Powered By Blogger

Monday, December 13, 2010

කියවපු නැති අය සහ නැවත කියවන්න කැමති අය කියවලා බලන්න.


දැන් මේ පොත ගත්තොතින් නම් ... පරණම පොතක් කියල කියන්න පුලුවනි. [පළමු වරට මුද්‍රණය කරල තියෙන්නෙ අපි ඉපදෙන්නත් කලකට පෙර 1956 දි.....
මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙ විරාගය කිව්වම කව්ද නොදන්නෙ...
මේක මම කියෙව්වෙ කුඩා කාලයෙදි......
මේ ලඟකදි නැවත කියවන්න ලැබුණා .. 25 වන මුද්‍රණයෙන්. පොඩ්ඩ්ක් හිතන්න .. 25 වාරයක් මුද්‍රණය කරන්න නම් මේ පොතට කොයි තරම් ඉල්ලුමක් ඇතිද කියා.

ඒ නිසාම වෙන්න ඕන මේක විදේශීය භාෂා හතරකට .. එනම්
ඉංග්‍රීසි / දෙමළ / ප්‍රංශ / ජපන් යන භාෂා හතරෙන්ම පළ වෙලා තියෙන්නෙ.
මේ නැවත කියවීමෙහි එක වාසියක් තිබෙනව... ඒ කාලෙ කියවත්දි නොවැටහෙන තැන් හරි අපූරුවට දැන් වැටහෙන එක.

බොහොමයක් පොත් මම දෙතුන් පාරක් කියවනව.. පණ්ඩිත කමට එහෙම නෙවෙයි.. සමහර පොත් තියෙනව දෙතුන් වතාවක් කියෙව්වත් එපා නොවෙන.
සමහර පොත් අවුරුද්දකට විතර පසු ... නැවත අලුත් එකක් විදිහට කියවන්න පුලුවන්.
කොහොම වුනත් කමක් නෑ... කියවපු නැති අය සහ නැවත කියවන්න කැමති අය කියවලා බලන්න.

[හැබැයි අරවින්ද වගේ නම් වෙන්න එපා.]
බොහොම හොඳ පොතක්.

අපැහැදිලි අය පිංතූර මත ක්ලික් කරන්න.

Wednesday, December 8, 2010

වීදි දරුවන් අනාගතයේ මොන වගේ අය වේවිද ..?


අද කියන්න යන්නෙ ටිකක් විතර පරණ පොතක් ගැන. ... මේකෙ නම නම් ඉතින් කවුරුත් අහල ඇති ... ඒ තරම් ප්‍රසිද්ධ නමක් තමා තියෙන්නෙ.
 [චිත්‍රපටයෙ නම නිසා තමා ප්‍රසිද්ධ වුනෙ.]
‘’Slumdog Millionaire’’   කිව්වම කවුද නොදන්නෙ..
නමුත් මේ පොතේ ඇත්ත නම 
                                                    ‘’ Q  and A ‘’   [ප්‍රශ්ණය සහ උත්තරය]  නම් වෙයි.
මේක අපේ සිරිල් චන්ද්‍රසේකර මහතා විසින් සිංහලයට පරිවර්තනය කර තිබෙනවා ... ''කෝටිපතියෙකු වූ වීදි දරුවා'' යන නමින්.

ඉන්දියානු ජාතිකයෙකු වූ  ''විකාශ් ස්වරූප්'' විසින් ලියන ලද මුල් පොත..ඩැනී බොයිල් නැමැත්තා විසින් චිත්‍රපට ගත කරනු ලැබීම නිසා අති මහත්  ජනප්‍රිය භාවයට පත්ව ''ඔස්කාර්'' සම්මාන පවා දිනා ගන්නා ලදී.

මේ චිත්‍රපටය නම් මට නැරඹීමට ලැබුණේ නෑ. සම්මාන දිනූ අලුතම අපේ බයිස්කොප් සයිට් එකෙනුයි/ රොයිලි මලයගෙනුයි  ඉල්ලීමක් කළා මේ ෆිල්ම් එක උප සිරැසි සමග ලබා දෙන ලෙස.
 [ කොහෙද ඉතින් බීරි අලියො වගේ තමා හිටියෙ]
මොනව කරන්නද ... මෑතකදි පොත හරි කියවන්න ලැබුණ එක ලොකු දෙයක්.

මේ නිසා මට ෆිල්ම් එකද වඩා හොඳ.. නැතිනම් පොතද වඩා හොඳ ... කියල කියන්න අමාරු වෙනව.

දැනට මම හිතාගෙන ඉන්නෙ නම් පොත හොඳයි කියලයි. ෆිල්ම් එක බලපු දාට කෝකද හොඳ කියල කියන්නම්.





හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.

Monday, December 6, 2010

‘’ The Village By The Sea’’



මේකත් හොඳ ලස්සන කතාවක් තියෙන පොතක්.. ඒ තමා ඇනිට දේසායි කියන ලේඛිකාවගෙ ‘’ The Village By The Sea’’      කියන පොත.

 [ ඇය තම පළමු පොත පළ කරල තියෙන්නෙ ඈට වයස අවුරුදු 12 දි ලු.]
මේක සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ සිරිල් චන්ද්‍රසේකර මහත්මයා විසිනුයි.
අනික් කාරණේ තමයි මේ පොත ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපොස සාපෙ. හදාරන සිසු සිසුවියන් සඳහා අධ්‍යාපන බලධරයන් විසින් නියම කරල තිබීම.

මුහුද අසබඩ මනරම් ගම්මානයක වෙසෙන දුප්පත් පවුලක් වටා ගෙතුන මේ කතාවෙන්... ඔවුන් මහත් වැර වෑයමෙන් ජීවිතය ජය ගන්නා අන්දම විස්තර කෙරේ.


හැමෝම කියවන්න ... උත්සාහය කියන එක මනාව වටහල දෙන පොතක්.


අපැහැදිලි අය පිංතූර මත ක්ලික් කරන්න.

''ස්වයංජාත''



අද කියන්න යන පොත ටික කලෙකට පෙර බලපු එකක්... මේක මේ දවස්වල රූපවාහිනී ටෙලි නාට්‍යයක් විදිහට විකාශනය වෙනවා.. මේ ගැන ලියන්න හිතුවෙත් ඒකයි.
පොතේ නම තමා ''ස්වයංජාත''. එහි තේරුම වන්නේ තමා විසින්ම ඉපදුන ... නැතහොත් ඉබේම ඉපදුනා යන අර්ථය විය හැකියි..


කොහොම උනත් පොතයි ටෙලියයි දෙකම බලන මට වැටහෙන දෙයක් නම් පොතේ අහලකින්වත් ටෙලිය තැබිය නොහැකි බවයි.

මේක මට බොහෝ අවස්ථාවල සිදු වී ඇති දෙයක්. මෙහි ප්‍රධාන චරිතයට අපේ අර ''මුතුමිණ'' අරගෙන තිබුනා නම් වඩාත් හොඳ යැයි කියාද සිතේ.. එහෙම නම් ටිකක් හරි ගැලපෙන ගතියක් එන්න තිබුනා.

කොහොම වුණත් පොත තමා හොඳ .. හැමෝම බලන්න උත්සාහ කරන්න

කියවන්න අමාරු අය පිංතූර මත ක්ලික් කරන්න.

Tuesday, November 30, 2010

ශ්‍රී ලංකා කොටි


මේ පොත නම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් පොතක් වෙනවා නොඅනුමානයි.

කතුවරයා මෙහි නම .. ලංකා කොටි යනුවෙන් නොයොදා ශ්‍රී ලංකා කොටි යනුවෙන් තැබුවා නම් මම වඩාත් කැමතිය.
අපේ රටේ පැවති යුද්ධය පිලිබඳව හොඳ සමාලෝචනයක් කියල කියන්න පුලුවනි.
මෙහිදී ... කොටි පිලිබඳව මෙන්ම අපේ යුධ හමුදාව ගැනද මෙ මගින් විමසීමක් කෙරේ....කෙසේ වුවද මෙය ලියා ඇත්තේ ඉන්දියානු ලේඛකයෙක් බැවින් සිංහලයන්ට වඩා දෙමලුන් ගේ පැත්තට බරකර ලියා තිබීම විශේෂයෙන් දැකිය හැක්කකි.
මෙහිදී දෙමළා යනුවෙන් යෙදීම පිළිබඳව සමහරුන්  උරණ විය හැකි නමුත් .. සිංහලයාට සිංහලයා යැයි කී විට තරහ නොයන්නේ නම් .. දෙමළාට දෙමළා කී විටද තරහ නොයා යුතු බව මගේ පුද්ගලික අදහසයි.
මෙහිදී කතුවරයා බොහෝ පුද්ගලයින් මෙන්ම ආයතනද හමුවී සාකච්චා පවත්වා ඇති බව කියා තිබේ.

කෙසේ වුවත්.... තරමක් පක්ෂග්‍රාහී වුවත් ශ්‍රී ලංකාවේ කොටි සහ අනෙකුත් කල්ලි හැදී වැඩී වර්ධනය වූ ආකාරය පිලිබඳ මනා අවබෝධයක් අපට ලබා දෙයි.



මේ ත්‍රස්තවාදී ප්‍රශ්ණය ට මැදිහත් වූ ඉන්දියාවේ ප්‍රබල කෙරුමන් සහ ශ්‍රී ලංකාවේ කෙරුමන් ගේ වැඩ කිඩ දැනගැනීමට නම් ඔබ මේ පොත අනිවාර්යයෙන් ම කියවිය යුතුය යන්න මගේ අදහසයි.

Monday, November 29, 2010

හුඟ කලෙකින් කියවපු අමුතු පොතක් ....

සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය විසින් රචිත මෙම පොත 2010 වසරේ නැවත මුද්‍රණය කර තිබෙයි.
හුඟ කලෙකින් කියවපු අමුතු පොතක් ....

ඇත්තටම අපි අපේ රටේ පැරණි රාජධානි හා එහි රජවරු ... එසේම එහි එකල සිදු වූ දේවල් පිළිබඳව දන්නේ කොයි තරම් ස්වල්පයක්ද .. යන පැනය මෙය කියවූ පසුව මතු වේ.
ඒ කාලයෙත් දකුණු ඉන්දීයයන් හා අපේ රටේ එවුන් අතර පැවති සැබෑ යුද්ධ හා සීතල යුද්ධ ගැන හොඳ විස්තරයක් මේ පොතේ ඇතුලත්ය.
නමුත් මෙය ලියා තිබෙන්නේ බෞද්ධ ඌරුවටය.
පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටස් කීපයකි.


හැමෝම මේ පොත කියවනවානම් හොඳයි කියා මම සිතමි.






අපැහැදිලි අය පින්තූර මත ක්ලික් කරන්න.

Saturday, November 6, 2010

සම්මාන දිනූ පොතක් .....


මේ පොත නම් පුදුමාකාර පොතක් .... මම පොඩි කාලෙ ඉඳලම බොහෝ පොත් කියවා ඇත්තෙමි... ඒත් මේ වගේ පොතක් කියෙව්වේ පළමු වතාවටය කියල කියන්න පුළුවනි.
නූපා ගේ කතාව මෙරට බොහෝ තරුණියන් ගේ කතාව නොවේ ....

විදේශිකයින් සමග විවාහ වී එම රටවල පදිංචියට යන අතළොස්සක් තරුණියන් ගේ කතාවයි.
නමුත් මෙරට තරුණියන්ගේ පොදු දුඃකාලාපය මෙය තුළ අන්තර්ගතය.

සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය දක්ෂ කතා කාරියක බැවින් කතාව මැනවින් ඉදිරිපත් කොට ඇත ....
එම නිසාම මේ පොතට සම්මාන ත්‍රිත්වයක් හිමිව තිබේ.
මගේ අදහසත් මෙය ඉතා හොඳ පොතක් බවයි.....

ඔයාලත් කියවලා බලන්න.