Powered By Blogger

Monday, December 13, 2010

කියවපු නැති අය සහ නැවත කියවන්න කැමති අය කියවලා බලන්න.


දැන් මේ පොත ගත්තොතින් නම් ... පරණම පොතක් කියල කියන්න පුලුවනි. [පළමු වරට මුද්‍රණය කරල තියෙන්නෙ අපි ඉපදෙන්නත් කලකට පෙර 1956 දි.....
මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙ විරාගය කිව්වම කව්ද නොදන්නෙ...
මේක මම කියෙව්වෙ කුඩා කාලයෙදි......
මේ ලඟකදි නැවත කියවන්න ලැබුණා .. 25 වන මුද්‍රණයෙන්. පොඩ්ඩ්ක් හිතන්න .. 25 වාරයක් මුද්‍රණය කරන්න නම් මේ පොතට කොයි තරම් ඉල්ලුමක් ඇතිද කියා.

ඒ නිසාම වෙන්න ඕන මේක විදේශීය භාෂා හතරකට .. එනම්
ඉංග්‍රීසි / දෙමළ / ප්‍රංශ / ජපන් යන භාෂා හතරෙන්ම පළ වෙලා තියෙන්නෙ.
මේ නැවත කියවීමෙහි එක වාසියක් තිබෙනව... ඒ කාලෙ කියවත්දි නොවැටහෙන තැන් හරි අපූරුවට දැන් වැටහෙන එක.

බොහොමයක් පොත් මම දෙතුන් පාරක් කියවනව.. පණ්ඩිත කමට එහෙම නෙවෙයි.. සමහර පොත් තියෙනව දෙතුන් වතාවක් කියෙව්වත් එපා නොවෙන.
සමහර පොත් අවුරුද්දකට විතර පසු ... නැවත අලුත් එකක් විදිහට කියවන්න පුලුවන්.
කොහොම වුනත් කමක් නෑ... කියවපු නැති අය සහ නැවත කියවන්න කැමති අය කියවලා බලන්න.

[හැබැයි අරවින්ද වගේ නම් වෙන්න එපා.]
බොහොම හොඳ පොතක්.

අපැහැදිලි අය පිංතූර මත ක්ලික් කරන්න.

2 comments:

  1. I have seen new cover page designs in recent re prints of Martin Wickramasinghe’s books. May be the change of publisher? But still I like those old cover page designs.

    ReplyDelete
  2. ඔව් ... ඔබ කියන දේ නිවැරදියි.
    මාත් කැමති නැහැ පරණ පොත් අලුතෙන් මුද්‍රණය කරනවිට කවර වෙනස් කරනවාට.
    සමහර පොත් එසේ කර තිබෙනු මා දැක තිබෙනවා. එම පොත් දකින විට අප්‍රසන්න හැඟීමකි සිතට නගින්නේ.

    ReplyDelete