Powered By Blogger

Wednesday, October 6, 2010

THE SILVER SWORD , [ "රිදී කඩුපත" ]


මී ලඟට මා කිය වූ පොත ළමා කතාවකි. ළමා කතාවක් කීවත් .. වැඩිහිටියන්ටත් එය සුදුසුයි කියා සිතමි.
එය ඉයන් සෙරේලියර් ගේ රිදී කඩුපත නම් වෙයි.
     Ian Serraillier  ගේ   THE SILVER SWORD , [  "රිදී කඩුපත" ] ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය විසින් පරිවර්තනය කරන ලද්දකි. ඇය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගුරුවරියක් මෙන්ම ගුරු උපදේශිකාවක් ද වෙයි.
මෙහි ප්‍රථම මුද්‍රණය 2004 වසරෙදි  සහ දෙවන මුද්‍රණය 2007 වසරෙදිත් නිකුත් කොට ඇත.


මෙය දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජීවත් වූ පෝලන්ත ජාතික පවුලක් වටා ගෙතී ඇත. යුද්ධය නිසාම දෙමාපියන් අතුරුදන් වූ පසු අනාථ වන ළමයින්ගේ ජීවිතය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු.... මෙන්ම ඔවුන් තම දෙමව්පියන් සොයා ගැනීමට දරණ මහත් උත්සාහය මෙම පොතෙන් අපූරුවට ඉදිරිපත් කර ඇත.
ඔවුන්ට තම දෙමාපියන් සොයාගැනීමට හැකි වේද ? ... නැතහොත් ඔවුනුත් යුද්ධයටම බිළිවේද ...?
කොහොම වුණත් හොඳ පොතක් ....
පොත කියවලාම බලන ලෙස ඉල්ලා සිටිමි.

No comments:

Post a Comment