Powered By Blogger

Tuesday, October 19, 2010

“ බාබ්ලි ......”

                                                                   බාබ්ලි ......



මේක නම් අලුත්ම පොතක්.... ප්‍රකාශ කරල තියෙන්නෙ 2010 වසරෙ. ලියල තියෙන්නෙ අපේ දයා දිසානායක මහතා විසින් ...
මං හිතන්නෙ දයා දිසානායක මහතා ගැන සමහර කියවන්නො දන්නවත් ඇති.. මොකද ... ඔහු තමයිලු අන්තර්ජාලයට පළමු සිංහල නවකතාව මුදා හැරියෙ.
ඒකෙ නම තමයි "වෙස්සන් නොවූ වෙදුන්". [ඒක ගැන මම පස්සෙ ලියන්නම්.]
කොහොම වුණත් .... මේ පොත ගැන කියනවනම් .. ඒක ටිකක් අමුතුයි. අමුතු විදිහකටයි ලියල තියෙන්නෙ. මුලදි නම් මේක අපභ්‍රංසයක් විදිහටයි පේන්නෙ.
කියවන්න ආස හිතෙන විදිහකට නෙමේ තියෙන්නෙ. නමුත් ටිකක් දුර කියවගෙන යනකොට කතාව පැහැදිලි වේගෙන එනව. ඊට පස්සෙ නම් දිගටම කියවගෙන යන්න හිතෙනව. අවසානයට මොකද වෙන්නේ කියන කුතුහලය ඇතිවෙනව. මං හිතන්නෙ කතාවක තිබිය යුතු එක ගති ලක්ෂණයක් තමා ඒක. කියවන්නා දිගටම කියවීමට පොළඹවා ගැනීම.


දයා දිසානායක මහතාගෙ බොහෝ කෘතීන්වල මෙන්ම මෙහිත් .. සිංහල ජාතිය සතු පැරණි ප්‍රතිකාර ක්‍රම, බෙහෙත් වර්ග ජීවන ක්‍රමය ආදිය ඇගැයීමකට ලක් කොට තිබෙයි.මෙසේ පැරණි වෛද්‍ය ක්‍රම පිළිබඳව පාඨකයා තුළ උනන්දුවක් ඇති කිරීමම එතුමා කරන වැදගත් සේවයක් වෙයි.

මෙහි එන ප්‍රධාන චරිතය වන "බාබ්ලි" හරි අමුතුයි. ඈ තම පියා පෙලෙන රෝගයෙන් සනීප කර ගැනීමට බොහෝ වෙහෙසෙන , කැප වන තරුණියක්.
ඇයට එය සාර්ථකව කර ගත හැකි වේද ...?
දැන ගන්න නම් පොත බලන්නම වෙනව.

1 comment: