Powered By Blogger

Wednesday, December 22, 2010

''සත්‍යකාම''


කැත්ලීන් ජයවර්ධන කිව්වහම පොත් කියවන්නො හැමෝම වගෙ දන්නවා හොඳ ප්‍රසිද්ධ ලේඛිකාවක් බව.
මුලදි ඈ ලියල තියෙන්නෙ නාට්‍ය පිටපතක්.
ඇගේ සිතේ මේ පොතට අදාල වස්තු බීජය පහල වෙලා තියෙන්නෙ එතකොට.
 අපේ  හිටපු ප්‍රවීන නාට්‍ය කරුවෙක් වන සුගතපාලද සිල්වා මහතා නිෂ්පාදනය කළ... ස්වදේශීය ගුවන් විදුලියේ විකාශනය වූ නාට්‍යය අහන කොට ඇයට හිතුනලු ... ගුවන් විදුලි නාට්‍යයක් තුළින් ඇය කියන්න ගිය දේ හරියට කියවෙන්නෙ නැති බව. [ඇය කියන්න උත්සාහ කලේ ප්‍රේමය ගැන.]
මේක මීට වඩා පුලුල් ලෙස කිවයුතුයි කියා සිතුනලු.
එහි ප්‍රථිඵලය තමා මේ නව කතාව.

''සත්‍යකාම'' නම් වූ මෙය බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේ එනම් ක්‍රි.පූ. හයවන සියවසේ ජීවත් වන මිනිසුන් හා ඔවුන්ගේ චර්යා රටා අලළා ලියා තිබෙන්නකි.







හැමෝම කියවන්න. හොඳ පොතක්.

2 comments:

  1. මමත් මේ පොත කියෙව්ව...ස්වර්ණ පුස්ථක සම්මානයටත් මේ පොත නිර්දේශ වුනා....නමුත් පොදු පුරුෂයා කියන ආතක් පාතක් නැති පොතට තමයි ඒ සම්මානය එවර ලැබුණෙ....පොදු පුරුෂයා පොත එක්ක සංසන්දනය කරනකොට සත්‍යකාම පොත ගව් ගණනක් ඉදිරියෙන්....ඒත් මේ රට ලංකාවනෙ....කියෙව්වහම ඔළුව කරකැවිල්ල එන...කාටවත් තේරෙන්නෙ නැති පොත්වලට තමයි..සම්මාන දෙන්නෙ....ඒකයි ස්වර්ණ පුස්ථක සම්මානය මේ පොතට හිමි නොවි කසිකබල් පොදු පුරුෂයා පොතට හිමිවුණේ....

    ReplyDelete
  2. ඔබ කියන එකෙත් ඇත්තක් තියෙනව කියල මට හිතෙනව. දැන් ඔය චිත්‍රපට උනත් බලන්න. එයාලට තේරුම් ගන්න අපහසු අපභ්‍රංශ එකකට තමා සම්මානය දෙන්නෙ.
    ඒ වුනාට මහජනයා බොහෝවිට තේරුම් ගන්නව නිවැරදි එක කුමක්ද කියා.....

    ReplyDelete