම.
අනික තමයි… මාරයා සමග වාසය බයානක දෙයක් වීම. අපි හැමෝම මාරයා ගෙන් බේරෙන්නනෙ උත්සාහ කරන්නෙ.
හැබැයි ඒ බව වටහා නොගත්තු බුවාල කීපදෙනෙක්ම මාරයා සමග එල්ලිලා ඉන්නව දුටුවා... උන්දලට තේරේවි පස්සෙ.
කොහොම වුනත් උත්සවය හොඳට ගියා. මමත් හුදෙකලාවම වුනත් සතුටු වුනා. මේ වගෙ උත්සව වසරකට වරක්වත් පවත්වන එක හොඳ දෙයක්.
මේකෙ සංවිධායක මහත්වරුන්ව මම පුද්ගලිකව හඳුනන්නෙ නැති වුනත් ඒ ගොල්ලොන්ට ස්තූති කරන්න කැමතියි.