Powered By Blogger

Sunday, January 16, 2011

''The English Patient''



පහුගිය දවස් ටිකේ කියවපු පොත තමා ...මේක .
 ''The English Patient''
[ ''හෙවත් ආගන්තුක රෝගියා'']
මේ පොත ශ්‍රී ලාංකිකයෙක් ලියපු ලෝකෙම ප්‍රසිද්ධ වුන පොතක් කියලයි කියන්නෙ.
''මයිකල් ඔන්ඩච්චි'' කියන , දැනට කැනඩාවෙ පදිංචි වී සිටින මේ ලේඛකයා ගේ මේ පොතට  1992 දි  බුකර් සම්මානය හිමිව තිබේ.
ඊට අමතරව මෙම පොත ආශ්‍රිතව නිපද වූ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා හිමිවී ඇත.
ඉතින් ... මේ වටිනා ග්‍රන්ථය .. අපේ රටේ කේ.ඒ.එන්. පෙරේරා මහතා විසින්  ''ආගන්තුක රෝගියා '' නමින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙයි.

 
හැබැයි .. මටනම් මේ පොතේ ඔය කියන තරම් අරුමයක් දිස් වුනේ නෑ. කියවලා ඉවර වුනාම.  [ සමහර පරිච්ඡෙද දෙපාරක් විතර කියවලත්]  මටනම් හිතුනේ මේකට මේතරම් සම්මාන දුන්නේ මොන මඟුලකටද කියලයි.

හොඳ පොතක් තමයි. ඒ වුනාට ඔය තරම් දඟලන්ට තරම් දෙයක් ඒකෙ නෑ කියලයි මට හිතෙන්නෙ. සමහර උදවියට නම් මෙහෙම කිව්වම තරහත් යයි.
 මම මේ කිව්වෙ මගේ අදහස මට වැටහෙන විදිහටයි.
කවුරු හරි කෙනෙක් යමක් හොඳයි කිව්වම වැඩිදෙනෙක් අන්ධයො වගේ ඒකම අනුගමනය කරනව වගෙයි .
           


මම දැන් මෙහෙම කිව්ව කියල ඔය ගොල්ලො මේක නොකියව ඉන්න එහෙම එපා
.[මම කීවෙ මගේ අදහසනෙ.]
 හැමෝම කියවල බලන්න.
 කියවල ඉවර වෙල තීරණයකට එන්න.

8 comments:

  1. ඔයාගෙ මේක හොඳ වැඩක්.කියවන්න උනන්දු අයට ගොඩක් වටිනව.

    ReplyDelete
  2. මම හිතන විදිහට අසාර්ථක වෙලා කියෙන්නෙ පරිවර්ථනය මිසක මුල් ඉංග්‍රීසි කතාව නෙමෙයි....

    ReplyDelete
  3. ලංකාවේ ඉද්දි මගෙත් හොඳම විනෝදාංශය වුණේ පොත් කියවීමයි. ආයේ කෑමක් බීමක් වත් ඕනේ නැහැ පොතක් බලන්ඩ පටන් ගත්තම. දැන් නං අපිට පොත් හම්බවෙන්නේ නැහැ. මොන්ත ක්‍රිස්තෝ, ෂර්ලොක් හෝම්ස්, මනුතාපය, අම්මා, රොමාගේ වාසනාව වගේ ඒවා මං ආසම කරපු නවකතා සහ පරිවර්තන. මේ හැම එකක්ම තුන් හතර පාරකට වඩා කියවලා තියෙනවා.
    මට මුලින් තේරුම් ගන්ඩ දෙතුන් පාරක් කියවපු 'දොස්තර ශිවාගෝ' කතාවත් බොහොම අපූරු පරිවර්තනයක්...

    ReplyDelete
  4. ස්තූතියි දිනේෂ් ...

    ReplyDelete
  5. ඇත්තද ... මම ඒ බව දැනගෙන හිටියෙ නෑ..
    ස්තූතියි වත් .

    ReplyDelete
  6. ජීව් .. මට ඩොක්ට ෂිවාගෝ තවම කියවන්න ලැබුනේ නෑ..
    චිත්‍රපටය නම් බැලුවා.

    ReplyDelete
  7. ඊමේල් කරාට කමක් නැද්ද. මේල් එක දෙන්න පුලුවන් ද?

    ReplyDelete
  8. එවලයි තියෙන්නෙ .....
    ඕන වෙලාවක ලියන්න ....

    ReplyDelete