Powered By Blogger

Friday, May 1, 2015

අපේ සින්ඩිය



අපේ සින්ඩියට මක් වෙලාද බොලව් ..

ඒක ආපහු අරින්නෙ නැද්දෝ ..

Sunday, August 31, 2014

අපේ කාලයේ වීරයෙක් ...



ඔන්න මේ දවස්වල ආපහු කියවන පොත ..


ආහ්හ් .. මේ පැරණි පොත් ..  මං බොහෝ ආසා කරන්නේ ඒවාටයි ..
කොළ ගැලවුනු .. පිට කවරය හම ගිය  ඒවා කියවීමේ රුචිය වඩවයි ..
[ අලුත් මුද්රණවලට කවදත් මම කැමති නොවෙමි ]


මෙහි එන කතා බොහෝ කලකට පෙර ලියූ ඒවා වුවද .. හැම කාලයටම පොදු බවක් හැඟෙයි ..
එම නිසාම ලෝබ නැතුව නැවත කියවිය හැකිය ..
අවුරුදු ගණනාවකට පසු .. නැවතත් කියවිය හැකිය ..


ඔන්න කොල්ලනි .. කෙල්ලනි  .. හොයාගෙන නැවත වතාවක් කියවල බලහල්ලා ..
කදිම පොතක් ..


Saturday, May 10, 2014

ආසියාවේ නෙවේ .. මේක දිගා මඩුල්ලෙ ලු ..


ඔන්න ඉතින් අලුතෙන් පොතක් කියව ගත්තා .. අලුතෙන් කිව්වට අලුත් පොතක්මත් නෙවේ ඒක.

 

අපි ඉස්සර පාසැල් යන කාලෙ පාඩම් පොතක තිබ්බ '' නෙල්ලි කැලේ '' කියන පාඩම පරන උදවියට තාම මතක ඇති.
පාඩම් පොතේ තිබුන ඒ පොඩි කොටස කියවපු දා ඉඳලා .. මම මේ පොත කියවන්න අසා කළා.
ඉතින් පහුගිය දා ඔන්න වැඩේ හරි .. වුනා.
ඒ කාලෙ නැගෙනහිර පළාත ගැන කදිම විස්තරයක් මේකෙ තියෙනවා ..




එක් දහස් නවසිය පණස් ගණන්වල .. ඒ පළාත් වල රාජකාරි කරපු උදවිය හා  සාමාන්‍ය ජනයා ජීවත් වූ ආකාරය.. වගේම ඔවුන්ගේ ගැටලු .. ආදිය පිළිබඳව කදිම විග්‍රහයක් මෙහි ඇතුළත්ය ..




පුලු .. පුලුවන් අය ඉතින් ඔන්න කියවා බලන්නකො ..



 

Tuesday, February 11, 2014

පුදුමාකාර සාකච්චාවක් ...




මේක යාලුවෙක් මට එවල තිබුනා .. සමහරු TV එකේ නරඹන්නත් ඇති ..
පුදුමාකාර සාකච්චාවක් තමයි මේක නම් ..
බලන්නකො ..


https://www.facebook.com/photo.php?v=590849847663308&set=vb.409238642491097&type=2&theater

 

Thursday, December 19, 2013

කණගාටුයි මිතුරනි ...



කණගාටුයි මිතුරනි ...  දැන් මාස තුනකුත් පහු වුනා .. මොනව හරි ලිව්වෙ නැත්නම් මට කෙල වෙයි දෝ ... [ මට කිව්වෙ මගෙ බ්ලොග් එකට ]

අම්මපල්ලා ... හෙටම මොනව හරි ලියනව ලියනවමයි

Wednesday, September 11, 2013

පෝන් එකකට සිංහල අකුරු දමා ගැනීම .





 

මිත්‍රවරුනි ...

ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් 4.1.1 ට සිංහල අකුරු [යුනිකෝඩ්ස්] දමා ගන්නේ කොහොමද ...  ?

ඉන්පසු මට වෙනදා වගේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය භාවිතා කරමින් ලිවිය හැකි වේවිද ...?

[ දැන් ඉතින් බනින්න එපා ... මේව මෙතන අහන්න එපා ... පෝරම් එකකට පළයන් .. ආදිය කියමින්.

මට පුරුදු මේ බ්ලොග් එකනෙ. ඒ නිසා ප්‍රශ්නයක් මතු උනාම මෙතන තමයි  ලියන්නෙ. කාට හරි තරහ ආව නම් කණගාටුයි.]

Thursday, August 29, 2013

අද වැනි දිනක ....



 

නිහඬ බව ...
සුන්දරය ඔබ ....
නිහඬ බව ....
පිවිතුරුය ඔබ ..
නිහඬ බව ..
විස්මිතයි ඔබ ..
නිහඬ බව .....
නිහඬ බව .....
සමහර විට ...
සිත පාරවයි ඔබ ...
නැත ...
නැත ...
අති බිහිසුණුය ඔබ ...


 

[ මම හුඟක් ම ආදරෙන් හිටියා වූ ද...

 කරුණාවන්ත යැයි මා වරදවා හිතාගත්තා වූ ද  ..

මා මෙන්ම සංවේදීය කියා නුහුරට හිතුවා වූ ද  ...

එහෙත් අවාසනාවට එසේ නොවුනා වූ ද ...

 මගෙ හිතවතිය අමනාප  වීමේ සැමරුමයි ]