Powered By Blogger

Monday, January 3, 2011

නවකතාවක් නොවූ පොතක්....



මේක නම් නව කතාවක් නොවෙයි. නමුත් ඊට වඩා හුඟක් වැදගත් පොතක්.
පී. ඇම්.සේනාරත්න මහතා විසින් සකස් කරන ලද්දක්. මෙහි ප්‍රථම මුද්‍රණය  2004  වර්ෂයේදීත් දෙවන මුද්‍රණය  2009  වසරේදීත් ප්‍රකාශයට පත් කොට ඇත.
ශ්‍රී ලංකාවේ අභය භූමිවල සිරි නැරඹීමට කැමැත්තක් දක්වන හැමෝටම වැදගත් පොතක් වෙන , සඳහා අත් පොතක් වශයෙන් වුවද භාවිතා කිරීමට සුදුසු
 ''ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන’’
නැමැති පොතයි මේ.
මෙය ලියූ කාල වකවානුවේ සිටි වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු වූ .. එම්. එඩ්මන්ඩ් විල්සන් මහතා මේ පිළිබඳව මෙසේ පවසයි.

''ජාතික වනෝද්‍යානයකට පිවිසෙන අයෙකුට එහිදී දැක බලාගැනීමට හැකිවනුයේ එහි පවතින ස්වාභාවික චමත්කාරයෙන් සීමිත කොටසක් පමණි. ඊට අදාළ ඉතිහාසගත පසුබිම හා විද්‍යාත්මක වටිනාකම ගැන දැනුවත්වීම සඳහා අනිවාර්යයෙන් පොතපත කියවීම අවශ්‍ය වන්නේය.''

මේ පොතේ ශ්‍රී ලංකාවේ පවතින සියලුම වනෝද්‍යාන පිළිබඳ බොහෝ විස්තර අඩංගු වෙන අතර සිතියම් සහ ඡායාරූපද සහිතය.
එමතුද නොවේ ... වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාල සහ සියලුම වන අඩවි කාර්යාලවලද , උද්‍යාන භාරකරුවන්ගේද දුරකථන අංක පවා ඇතුලත්ය.

මේ පොත ගැන ලේඛකයා මෙසේ කියයි.

''මේ පොත ලිව්වේ පාසැල් දරුවන් උදෙසා වුවත් වැඩිහිටි පාඨකයාගේ දැනුම වර්ධනය කර ගැනීමටත්, වනෝද්‍යාන නරඹන්නන්ගේ අත් පොතක් ලෙසත්  .. මග එළිකර ගැනීමේ කාර්යය ඉටුවනු ඇතැයි සිතමි''

බොහොම හොඳ පොතක්.

ඉතින් .. මීලඟ සංචාරයට පෙර හැමෝම කියවලා යන්න කියා ඉල්ලා සිටිනවා.



No comments:

Post a Comment