Powered By Blogger

Thursday, December 30, 2010

''අන්ධකාර තාරකාව.''



කරුණාදාස සූරිය ආරච්චි මහතා කිව්වම අපි හැමෝම දන්න කෙනෙක්නේ.... මම එතුමගෙ පොත් ගැන මීට කලිනුත් කතා කරල තියෙනව.
මේ එයා ලියපු තවත් පොතක් ...
නම ... ''අන්ධකාර තාරකාව.''
මේ පොත මම අහම්බෙන් දැක්කෙ.. අපේ මාරයගෙ මේසෙ උඩ තිබිල. දැන් ඉතින් මාරය කිව්වම කලබල වෙන්න එපා.. ''මාරයගෙ හෝරාව ලියන මාරය නෙවෙයි මේ. මෙයත් මාරයෙක් තමයි. අපි කියමුකො ''පොඩි මාරෙ'' කියල , හඳුනාගැනීමේ  පහසුව තකා.
මිනිහ මේ දවස්වල නිවාඩු ගිහින්.. ඒ නිසා බය නැතුව පොත අරගෙන කියෙව්ව. හැබැයි..ඇත්ත කියන්න ඕනනේ.. මේක නම් ටිකක් දිරවගන්න අමාරු පොතක්. කසුරි ගෙ වෙනත් පොත් වගේ නෙවෙයි. රචනා ශෛල්‍යය අධි සම්භාව්‍ය ගතියෙන් යුක්තයි.

මේකෙ තියෙන්නෙ පියෙකුත් දුවෙකුත් අතර තියෙන තද බැඳීම .. පිළිබඳව අධ්‍යාත්මික පැත්තෙන් බැලීමක්.
පුදුමයි මේකට සම්මානයක් ලැබුණෙ නැති එක.  මොකද .. ලංකාවෙ වැඩිපුරම සම්මාන ලැබෙන්නෙ .. තේරුම් ගන්න අපහසු පොත් වලට ලු නේ.
මේ පොත පිළිබඳව කසුරි ගේ අදහස්  
මෙහෙමයි.
''මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබෙයි.
ඒ අනුව ''පිටස්තරයා'' සහ ''අවජාතකයා'' යන වචන අවලංගු වී යා යුතුය.
මිනිසුන් අතර සිටින්නේ... මිනිසුන්ම මිසක පිටස්තරයෝ හෝ අවජාතකයෝ නොවෙති.''


ඉතින් කොහොම වුනත් හොඳ පොතක්... හැමෝම අමාරුවෙන් වුනත් කියවල බලන්න.


5 comments:

  1. මාර බුලට් එකක් මූ හිතන් ඉන්නෙ කියවගන්න අමාරු ජාතක හොඳ එව්ව කියල..ඒ මදිවට මූට කියවන්න බැරි එක අපිට කියවන්න කියන්ව...සෝක් කකුලු පැටිය....

    ReplyDelete
  2. @ indi....

    මම මේ පොත ගැන ලියල තියෙන්නෙ මට තේරෙන විදිහටයි ...
    පොත පිළිබඳ පොඩි විස්තරයකුත් .. ඒ ගැන මගේ පෞද්ගලික අදහසුත් සමගයි ඕක ලියන්නෙ.
    අනික මම කවදාවත් අහවල් පොත කියවන්න කියල බල කරල නෑ... කියවන්න කියල ඉල්ලීම් නම් කරල තියෙනව.
    ඔබ මේ පොතට අකමැතියි වගේ නම් නොකියවා ඉන්න සම්පූර්ණ නිදහස ඔබට තියෙනව.

    ReplyDelete
  3. කසුරි නේද? ලස්සන කවි ලියනවා....

    ශකුවිත් එහෙමයි.

    පොත් කියවන්න කෝ මට වෙලාව... වෙලාව ගොඩයි. ඒත් නිරපරාදේ හිතන්නම වෙලාව යනවා මට...

    " පොඩි මාරයා " ස්කෝලෙ යන දරුවෙක් ද?

    ReplyDelete
  4. හැමදාම අපිට පොත් නිර්දේශ කරන එකේ මෙන්න මම අවසානෙට බලපු පොත..

    සුමිත්‍රා රාහුබද්ධ ගේ කන්දක් සේමා

    ReplyDelete
  5. ස්තූතියි වත්....
    හුඟක් අය කියන එකක් තමා ... පොත් කියවන්න වෙලාවක් නෑ කියන එක.
    ඒ වුනත් ඔයත් පොත් කියවන බව දැන ගන්න ලැබුන එකට සතුටුයි. පොත් කියවීම නිසා අපට අපේ හිත් සංසුන් කර ගන්න පහසු වෙනව කියන එකයි මගෙනම් අදහස.
    අපොයි .. පොඩි මාරෙ කිව්වට පොඩි නෑ. [මගෙ හොඳ යාලුවෙක් වගේම නුවර හාදයෙක්] දවසක ඔයාට මුන ගස්සවන්නම්කො.

    ReplyDelete