Powered By Blogger

Sunday, April 3, 2011

සිහින අවුරුදු උත්සවය



ඔන්න මමත් ඉතින් අද සිහින අවුරුදු උත්සවය බලන්න ගියානෙ.
 යන ගමන්ම මගෙ තව යාලුවෙකුට උදව්වක් කරගෙනම යන්න වුණා.
 [ එයා මගෙත් එක්ක මේ උත්සවයට එන්න පොරොන්දු වෙලයි හිටියෙ.]
නමුත් එයාට පොඩි කරදරයක් වුණ නිසා එන්න වුනේ නෑ.
ඉතින් ඒකත් බලාගෙනම එන්න සිදුවුන නිසා මමත් අවුරුදු උත්සවයට එනකොට පරක්කුයි.
එනකොටම ගේට්ටුව ගාවදිම හම්බවුනේ කවුද ... බොලේ අපේ මාරයා ...
එතකොටම මාරයා ගේ කටට එන වචනයක් තියෙනව. ඒ තමයි '' මාරයාට කු..මාරයා හමුවූවා'' කියන එක.
එයා මුලින්ම ඇහුවෙ මොකද පරක්කු කියන එකයි. මම ඉතින් කාරණාව විස්තර කළා ...
මාරයා තව යාලුවෙක් එනකම් බලාගෙන ඉන්න අතරෙ මම උත්සවයට ගියා.
ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව.
ඒ වුනාට කමක් නෑනෙ .. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...
බොහෝ දෙනෙක් පැමිණ සිටියා වුනත් .. සමහරු සුහදශීලි සිනා පෑවත් .. මටනම් ඇත්තටම ඔවුන් අඳුනාගන්න අපහසුයි.
එදා  SBU  එකට ආපු අය වුණත් මට නුහුරුයි වගේ. මේ මිනිස්සු වෙනස් වෙලා මට පේනව වත්ද ..? මම නැවතත් හොඳින් සෙනග පීරලා බැල්මක් දාලා බැලුවා.. දන්න අය ඉන්නවද කියලා.  අඩුගානෙ ''සොඳුරු සිත'' වත් පේන්න ඉන්නවද කියල. ම්හු ..
 යාන්තම් '' නීනු'' ව දැක ගන්න හම්බවුනා. කතාකරන්න නම් හම්බවුනේ නෑ.
ටික වෙලාවකට පස්සෙ ඔන්න ''දුකා'' ආවා. එයාව නම් දන්නවා. මුණගැහිල එහෙම නෙවෙයි. බ්ලොග් පිංතූරෙ හැටියට ඔහු තමාගෙ සැබෑ පිංතූරෙනෙ දාල තියෙන්නෙ.
ඔහුට කතා කරන්න මම ආසාවෙන් හිටියත් හැමවිටම ඔහුලඟ සෙනඟ ... නැතිනම් තරඟ සංවිධානයෙ යෙදෙමින්. හරිම බිසි.
මම මේ පහළින් දාල තියෙන පොටෝ එකේ දකුණු පැත්තට බරව කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නෙ ''දුකා''. පින්තූරෙ නම් ටිකක් අපහැදිලි ඇති. මොකද මේක පෝන් එකක තියෙන දුර්වල කැමරා කාචයකින් ගත්ත නිසා.
ඔහුට කතා කරන්න බැරි වුනාට දුකෙන් බලාගෙන ඉන්න මාව ඔයගොල්ලොන්ට පේන්නෙ නෑ. ඒ මම ඉන්නෙ කැමරාවට පිටුපසින් නිසා.

මම හඳුනන එකම මිනිහා වන මාරයා ව කීපවිටකදි ම දුටුවත් .. මම ඔහු ලඟට වැඩිය යන්න උත්සාහ කළේ නෑ. එකක් තමයි .. එල්ලි එල්ලි කතාවට එනවට ඔහු අකමැති බව මම දැනසිටීම.
අනික තමයි මාරයා සමග වාසය බයානක දෙයක් වීම.  අපි හැමෝම මාරයා ගෙන් බේරෙන්නනෙ උත්සාහ කරන්නෙ.
හැබැයි ඒ බව වටහා නොගත්තු බුවාල කීපදෙනෙක්ම මාරයා සමග එල්ලිලා ඉන්නව දුටුවා... උන්දලට තේරේවි පස්සෙ.
කොහොම වුනත් උත්සවය හොඳට ගියා. මමත් හුදෙකලාවම වුනත් සතුටු වුනා. මේ වගෙ උත්සව වසරකට වරක්වත් පවත්වන එක හොඳ දෙයක්.
මේකෙ සංවිධායක මහත්වරුන්ව මම පුද්ගලිකව හඳුනන්නෙ නැති වුනත් ඒ ගොල්ලොන්ට ස්තූති කරන්න කැමතියි.

14 comments:

  1. ඉකේ...පොඩ්ඩක් ඇවිල්ලා අඩෝ ගමයෝ කියන්න එපෑ බොලේ...
    මට වතුර ගහපු කන්ඩායමේ ඉදියා නෙව..කුජීතයි බොල..
    මගේ මේකප් තට්ටුව සේඩිලා ගියා,,
    අනික බය වෙලා ඉදලා බෑ...අපි ආවේ එක එකා අදුර ගන්න...
    මමත් අම්බානෙක කට්ටිය අදුර ගත්තා...
    පලවෙනි පාරට තමා කට්ටියවම දැක්කේ...
    පට්ටා ෆන්

    ReplyDelete
  2. ඒක නේන්නම් කොල්ලො ...
    ඊ ලඟ පාරවත් දෙමුකො බැටේ .. නේද ...?

    ReplyDelete
  3. මම ආවේ නැහැ...වත් පොතේ දාපු පින්තූර වලත් “කුමාරයා “ ඉන්ව දැක්කෙ නැහැ....

    සහභාගි වුනේ නැත්තෙ මොක ද තරඟ වලට...

    මට පේන විදිහට කුමාරයා දහසක් සෙනඟ අතර දුකින් තනි වෙලා ඉඳල තියෙනවා....

    ReplyDelete
  4. අයියා මම ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නෙක හිටියේ..ඒකයි මට වැඩිය කතා කරන්නවත් හම්බ උනේ නැතිතේ..ඒත් පස්සේ අපේ වැප් මල්ලි ඔයා ගැන මගෙන් අහලා අපි ඔයාව එකතු කරගන්න හදන කොට..ඔයා එළයට වෙලා කෝල් එකක හිටියේ..ඉතිං මං ඒ වෙලාවේ බාධා කරන්න ආවේ නැහැ..ඒත් පස්සේ බලනකොට මට ඔයාව හොයා ගන්න හම්බ උනේ නැහැ...

    ඇත්තටම ලොකු අවුලක් උනේ...

    ReplyDelete
  5. අපරාදේ මචන් උඹට තිබ්බ ඇවිත් කතා කරන්න අඳුනන්නේ නැති උනාට අවුලක් නැහැ අපිත් අනික් අය අඳුනන්නේ නැහැ නේ :-)

    ReplyDelete
  6. ඔහොම ඉඳල නං බැහැ කුමාරයෝ...... ගිහින් පැනලා කථා කරන්න එපැයි......... මං දැන්වත් මං කවුද කියන්නම්.... රතුපාට ටී ෂර්ට් දෙකක් ඇඳලා...... ‍පැංචි දුවව අරං ඇවිත් හිටිය දෙන්නා මතකද? ආන් ඒ දෙන්නාගෙන් දූගේ අම්මා තමයි මම... වස වැරැද්දක් වුනේ.... ඔහොම ඉඳලා නං බැහැ හරිද?

    ReplyDelete
  7. අනේ මචං මමත් මහා ලොකු බ්ලොග් කාරයෙක් නෙමෙයිනේ. මම උනත් ගොඩාක් අයව ඇත්තටම හමු වුනේ ඊයේ. මම නම් ගොඩක් වෙලාවට නොදන්න අයගෙන් අහුවා එයාලා කවුද කියලා. මටත් දුකා අයියව මුලුන්ම හමු වුනේ ඊයේ. ඇත්ත එයාව කතාවට අල්ලගන්න අමාරුයි තමයි ඒත් වෙලාවක් එනකම් බලන් ඉඳලා වචනයක් දෙකක් කතාකළා. ඊළඟ පාරනම් තනියම ඉන්න එපා බං. ඇවිත් කතා කරපන් :)

    ReplyDelete
  8. කුමාරයෝ එහෙම කීප දෙනෙක්ම ඔය වගේ තමයි හිටියේ, කොහොම උනත් තනියම හරි මාත් බලන් ඉඳලා සෑහෙන්ඩ සතුටු උනා.

    ReplyDelete
  9. "මම හඳුනන එකම මිනිහා වන මාරයා ව කීපවිටකදි ම දුටුවත් .. මම ඔහු ලඟට වැඩිය යන්න උත්සාහ කළේ නෑ. එකක් තමයි .. එල්ලි එල්ලි කතාවට එනවට ඔහු අකමැති බව මම දැනසිටීම."
    මාරයා ඒ මූඩ් එකේ හිටියෙ නෑ. ‍

    ReplyDelete
  10. පිස්සුවක්නෙ කරලා තියෙන්නෙ.. පොඩ්ඩක් ඇවිත් කතා කරන්න තිබ්බනේ.... අපි එහෙනම් ඇදලා ගන්නවනේ සභේ මැදට....

    ReplyDelete
  11. මගෙත් උබෙත් ලොකු වෙනසක් නැ බං :D

    ReplyDelete
  12. අපිත් අදුනන්නැති අය තමා ගොඩාක් හිටයෙ. එහෙම කියල අපි පැත්තකට වෙලා නං හිටියෙ නෑ..

    මැද්දක් හරියට ආවනං නිකං හරි කතා කෙරනවා..

    එකෙග්ගෙන් මචං උඹ කවුද කියල ඇහුවනං ඉවරයිනෙව.

    හැබෑටම වත් අක්ක කුමාර කියල කෙනෙක් ගැන කියල තිබුන නේන්නං. ඒත් ඉතිං දැකල නැහැ නෙව.

    ReplyDelete
  13. පිස්සු වැඩක්නේ කරල තියෙන්නේ. ඔය පින්තූරේ මැදින් ඉන්නේ මමයි මචන්. මාත් පුළුවන් අයට කතා කළා. කතා කළානම් ඕන කෙනෙක් එක්ක මම කතා කරනවා. එදා මේකේ හිටිය කවුරුත් වගේ පොළවේ පය ගහල ඉන්න මිනිස්සු.

    ReplyDelete
  14. තනියම හිටි කෙනෙක් මම නොට් කලා ඒ ඔයා වෙන්න ඔනි.....

    ReplyDelete