Powered By Blogger

Thursday, January 6, 2011

''පාළම''


අද මට තරමක් මෑත කාලයේ  ප්‍රකාශයට පත් කල නව කතාවක් කියවන්නට ලැබුණා.
තමා ''පාළම'' කියන පොත.
මේක ප්‍රකාශයට පත්වෙලා තියෙන්නෙ සරසවි පොතක් වශයෙන් .. 2009 දි.
ලියල තියෙන්නෙ නම්  පී.ඩී. අබේපාල කියල මහත්මයෙක් විසිනුයි.


අවුරුදු  තිස්පහකට පමණ පෙර එක්තරා නොදියුණු ගමක ජීවත්ව සිටි සැබෑ චරිතයක් පාදක කොටගෙන ලියා ඇති මෙය ... සුරා පානයත් , එහි ඇති ආදීනවත් ලොවට හෙළි කරන්නකි.
පොත පිළිබඳව කතුවරයා මෙසේ පවසයි....

'' මෙහි දැක්වෙන පුංචිහාමිගේ චරිතය ගොඩනැගීමේදී ඇගේ සැබෑ චරිතයත් .. රැකියාවත් .. ඇය නිතර ඇසුරු කළ පුද්ගලයින්ගේ හැදියාවත් .. සැලකිල්ලට ගත් කල ,  සැබැවින්ම තිබිය යුතු ඇයගේ වාග් මාලාව මුද්‍රණයට සුදුසු පරිදි වෙනස් කිරීමට මට සිදු විය.
මෙම කතා පුවත කියවීමෙන් අල්ප මාත්‍ර  වූ සමාජ ශෝධනයක් වේවා යයි මගේ පැතුමයි.''




හොඳයි ඉතින් එහෙනම් ... අපේ පැතුමත් ඒකමයි.

හැමෝම කියවලා බලන්න.

No comments:

Post a Comment