Powered By Blogger

Sunday, March 27, 2011

මේකත් මේ ලෝකෙ දි හැබෑවටම සිද්ධවුන ඇත්ත කතාවක්.



මේ දවස්වල කියවපු පොත තමයි ... මේක. මේකත් මේ ලෝකෙ දි හැබෑවටම සිද්ධවුන ඇත්ත කතාවක්.
මේක සිදුවෙලා තියෙන්නෙත් ඉරානයෙදිමයි. මම කලින් විස්තරයක් ලියපු බෙටී මහමූදි ගෙ කතාව මතකද ..? [දෙවියන්ගේ අඩවිය / පරිවර්තනය අනුල ද සිල්වා]
ඒකත් ඉරානයෙදි වෙච්ච දෙයක්.
කතා දෙක ටිකක් විතර සමානයි කියල කියවන කාට හරි හිතුනත් .. ඇත්තටම ඒ දෙකේ වෙනසක් තියෙනව.
කලින් පොතේ බටහිර රටක ගැහැණියක් විවාහ කරගෙන ඉරානයට එක්කරගෙන ඇවිත් .. ඇගෙ සැමියා විසින් කරනු ලබන වධහිංසා පිළිබඳ විස්තරයක්නේ තියෙන්නෙ.
නමුත් මේකෙ එහෙම නෙවෙයි.. ඉරානයෙම ඉපදුන ඉරාන ජාතික කාන්තාවකට විඳින්නට සිදුවන වධ බන්ධන ගැනයි තියෙන්නෙ.


ඒ තමයි මරීනා නෙමට් විසින් රචිත ‘Prisoner of Tehran’  කියන පොත.

මේක සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ දයා.ඩි. පොන්සේකා මහතා. ප්‍රථම  මුද්‍රණය 2010 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.
 නුගේගොඩ ''සරසවි'' ප්‍රකාශකයො තමයි මුද්‍රණය කරල තියෙන්නෙ.

මේක හුඟක්ම සංවේදී කතාවක්. ඇත්තටම අපට එහෙම හිතෙන්නෙ ඒක සත්‍ය වශයෙන්ම සිදුවුණ කතාවක් නිසා.
අවසානෙදි මේ කාන්තාව .. එනම්  ''මරීනා'' තම ජීවිතය බේරාගන්නෙ මම හිතන විදිහට ඇගෙ සුන්දර භාවයටත් වඩා  තිබුණ වාසනාව නිසයි.

Marina Nemat

කොහොම වුණත් මේ කතාව අපට කීමට ඈ ඉතුරු වුණා.
















කියවපු නැති හැමෝම කියවලා බලන්න.

ISBN  978 – 955 – 671 – 100 – 4
ඉතාම හොඳ පොතක්.

.ලි.
අර මගෙන් ''පාළම යට'' නවකතාව පිළිබඳ විමසූ සොයුරාටයි.
ඔහුට එම පොත ලබා දිය හැකියි .. නමුත් මුදලට නොවේ. මාසයක් තුළ දී කියවා නැවත ආපසු මට බාර දෙන්නේ නම් පමණක්.




3 comments:

  1. @ Charith ....
    මම ඔයාට ඊමේල් එකක් එවන්න උත්සාහ කලා ... නමුත් මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒක යන්නෙ නෑ.
    ඔයාගෙ ලිපිනය මට කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඒක පළ ඔකර ඉන්නම්.
    වඩාත් පහසුයි ඔයාගෙ මොබයිල් නම්බර් එක එවනවනම් ...
    එතකොට පොත එවන්න ක්‍රමයක් යොදාගන්න පුලුවන්.
    නැතිනම් සතියෙ දවස්වල උදේ 8.00 සිට හවස 4.30 අතර මගේ ඔෆිස් එකට ආවත් පොත ලබාගත හැකියි.

    ReplyDelete
  2. ස්තූතියි ... චරිත් ..
    මම හෙට හවස් වරුවෙ කෝල් එකක් දෙන්නම්.

    ReplyDelete
  3. http://www.elakiri.com/forum/showthread.php?p=12180306&posted=1#post12180306

    මචන් උබේ ලිපිය Elakiri එකේ දැම්මා තරහා නෑනේ. ඒකෙ link දාන්න දෙන්නේ නෑ ඒකට සමාව.

    ReplyDelete