Sunday, April 17, 2011

ඔබ රුසියානු සාහිත්‍යට ප්‍රිය කරනවාද ...?



සමහර විට මම අනවශ්‍ය ප්‍රශ්ණයක් වෙන්නැති ඇහැව්වෙ. ...  මොකද කිව්වොත් පොත් පත් කියවන වෘත්තීය කියවන්නො ……. වැඩිදෙනෙක් රුසියානු සාහිත්‍යය කියවපු අයයි.
[මේකෙන් මම අදහස් කළේ සල්ලිවලට කියවන එවුන් කියන එක නෙමෙයි .. නිතරම පොත් කියවන උදවිය කියන එකයි.]
ඒ අතරෙනුත් ''මැක්සිම් ගෝර්කි'' කියන්නෙ මුලු ලොවෙහිම ප්‍රකට ගත් කතුවරයෙක්. එයාගෙ ඇත්ත නම මක්සිම් ගොර්කි නෙවෙයි. ඒක ඔහු ග්‍රන්ථකරණය සඳහා භාවිතා කළ ආරූඩ නාමය. ඇත්ත නම තමා .. ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව්. ඉපදුනේ 1868 නිෂ්නි නගරයේදියි. ඔහුගෙ ජීවිත කතාව ඔයගොල්ලො කියවල බැලුවොත් වැටහේවි .. ඔහු කුඩා කාලයෙ ඉඳල බොහෝ දුක් විඳි කෙනෙක් බව. ඔහුට 3 වන වසර දක්වා පමණි අධ්‍යාපනය ලැබීමට හැකිවී ඇත්තේ... ඉන්පසු ජීවිකාව වෙනුවෙන් රැකියාවන් කීපයක්ම කරන කුඩා මක්සිම් .. ඉගෙනීම සම්පූර්ණ කරගන්නේ සමාජය තුළින්මයි. මේ කාලයේ ඔහු බොහෝකොට කියවීමට නැඹුරු වෙනව. එසේම බොහෝ පොත්පත් කියවනව.
දැන් ඔයගොල්ලො හිතන්න එපා ඔහු බොහොම ලේසියෙන් මේක කළාය කියල. එකක් තමයි ඒ කාලයේ පොත් සොයාගැනීමට අමාරු එහෙම නැතිනම් දුර්ලභ දෙයක් වීම. අනික තමයි තවමත් කුඩා ළමයෙක් වුණත් රැකියාවත් හරියට කළයුතු වීම. සමහර පොතක් ඉල්ලා ගැනීම පිණිස ඔහු බොහෝ දුර පයින් ඇවිද්ද බව සඳහන්. එහෙම ඉගෙනගෙන තමයි ඔහු ලේඛකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වෙන්නෙ. අන්න එබඳු දක්ෂයෙකුගෙ පොතක් ගැන තමයි අද කියන්න යන්නෙ. සමහරු නම් මේක කියවලත් ඇති.
රුසියාවෙ විතරක් නෙවෙයි .. මුලු ලෝකයේම ප්‍රසිද්ධියට හා ආදරයට පාත්‍ර වුන පොතක් තමයි මේ.


                                      ඒ තමයි ''අම්මා'' කියන පොත.
සඳහන් වෙන ආකාරයට මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ඔහු ලියා තිබෙන්නෙ 1906 දි.
 සිංහල භාෂාවට පරිවර්තනය කරල තිබෙන්නෙ දැදිගම .වී. රොද්‍රිගු මහතා විසින්.
කියවපු නැති හැමෝම කියවල බලන්න .. ඉතාම හොඳ පොතක්.

ISBN   955 – 591 – 044 - 8

16 comments:

  1. ලොල්ය.. මම නම් ඒ හැටි රුසියානු සාහිත්‍යයට කැමති නෑ මචෝ.. මොකද ඒකෙ අන්තිමට ඉවර වෙන්නෙ සමානාත්ම තාවය, සමාජ වාදය සත්‍යාපනය වෙලා... ඒත් ඉතින් අනික් කුනු හරුප පොත් වලට වඩා ඔව්වනම් හොද.. :D එල එල..

    ReplyDelete
  2. අහලා තියෙනවා..හොයන් කියවන්න ඔනේ...

    ReplyDelete
  3. @ pinkie ...
    හැම රුසියානු පොතේම සමාජවාදය නෑ කොල්ලො ... දේශපාලනයෙන් තොර ඉතාම හොඳ නවකතා ඕන තරම් තියෙනව.

    ReplyDelete
  4. ස්තූතියි නිම්ශා ... කියවලා බලන්නකො ...

    ReplyDelete
  5. ආ ඕක මම් කියෙව්වෙ ඉස්කෝලෙ යනකාලෙ

    ReplyDelete
  6. @ නදී ...
    ඒක හොඳයි .. පුංචි කාලෙ ඉඳලම පොත් කියවල තිබුණම ලොකු වුණාට පස්සෙ බය නැතුව පොත් ලියන්න පුලුවන් වෙනව.
    උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  7. රුසියානු සාහිත්‍යයෙන් තමයි මමත් පොත් කියවීමට මුල පිරුවෙ, රුසියන් කෙටිකතා,බිම්ගෙයි සිරකරුවා සහ තවත් කථා, සැබෑ මිනිසෙකුගේ කථාවක්, වානේ පන්නරය ලැබූ හැටි,පෙරලූ නැවුම් පස,.......... කිව්වැහැකි ඕන තරම්,

    මම රුසියාවෙ ඇවිද්දෙ, පදමහර්ෂ කුරණගේ, දැදිගම වී. රුද්‍රිගෝ, කේ.ජී. කරුණාතිලක කියන පරිවර්තන සාහිත්‍යයේ මහා පුරුෂයන්ගෙ අතින් අල්ලාගෙන.

    පොතක්පතක් කියවීමේ පුරුද්ද මා තුල ඇබ්බැහියක් ලෙස මුල් ඇදීමට මුල්වූ ඔවුනට මගේ සදාදර ස්තූතිය.

    ReplyDelete
  8. අම්මප මලේ ..
    උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් .. හැබෑම වාසනාවන්තයෙක් වෙන්න ඕන. අපිට කොයින්ද එබඳු පිනක්.
    අපි ඉතින් එතුමන් ලා ගේ පොත් සරණං ගච්චාමි තමා.
    අනික මලේ ... ඔය රුසියානු සාහිත්‍යය කියවපු නැති එකා ට කවදාකවත් වෘත්තීය මට්ටමේ පොත් කියවන්නෙක් වෙන්න බෑ.
    ඒක ඒ තරම්ම විශාල සාහිත්‍ය සාගරයක්.

    ReplyDelete
  9. ම් ම් මම හිතන්නේ රුසියාව (සෝවියට් දේශය) ගොඩක් විස්වාස කලා කියවිමෙන් සමාජය ගොඩනගා ලන්න පුලුවන් කියලා.මම පොඩි කාලේ සොවියට් දේෂය කියලා මැග් එකක් සින්හලෙන් තිබුනා.එකේන් අපි ගොඩක් දේ ඉගෙන ගත්තා මතකයි.අනික ඒ කාලේ අඩුම මිළට ගන්න පුලුවන් හොද පොත් ගොඩාක් ම පරිවර්ථන.
    ලංකාවේ වැඩිමහල් අය කියවිමට ඇබ්බැහි උනානම් ඒ රුසියන් සාහිත්‍යය ම තමයි. කරන්ට් ගියා ඉතුරුටික පසුව.

    ReplyDelete
  10. ලොල්ය.. ඔව් ඉතින් ඒක ඇත්ත.. සෘජුව දේශපාලනේ ගැන නැති උනාට කොහෙ හරි අස්සකින් ඒක ගැන දාල තියෙ..

    ReplyDelete
  11. අනේ අනේ....ආහ් කුමාරයෝ.. මම පෝස්ට් එක කියවල නම් ගොඩක් දවස්..කමෙන්ට් ලීවේ නැහැ.( මට ඉතින් කොහෙද ඕවට වෙලාවක්)ඒකත් හොඳට ගියා. මොකද ආයෙ එන කොට කියවන්න ආසම කමෙන්ට් ලියන කෙනෙක් ගෙ කමෙන්ට් එකක් තියේ.

    දැන් කුමාරයත් අවි අයියට මල්ලි ද කියන්නේ .....( ඒව වැඩක් නැහැ මෙතනට)

    කුමාරයෝ , ඔය රවි අයියා රුසියාවේ ඇවිදල තියෙන්නේ මනසින්, පොත් කියෙවුවම මගෙත් මනසෙ ඇඳෙන සිතුවම් හරිම සුන්දරයි. ඒක තමයි පොතක් කියෙවුවම ලැබෙන සතුට.අපි ඒ වෙලාවට අධ්‍යක්ෂ කෙනෙක්, රූපරචකයෙක්, වෙනවා.

    රවි අයියා ගොඩක් පොත් මඟ ඇරල වගේ.

    ReplyDelete
  12. @ සදීශ් ...
    මාත් හිතනවා එහෙම. ඔය ''සෝවියට් දේශය'' කියන සඟරාව ඒ කාලෙ නොමිළෙ වෙන්න ඕන එව්වෙ. බොහෝ පුස්තකාල වලට ඒක හම්බවුනා. ඒ වගෙ ආපු තවත් එකක් තමයි ''චීන ප්‍රවෘත්ති'' කියන එක.

    ReplyDelete
  13. @ සුළැඟිල්ල ...
    කොහොමත් ඉතින් දේශපාලනයෙන් තොර ලෝකයක් නෑ කියනවනේ...

    ReplyDelete
  14. වත් ...
    ඔයාගෙ ඔය රවි අයියා මනසින්ද එහෙ ඇවිදල තියෙන්නෙ... අපොයි මම ඇත්තට ගත්තානේ.....ඇත්ත තමයි ... සමහර පොත් කියවනකොට කතුවරයා අපිව අතින් අල්ලගෙන එහෙ ඇවිද්දවනවා වගේ තමයි දැනෙන්නෙ...
    ඔයා දන්නවද වත් .. මටත් දැන් අපේ ගමේ ඉන්න නෑනල ටික කතා කරන්නෙ රවි අයියා කියලයි. මොන මඟුලකට එහෙම කියනවද කියල තේරෙන්නෙ නෑ. ඔයිට කලින් කිව්වෙ පට් පට් කියල. ඒ නම් මම අර සූරසේන වාගෙ රැවුලයි කොණ්ඩෙයි වවාගෙන හිටපු නිසා.

    ReplyDelete
  15. අයිය ලස්සන වසිලිස්ස පොත කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ කියෙව්ව මතකයි ..
      ඇත්තටම දැන් නම් මට කතාව මතකත් නෑ හරියකට.

      Delete