Powered By Blogger

Thursday, October 21, 2010

''වෙස්සන් නොවූ වෙදුන්''

    වෙස්සන් නොවූ වෙදුන්


කලින් ලිපිය ලියද්දි කිව්වනෙ .. දයා දිසානායක මහත්තයගෙ අන්තර් ජාලයට මුදා හැරපු පළමු පොත ගැන.
දැන් ලියන්න යන්නෙ ඒ පොත ගැන තමයි. මේක කියවන්න අවශ්‍ය අයට පුස්තකාලය.කොම් [www.pusthakalaya.com] එකට ගිහිල්ල ඕන නම් කියවන්න පුලුවන්.... නැතිනම් බාගත කරගෙන කළබලයක් නැතුව කියවන්නත් පුලුවන්.
ඒත් නැත්නම් එහි ප්‍රින්ට් එකක් අරගෙන ගෙදර ගෙනියල නිවී හැනහිල්ලෙ කියවන්නත් පුලුවන්...[ මම නම් කළේ ඒ විදිහටයි]
කොහොම හරි කමක් නෑ ... ඔයාල මේක කියවනවනම් ....
මෙහිදීත් කතාව ගෙතී ඇත්තේ පැරණි සිංහල වෛද්‍ය ක්‍රමය අගය කරමින් ... එමඟින් විස්මිත ලෙස රෝගීන් සුවපත් කරවීම පිළිබඳවය.

එසේම බටහිර බෙහෙත් වර්ග හා නොයෙකුත් ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන විපාකයන්ද මෙයින් පෙන්නුම් කෙරේ......
මට නම් තේරුණේ මෙහි කතාවක් තුල කතාවක් ගලාගෙන යන බවය.
එක් පසෙකින් මුහුදෙන් පාවී ආ අන්ධ තරුණයා ගැනත් ... අනෙක් අතින් ..  බටහිර ඖෂධ නිසා අක්මාවේ ආබාධයකින් පෙළෙන මධ්‍යම පාන්තික තරුණිය ගේ කතාවත් ප්‍රධාන වෙයි.
කතුවරයා විසින් මෙම කතා ද්වයම කියවන්නාට අපහසුවක් නොවන අන්දමින් මනා ලෙස සංයමයකින්  ඉදිරිපත් කරනු ලබයි.
ඔයගොල්ලොත් අරගෙන කියවලා බලන්න.
මෙන්න තැන ... www.pusthakalaya.com
මේ කතාවට දී ඇති නමේ තේරුම ඔයාල දැනගන්න කැමති ඇති.
"වෙස්සන්" කියල කියන්නේ [කතුවරයාම කියන පරිදි]
වෛශ්‍යාවන් / එහෙම නැතිනම් වෙළෙදුන් යන අදහසයි.
වෛශ්‍යාවන් එහෙම නැතිනම් වෙළෙඳුන් බවට පත් නොවූ වෙදුන් /වෛද්‍යවරුන්  යන අදහස මෙයින් ගම්‍ය වේ.


No comments:

Post a Comment