Powered By Blogger

Friday, October 8, 2010

"කළු දෝංකාරය"

තවත් හොඳ පොතක් ...



දැන් මම කියවල ඉවර වුනෙ තවත් අලුත් පොතක්... ඒකෙත් නම "කළු" කියල පටන් ගත්තට ... නමට තවත් කෑල්ලක් තියෙනව..
සම්පූර්ණ නම "කළු දෝංකාරය"
මේක ලියල තියෙන්නෙ මම බොහොම ගරු කරන, හොඳ ප්‍රසිද්ධ ලේඛකයෙක්.
එතුමා තමයි කරුණාදාස සූරියාආරච්චි මහතා. 'කසුරි' කියල කෙටියෙන් කිව්වොත් සාහිත්‍ය ලෝකයේ හැමෝම දන්නවා ඇති.
ඉස්සර දිවයින පත්තරේට  "වට රවුම " නැමති විශේෂාංගය ලිව්වෙත් එතුමාම තමයි.
මේ කතාවෙන් ගම්‍ය වෙන්නෙ... පසුගිය උතුරෙ යුද්දෙ තියෙන කාලෙ ඊට පැටළුනු දෙමළ ජාතික යාපනයෙ පවුලක් හා ඔවුන්ගේ ඥාතීන් අතර ඇතිවන වෙනස්කම්...

මෙහිදී යුද්ධය දෙස මෙන්ම එයට මැදි වූ ජනයා [සිංහල/ දෙමළ/ මුස්ලිම්/ බර්ගර්/ ] දෙස කතාකරුවා සානුකම්පිත ලෙස බලා ඇත.
කසුරිගේ කලින් පොතට වඩා [කන්ද පාමුල ] මේ පොත කියවීමට ආසාව ඇති කරයි.
මේකනම් ඉතා හොඳ පොතක්...


No comments:

Post a Comment