කරුණාදාස සූරිය ආරච්චි මහතා කිව්වම අපි හැමෝම දන්න කෙනෙක්නේ.... මම එතුමගෙ පොත් ගැන මීට කලිනුත් කතා කරල තියෙනව.
මේ එයා ලියපු තවත් පොතක් ...
නම ... ''අන්ධකාර තාරකාව.''
මේ පොත මම අහම්බෙන් දැක්කෙ.. අපේ මාරයගෙ මේසෙ උඩ තිබිල. දැන් ඉතින් මාරය කිව්වම කලබල වෙන්න එපා.. ''මාරයගෙ හෝරාව ලියන මාරය නෙවෙයි මේ. මෙයත් මාරයෙක් තමයි. අපි කියමුකො ''පොඩි මාරෙ'' කියල , හඳුනාගැනීමේ පහසුව තකා.
මිනිහ මේ දවස්වල නිවාඩු ගිහින්.. ඒ නිසා බය නැතුව පොත අරගෙන කියෙව්ව. හැබැයි..ඇත්ත කියන්න ඕනනේ.. මේක නම් ටිකක් දිරවගන්න අමාරු පොතක්. කසුරි ගෙ වෙනත් පොත් වගේ නෙවෙයි. රචනා ශෛල්‍යය අධි සම්භාව්‍ය ගතියෙන් යුක්තයි.
මේකෙ තියෙන්නෙ පියෙකුත් දුවෙකුත් අතර තියෙන තද බැඳීම .. පිළිබඳව අධ්‍යාත්මික පැත්තෙන් බැලීමක්.
පුදුමයි මේකට සම්මානයක් ලැබුණෙ නැති එක. මොකද .. ලංකාවෙ වැඩිපුරම සම්මාන ලැබෙන්නෙ .. තේරුම් ගන්න අපහසු පොත් වලට ලු නේ.
මේ පොත පිළිබඳව කසුරි ගේ අදහස්
මෙහෙමයි.
''මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබෙයි.
ඒ අනුව ''පිටස්තරයා'' සහ ''අවජාතකයා'' යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ... මිනිසුන්ම මිසක පිටස්තරයෝ හෝ අවජාතකයෝ නොවෙති.''
ඉතින් කොහොම වුනත් හොඳ පොතක්... හැමෝම අමාරුවෙන් වුනත් කියවල බලන්න.