කලින් කිව්ව වගේ ... මාදු ගඟේ තියෙන කුඩාම
දූපත දැක්කනේ.
තව මහ ගොඩක් දේවල් එහෙදි දැක්ක වුනත් ...
[ඒව පස්සෙ ටික ටික කියන්නම්]
විශේෂයෙන් දැක්ක .. වැඩිය අපිට දකින්න
හම්බවෙන්නෙ නැති දෙයක් ගැන කියන්නයි යන්නෙ. මාදු ගඟේ දැනට ගිහිල්ල තියෙන උදවිය මේක
දැකලත් ඇති. සහ ගනුදෙනු කරලත් ඇති.
මේක තමයි ජලාශයක් මැද තියෙන ..[ශ්රී
ලංකාවෙ] මම දැකපු එකම කඩේ.
[තව කොහෙ හරි තියෙනවද කියල මම හරියටම දන්නෙ
නෑ]
ඔබ බඩු ගන්න බලාපොරොත්තු වෙනව නම්
අනිවාර්යයෙන්ම ඔරුවකින් හෝ බෝට්ටුවකින් යා යුතුයි. එහෙම යන්න අකමැති නම් පීනගෙන
යන්නත් පුලුවන් ... [හැබැයි අර පාන් කන කිඹුලන්ගෙන් බේරිල .. හි .. හි ..]
මේ කඩේට… මම දැකපු
විදිහට ගනුදෙනු කරුවන්ගෙත් අඩුවකුත් නෑ ... හැබැයි ඒ හුඟ දෙනෙක් විදේශිකයො.
[මං
හිතන විදිහට ස්වදේශිකයො වැඩිය යන්නෙ නැත්තෙ .. මිළ ගණන් අධිකයි කියල හිතලද
කියන්නත් බෑ ]
ඒ නැතත් .. ''තව ටිකකින් ගොඩට
යනවනෙ. එතකොට ඕන දෙයක් ගන්න බැරියැ '' යන අදහසින් ඉන්න නිසාද
කියල කියන්නත් බෑ.
කොහොම වුනත් .. ඔයාලත් මාදු ගඟ බලන්න යනවනම්
.. මේ අමුතු කඩේටත් ගොඩවෙලා බලන්න.
හරි අමුතු අත්දැකීමක් වෙනවා සිකුරුයි.
කවදා හරි ගිය දවසක ගොඩවැදිලා එන්න බැරියැ.....
ReplyDeleteඔව් .. ඔව් .. යන්නම ඕන තැනක් ...
Deleteමේක නම් තනිකරම පෙළඹවීමක්....
ReplyDeleteඇයි දෙයියනේ යන්න ඕනේ කියලා කිව්වට මේ දැන්මම යන්න හිතෙන විදියෙ කතා කියන්නේ මාදු ගග ගැන..
ඔය කඩේ ගාන එහෙම සැරද???
ගිහිල්ල බලහංකො කොල්ලො ...
Deleteනියම තැන .. එහෙ කවුරුත් නැති පාලු දූපතක වගාවක් දාගෙන ඉන්න හිතෙයි.
මටත් හිතුන .. හිස් දූපතකට වෙලා භාවනා කරගෙන නැවතිල ඉන්න.
කඩේ බඩු මිළ එච්චරම වැඩිත් නෑ ...
Deleteසමහරවිට විදේශිකයොන්ට නම් වැඩිපුර අය කරනව ඇති.
ෂා......ෂාහ්...
ReplyDeleteඒත්............
මට වතුරෙන් අපලයි අනේ........
ඒ කියන්නෙ එහෙනම් නාන්නෙ නැද්ද ඔයා ...
Deleteකෝ බොලේ මයෙ කමෙන්ට් එක....
ReplyDeleteඔය උඩින් තියෙන්නෙ බොලේ ...
Deleteහුඟ කාලෙකින් දැක්කට සතුටුයි වත් ...
වාඩිවෙලා තේ බොන්න, දාම් අදින්න බංකුවක් වත් තිබුනනම් නියමයි.
ReplyDeleteඒක නම් මරු අදහස ...
Deleteඅපි ආයෙ ගියාම එයාලට කියමු ... ඒ ගැන.
මම නම් ඔය කඩේ පලාතෙවත් ගියේ නෑ බොලේ. එකට එන්නෙම සුද්දෝ නෙව. ඉතින් ඕකේ බඩු අස්ප ගණන් ඇති. තව බෝට්ටු වල බඩු විකුණන ජංගම සේවයකුත් ඒ දවස්වල තිබුනා. දැන් නැද්ද දන්නේ නෑ.
ReplyDeleteඅපි නම් බෝට්ටුවල බඩු විකුණන ජංගම සේවයක් දුටුවෙ නෑ .. නමුත් සමහරවිට තියෙන්න ඉඩ තියෙනවා..
Deleteමොකද ... ඔය දූපත්වල පදිංචි වෙලා ඉන්න අයට එක එක දේවල් වුවමනා වෙනව ඇතිනෙ.
දැන් නම් මිනිස්සු ඉන්න ප්රධාන දූපතට යන්න පාළමක් දාල තියෙනවනෙ. ඒකෙ ත්රී වීලයකට යන්න පුලුවන්.. නමුත් හුඟක් දූපත් වලට තාමත් යන්නෙ ඔරුවලින්. (ඒ කිව්වෙ මේ අතුරුගිරියෙ තියෙන ඔරුවල නෙමේ හරිය ) හිතන්නකො ... ඔය දූපතක ඉන්න කෙනෙකුට .. රෑට කන්න හරි අර හැළ කිඹුලන්ට දෙන්න හරි .. පාන් රාත්තලක් ගන්න ඕන වුනාය කියල.
ඉතින් ඒක ගේන්න ඔච්චර දුර ඔරු පදින්නෙ නෑනෙ. ඒ වගෙ දේවල් විකුණන සේවයක් තියෙනව ඇති.
මරු කඩයක් නොවැ ..
ReplyDeleteඔව් මලයා .. නිතර දකින කඩවල් වලට වඩා වෙනස් එකක්...
Deleteකලකට ඉස්සර නිතර දෙවේලේ දකින තැනක්.... දැන් නම් පළාතක ගිය කාලයක් මතක නැහැ.... වෙනස් වෙලා... දකින්න ආස හිතෙනවා...
ReplyDeleteනිතර දකිනවා කිව්වේ ....
Deleteඒ පැත්තෙද පදිංචිවෙලා හිටියේ ....
ඒ පැත්තෙන් නිතර ආවා ගියා.... :D
Deleteමියුරුගෙ ජොබ් එක කිඹුලන්ට පාන් දාන එකනෙ ඒ කාලෙ
DeleteNiyamaaaaaaaaaaaaaaaaaai saho :)
ReplyDeleteනියමයි නේන්නම් ...
Deleteඊ ලඟ සැරේ ගියාම කඩේට ගොඩවෙලා බලන්නකො.
[ඔබ මොරටුවෙ නිසා එතෙන්ට ලඟ ඇති]
මාදු ගඟ ලක්මවගේ තවත් සුන්දර දැරිවියක් නේව..
ReplyDeleteසම්පූර්ණ ඇත්ත නෙව ...
Deleteතව චුට්ටක් ඉඩ තියෙන්න හැදුව නම් ඔය කඩේ නියමයි..කට්ටියට වාඩි වෙලා මොනා හරි කන්න බොන්න වගේ...
ReplyDeleteඑහෙම තිබුණ නම් හොඳයි තමයි .. නමුත් සමහරවිට කඩේ කඩා වැටේවි .. මොකද .. ඔය ගඟේ යන්නෙ ලොකු කණ්ඩායම් වශයෙන් නිසා.
Delete[ ඕක ඔයිට වඩා ශක්තිමත් විදිහට කොන්ක්රීට් දාල හැදුවොත් ඔය තියෙන ලස්සන නැතිව යාවි]