Powered By Blogger

Tuesday, October 12, 2010

“ The Guide “ [“ වීදුරු බිත්ති “ ]

අද මම කියන්න යන්නේ අලුත් පොතක් ගැන නොවෙයි .. ටිකක් පරණ පොතක් ගැන. පරණ උනාට මේක නියම පොතක් ...


සමහරවිට ඔයාල අහල ඇති ආර්.කේ. නාරායන් ගැන. එයා ඉන්දියානු ජාතික ලේඛකයෙක්. අර ඒ දවස්වල අපි හැමෝම හරි ආසාවෙන් බලපු .."මල් ගුඩි ඩේස් " වැඩ සටහන මතකද ..? මල්ගුඩියෙහි දවස් කියන ඒ කතා ටික ලිව්වෙත් මෙතුමාම තමයි.
ආර්.කේ. නාරායන් මහතා බොහෝ පොත් ලියපු කෙනෙක්. එයින් එක පොතක් ගැන තමා අද කියන්න යන්නෙ.

මේකෙ නම තමා  “ The Guide [ වීදුරු බිත්ති ]
පරිවර්තනය කරල තියෙන්නෙ ... ආරියදාස සෝමතිලක මහතා විසින්.
මේ පොත ..1960 වසරේ ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන් පුද ලද එකකි.
සිංහලෙන් ප්‍රකාශ කරන ලද්දේ 1988 දීය. එහි දෙවන මුද්‍රණය 2000 වසරේදී පළ විය.

මෙහි එන රාජුගේ චරිතය පුදුමාකාර එකකි. හොඳින් දියුණු වේගෙන එන තරුණයෙකු වන ඔහු අසම්මත පෙමක පැටලීම නිසා සමාජයෙන් ගැරහුම් සහ අවමන් ලබයි.[මල ඉලව් සමාජයට කරන්න පුලුවන් ඕක විතරනේ...]
රාජුගේ අම්මා පවා ඔහුව අතහැර යයි.
පසුව තම පෙම්වතියගේ උදව්වෙන් සමාජයේ ඉහළම තලයට පිවිසෙන ඔහු ... එහි වැජඹෙන ඔහු ...
හදිසියේම කඩාගෙන වැටෙයි.... හිරේ විලංගුවේ වැටීමට පවා සිදු වේ.
එසේ වෙන්නෙ ඇයි...? ඔහු කළ වරද කුමක්ද ...?
 මේවා දැන ගැනීමට නම් පොත කියවිය යුතුම වන්නේය.

මම නම් මේකෙ එන අවසානයට කැමති නෑ. සමහර විට ඔයගොල්ලො කැමති වෙයි.
ඉතාම හොඳ පොතක් .... කියවල බලන්න.


පිංතූර අපහැදිලි නම් ඒ මත ක්ලික් කරන්න.

1 comment:

  1. හොය හොය හිටිය කෙනෙක් හමුවුනා.... කතාව ඇත්ත . කුමාර මගේ බ්ලොග් ඒකේ වැඩිය කමෙන්ටු නොලීවත් ඒ ලියපු තුන හතරෙනුත් දෙකක් විතර මම ඩිලීට් කරල ඇති... හදුනා ගැනීම සතුටක්. සින්ඩියක ඉන්නවද? සින්ඩියකට එකතු වෙන්න....

    ReplyDelete