Powered By Blogger

Thursday, December 23, 2010

'' මීදුම''


මීලඟ පොත තමා '' මීදුම''.
මේක හුඟ කලෙකට පෙර පුවත්පතක කොටස් වශයෙන් පළ වුනා. මට හරියටම මතක නෑ පුවත් පත මොකක්ද කියලා. ''තරුණි'' පත්තරේ නැතිනම් ''තරුණයා'' විය යුතුයි.

මට හොඳට මතකයි අපි ඊලඟ කොටස කියවන්න ඇඟිලි ගැන ගැන බලා හිටිය හැටි. ඒ කාලෙ මේක හරිම ජනප්‍රිය කතාවක්. කුතුහලයෙන් පිරි... ත්‍රාසජනක එකක්.
නිහාල් පීරිස් මහතා විසින් ලියන ලද මෙය .. 2010 වසරේදි නැවත වරක් මුද්‍රණය කළා.
මම විස්තර කරන සමහර පොත් ඔයගොල්ලොන්ට කියවන්න එපා වෙනව ඇතිනෙ.
 ඒත් මේ පොත නම් එහෙම වෙන එකක් නෑ. මොකද මේක හරිම කුතුහලාත්මකයි. ඔයාලට කියවන්න ආස හිතේවි.

හොඳයි එහෙනම් කියවලා බලන්න.

පසුව මේක අනුරුද්ධ ජයසිංහ මහතා විසින් ටෙලියක් වශයෙනුත් සකස් කරල තියෙනවා. අවාසනාවකට වගේ මට ඒක නරඹන්න නම් බැරි වුනා.
ඒ නිසා පොතද හොඳ.. නැත්නම් ටෙලියද හොඳ කියල නම් දැම්මම කියන්න බෑ.

7 comments:

  1. කතාවේ අරමුණ මොකද්ද?

    ReplyDelete
  2. බොරු කියන්න එපා. මේ කතාව කොටස් වශයෙන් ගියේ ඉරිදා ලක්බිම පත්තරෙත් එක්ක හමුවෙන "රිද්ම" පත්තරේ... ඒ දවස් වල තිබ්බෙත් ඉැිදට විතරයි ලක්බිම...

    මම මේ කතාව බලන්නම නොවරදවා පත්තරය ගත්ත මතකයි..

    ReplyDelete
  3. මේක පල උනේ ඉරිදා ලක්බිම පත්තරේ 'රිද්ම' අතිරේකයේ

    ReplyDelete
  4. @ බිඟු...
    සමහර කතාවලට අරමුණක් තිබුනත්... සමහර ඒවට නෑ ...
    කතා කරුවා බලාපොරොත්තු වෙන්නෙ මේ ජන සමාජයේ සිදුවන දේවල් වලින් බිඳක් පාඨකයාගෙ රසාස්වාදය උදෙසා ගෙනහැරපෑම විය හැකියි.

    ReplyDelete
  5. @ වත්..........

    බොරු නෙවෙයි ...
    මම ඒකෙ කියලම තියෙනවානෙ පුවත්පත ගැන මට හරියට මතකයක් නෑ කියල.
    තවත් අය ප්‍රකාශ කරල තිබුණා ''රිද්ම'' පත්තරයෙ කියල. මට මතක් කරල දුන්නට ස්තූතියි.
    [කමෙන්ට් වලට උත්තර දෙන්න පරක්කු වුනාට අමනාප වෙන්න එපා. මගෙ කොම්පීතර උතුමා ලෙඩ වුන නිසා මුකුත්ම කරගන්න බැරි වුනා.]

    ReplyDelete
  6. ස්තූතියි නිපුන් ....

    ReplyDelete
  7. මීදුම කතාවට කලින් ගියේ 'නේත්‍රා" කියල නව කතාවක් ..ඒ කතාවත් හරි වෙනස්...

    ReplyDelete