Powered By Blogger

Wednesday, February 2, 2011

''සඳ කිඳුරි''


මේ පොත නම් ටිකක් විතර වෙනස් පොතක්. මේකෙ නම තමා ''සඳ කිඳුරි''.
මේක ලියල තියෙන්නෙ කුමාර කරුණාරත්න කියන ලේඛකයා විසිනුයි.
ප්‍රකාශ කරල තියෙන්නෙ '' හංස '' ප්‍රකාශකයෝ.


මේ පොත ගැන කතු තුමාගෙ අදහස මෙහෙමයි.

මේ ජාතියෙ පොත්වලට අපි ඒ කාලෙ කිව්වෙ බොළඳ පෙම් කතා කියලයි. එහෙම  කියල නිකම් හිටියෙ නම් නෑ. ඒවත් සෑහෙන්න කියවල දැම්ම.

ඔය බොළඳ පෙම් කතා අතරෙ තරමක් හොඳ පෙම් කතාත් තිබුණ. හොඳ ඒව ගැන නිගමනයකට එන්න නම් අපි නරක ඒවත් කියවල බලන්න ඕන කියලයි මම හිතන්නෙ.
ඉතින් ... මේ කතාව ගැන කියනවනම් වරදක් කියන්න බෑ .තරමක් හොඳ කතාවක් තියෙන පොතක්.



හැමෝම කියවල බලන්න.

ඔන්න මම මේක  ISBN  එකත් පහළ දානවා.
ISBN   955 – 8504 – 12 - 2

2 comments:

  1. මේ පොතත් ඇතුලුව කුමාර කරුණාරත්නගේ පොත් සෑහෙන්න මාත් කියවල තියෙනව. බොලඳ පෙම් කතා කිව්වට අප්පා..... දැන් තියන මෙගා ටෙලි වලට වඩා ඒව කොච්චර හොඳද?

    ReplyDelete
  2. මෙගා ටෙලි වලට වඩා නම් හොඳයි තමයි. ඔය වගෙ තව කීපදෙනෙක්ම ඉන්නව.
    ඒ වගෙ කතාවලින් මම කැමති වුනේ ...
    කරුණාසේන ජයලත්, එඩ්වඩ් මල්ලවාඅරච්චි ,ඇරැව්වල නන්දිමිත්‍ර , ඔරුවල බන්දු , වගේ අයටයි.
    වැඩිය පලපුරුද්දක් නැති වුනත් මිත්‍රසේන ජීරසිංහ , චන්දි කොඩිකාර වගෙ අයගෙත් සමහර පොත් හුඟක් හොඳයි.

    ReplyDelete