Powered By Blogger

Sunday, January 30, 2011

''සිංගප්පූරු දරුවා''



දැන් ඊලඟ පොතත්  සිංගප්පූරුව ගැනමයි. කලින් කියපු එක සිංගප්පූරුව ගැන නිසා ඒ පිටම මේකත් ලියන්න හිතුවා ..
මේකෙ නම තමා ''සිංගප්පූරු දරුවා''
ලියල තියෙන්නෙ  '' තාන් කොක් සෙන් '' කියල එක්කෙනෙක්. පරිවර්තනය කරල තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ අපි හැමෝම වගෙ දන්න සුචරිත ගම්ලත් මහත්මයා විසිනුයි.
ඇත්තටම මේකත් චරිතාපදානයක්. සඳහන් කරල තියෙන්නෙ නම්
'' කුලී කරුවෙකුගේ ජීවිත කතාව'' කියලයි.


හැබැයි මේ පොතේ පොඩි විශේෂත්වයක් තියෙනව. මේක බොහොම කුඩා පොතක්. [ ඒ වුනාට මම නම් වැඩිය කැමති ටිකක් ලොකු පොත් වලටයි.]  ඕනම කෙනෙකුට පැය බාගයකින් .. එහෙම නැතිනම් පැයක් ඇතුලත වගේ මේක කියවල ඉවරකරන්න පුලුවන්.


පුංචි පොතක් උනාට කතාව රසවත් විදිහට ගොතා තිබෙනව. සමාවෙන්න ... ගොතපු කියන එක යොදන්න බැරි බව මට අමතක වුනා චරිත කතාවකට. චරිත කතාවක ගොතාපුව නෑ. තියෙන්නෙ සත්‍ය වශයෙන්ම සිදු වූ සිදුවීම්.
මේ කතාවෙන් ඉංග්‍රීසින්ට යටත්ව තිබුන කාලයේ සිංගප්පූරුව පැවති ආකාරය සහ එහි ජන ජීවිතය පිළිබඳ අපූරු චිත්‍රයක් මවා පායි.



කියවල නැති හැමෝම අරගෙන කියවල බලන්න.



3 comments:

  1. හොඳ පොතක් වගේ.. එත් හොයාගන්න එක තමයි ටිකක් අමාරු

    ReplyDelete
    Replies
    1. ටිකක් පරණ පොතක් නිසා හොයාගන්න අමාරු වේවි.
      හැබැයි මම හිතනව ගොඩගේ පොත් සාප්පුවෙ තියෙන්න පුලුවන්.

      Delete
  2. මෙම පොත් තුනම එක් පොතක් ලෙස ගෙන ‘කුලීකාර කතාවස්තුව‘ නමින් ඇම්.ඩී.ගුණසේන සමාගම මෙය අලුතින් මුද්‍රණය කොට තිබේ.පිටු 594ක් වන අතර මිල රු. 650කි.

    ReplyDelete