අද කියන්න යන පොත නම් ටිකක් විතර අමුතු එකක්.. ඒ වගෙම අරුම පුදුම කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.
[ මේ පොතේ කවරයෙ පිංතූර නම් ටිකක් අපැහැදිලියි. මොකද අපේ කට්ටිය ඒ පොත හමගැහෙනකම් ම කියවල .]
''හුදෙකලා වී කෙම් බිමේ'' යන නමින්මේක පරිවර්තනය කරල තියෙන්නෙ අපේ භාෂාවට , එල්.බී හේරත් මහතා විසින්. පොත පළ කරල තියෙන්නෙ 2004 වසරෙදි.
පැරණි මිසරයේ පාරාවෝ රජවරුන්ගෙ කාලයේ ... එනම් ඈත අතීතයේ සිදුවූ සිදුවීම් තමා මෙහි විස්තර වෙන්නෙ.
ගඟ දිගේ පාවෙලා ආපු බඳුනක සිටි කුඩා දරුවෙක් ලොකු මහත් වී වෛද්‍ය විද්‍යාව ඉගෙන [ එකල තිබූ] පාරාවොගෙ සේවයට බැඳෙනව. ඔහු එම කාලයේ සිදු වූ සිදුවීම් විස්තර කරන ආකාරයයි මෙහි දැක්වෙන්නෙ.
අවසානෙදි ඔහු දැනගන්නව තමාත් පාරාවො ගෙ නිල නොලත් පුත්‍රයෙක් කියල.
ඉතාම හොඳ පොතක්.
කියවලා බලන්න.
ISBN – 055 – 1097 – 01 - 07