Powered By Blogger

Wednesday, October 27, 2010

"ලැජ්ජාවක් ඇත්තෙම නැති පොතක්..."

මේ කියන්න යන පොතත් අලුත්ම පොතක් කියල කියන්න බෑ. නමුත් ඉතාම හොඳ පොතක් කියල බය නැතුව කියන්න පුලුවන්.
පොත මුද්‍රණය කරල තියෙන්නෙ 1997 දී.... එච්.ඒ. සෙනවිරත්න මහතා විසින්.
මේ පොතට තියෙන්නෙ හැබෑම ලැජ්ජා නැති නමක්... මට නම් කියන්නත් ලැජ්ජයි වගේ ....ඒ වුණාට නොකියත් බෑනෙ. මේකෙ නම තමා "නිර්ලජ්ජී" ...
නම අහනකොටම ලැජ්ජා හිතුණා නේද ..?

 [ඒ වුණාට අපේ ලංකාවෙ සමහර මිනිස්සු නම් අහන්නෙ ...ලැජ්ජාව කියන්නෙ මොකද්ද අනේ ...? කියලයි]
ඒ තරමටම අපේ සමහර මිනිස්සුන්ට ලැජ්ජා නෑ. ඉතින් ඔන්න ඔය ලංකාවෙ ඉන්න ලැජ්ජා නැති මිනිස්සු කරන ලැජ්ජා නැති වැඩ ගැන තමා මේ පොතෙන් කියවෙන්නෙ.


මේක නම් පොතක් ආරම්භ කිරීමට සුදුසු වාක්‍යක් නොවෙයි ... නමුත් කතුවරයා වෙනසකටත් එක්ක පටන් ගන්නේ ඒ විදිහටයි.

 
 ඇත්තටම මේකෙන් කියවෙන්නෙ අපේ රටේ තියෙන නිදහස් වෙළඳ කලාප ප්‍රදේශයන්හි සිදුවන අකටයුතුකම් සහ නොමිනිස්කම් පිළිබඳව. පිරිහෙන මිනිස් ගුණධර්ම සහ මානසික පීඩා ඉදිරියේ ඔවුන්ගේ ලැජ්ජා නැති ස්වභාවය  කතුවරයා විසින් තවත් විවර කොට පෙන්වා  දී ඇත.


මේ කතාව මනඃකල්පිතයක් සේ ගොතා තිබුණද ... එම චරිත දෙස හොඳින් විමසා බැලීමේදී.. මටනම් සිතුනේ මෙය සත්‍ය කතාවක් බවයි.
හැබැයි මේකෙ පිටකවරය ගැන නම් මම සෑහීමකට පත් වුනෙ නෑ. මේ කතාවට ඒක නොගැලපෙන බවකුයි පෙනී ගියෙ. ඒ වුණාට අන්තර්ගතය නම් විශිෂ්ඨයි කියල කියන්න පුලුවනි. [කවරෙ කන්ඩයැ]
හැමෝම කියවල බලන්න ....

No comments:

Post a Comment