Powered By Blogger

Sunday, August 19, 2012

ගඟ මැද කඩේ




කලින් කිව්ව වගේ ... මාදු ගඟේ තියෙන කුඩාම දූපත දැක්කනේ.
තව මහ ගොඩක් දේවල් එහෙදි දැක්ක වුනත් ... [ඒව පස්සෙ ටික ටික කියන්නම්]
විශේෂයෙන් දැක්ක .. වැඩිය අපිට දකින්න හම්බවෙන්නෙ නැති දෙයක් ගැන කියන්නයි යන්නෙ. මාදු ගඟේ දැනට ගිහිල්ල තියෙන උදවිය මේක දැකලත් ඇති. සහ ගනුදෙනු කරලත් ඇති.


මේක තමයි ජලාශයක් මැද තියෙන ..[ශ්‍රී ලංකාවෙ] මම දැකපු එකම කඩේ.
[තව කොහෙ හරි තියෙනවද කියල මම හරියටම දන්නෙ නෑ]
ඔබ බඩු ගන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ඔරුවකින් හෝ බෝට්ටුවකින් යා යුතුයි. එහෙම යන්න අකමැති නම් පීනගෙන යන්නත් පුලුවන් ... [හැබැයි අර පාන් කන කිඹුලන්ගෙන් බේරිල .. හි .. හි ..]
මේ කඩේට මම දැකපු විදිහට ගනුදෙනු කරුවන්ගෙත් අඩුවකුත් නෑ ... හැබැයි ඒ හුඟ දෙනෙක් විදේශිකයො.


 [මං හිතන විදිහට ස්වදේශිකයො වැඩිය යන්නෙ නැත්තෙ .. මිළ ගණන් අධිකයි කියල හිතලද කියන්නත් බෑ ]
ඒ නැතත් .. ''තව ටිකකින් ගොඩට යනවනෙ. එතකොට ඕන දෙයක් ගන්න බැරියැ '' යන අදහසින් ඉන්න නිසාද කියල කියන්නත් බෑ.
කොහොම වුනත් .. ඔයාලත් මාදු ගඟ බලන්න යනවනම් ..  මේ අමුතු කඩේටත් ගොඩවෙලා බලන්න.
හරි අමුතු අත්දැකීමක් වෙනවා සිකුරුයි.



25 comments:

  1. කවදා හරි ගිය දවසක ගොඩවැදිලා එන්න බැරියැ.....

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. යන්නම ඕන තැනක් ...

      Delete
  2. මේක නම් තනිකරම පෙළඹවීමක්....
    ඇයි දෙයියනේ යන්න ඕනේ කියලා කිව්වට මේ දැන්මම යන්න හිතෙන විදියෙ කතා කියන්නේ මාදු ගග ගැන..

    ඔය කඩේ ගාන එහෙම සැරද???

    ReplyDelete
    Replies
    1. ගිහිල්ල බලහංකො කොල්ලො ...
      නියම තැන .. එහෙ කවුරුත් නැති පාලු දූපතක වගාවක් දාගෙන ඉන්න හිතෙයි.
      මටත් හිතුන .. හිස් දූපතකට වෙලා භාවනා කරගෙන නැවතිල ඉන්න.

      Delete
    2. කඩේ බඩු මිළ එච්චරම වැඩිත් නෑ ...
      සමහරවිට විදේශිකයොන්ට නම් වැඩිපුර අය කරනව ඇති.

      Delete
  3. ෂා......ෂාහ්...

    ඒත්............

    මට වතුරෙන් අපලයි අනේ........

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ එහෙනම් නාන්නෙ නැද්ද ඔයා ...

      Delete
  4. කෝ බොලේ මයෙ කමෙන්ට් එක....

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් තියෙන්නෙ බොලේ ...
      හුඟ කාලෙකින් දැක්කට සතුටුයි වත් ...

      Delete
  5. වාඩිවෙලා තේ බොන්න, දාම් අදින්න බංකුවක් වත් තිබුනනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මරු අදහස ...
      අපි ආයෙ ගියාම එයාලට කියමු ... ඒ ගැන.

      Delete
  6. මම නම් ඔය කඩේ පලාතෙවත් ගියේ නෑ බොලේ. එකට එන්නෙම සුද්දෝ නෙව. ඉතින් ඕකේ බඩු අස්ප ගණන් ඇති. තව බෝට්ටු වල බඩු විකුණන ජංගම සේවයකුත් ඒ දවස්වල තිබුනා. දැන් නැද්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි නම් බෝට්ටුවල බඩු විකුණන ජංගම සේවයක් දුටුවෙ නෑ .. නමුත් සමහරවිට තියෙන්න ඉඩ තියෙනවා..
      මොකද ... ඔය දූපත්වල පදිංචි වෙලා ඉන්න අයට එක එක දේවල් වුවමනා වෙනව ඇතිනෙ.
      දැන් නම් මිනිස්සු ඉන්න ප්‍රධාන දූපතට යන්න පාළමක් දාල තියෙනවනෙ. ඒකෙ ත්‍රී වීලයකට යන්න පුලුවන්.. නමුත් හුඟක් දූපත් වලට තාමත් යන්නෙ ඔරුවලින්. (ඒ කිව්වෙ මේ අතුරුගිරියෙ තියෙන ඔරුවල නෙමේ හරිය ) හිතන්නකො ... ඔය දූපතක ඉන්න කෙනෙකුට .. රෑට කන්න හරි අර හැළ කිඹුලන්ට දෙන්න හරි .. පාන් රාත්තලක් ගන්න ඕන වුනාය කියල.
      ඉතින් ඒක ගේන්න ඔච්චර දුර ඔරු පදින්නෙ නෑනෙ. ඒ වගෙ දේවල් විකුණන සේවයක් තියෙනව ඇති.

      Delete
  7. මරු කඩයක් නොවැ ..

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා .. නිතර දකින කඩවල් වලට වඩා වෙනස් එකක්...

      Delete
  8. කලකට ඉස්සර නිතර දෙවේලේ දකින තැනක්.... දැන් නම් පළාතක ගිය කාලයක් මතක නැහැ.... වෙනස් වෙලා... දකින්න ආස හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. නිතර දකිනවා කිව්වේ ....
      ඒ පැත්තෙද පදිංචිවෙලා හිටියේ ....

      Delete
    2. ඒ පැත්තෙන් නිතර ආවා ගියා.... :D

      Delete
    3. මියුරුගෙ ජොබ් එක කිඹුලන්ට පාන් දාන එකනෙ ඒ කාලෙ

      Delete
  9. Niyamaaaaaaaaaaaaaaaaaai saho :)

    ReplyDelete
    Replies
    1. නියමයි නේන්නම් ...
      ඊ ලඟ සැරේ ගියාම කඩේට ගොඩවෙලා බලන්නකො.
      [ඔබ මොරටුවෙ නිසා එතෙන්ට ලඟ ඇති]

      Delete
  10. මාදු ගඟ ලක්මවගේ තවත් සුන්දර දැරිවියක් නේව..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත නෙව ...

      Delete
  11. තව චුට්ටක් ඉඩ තියෙන්න හැදුව නම් ඔය කඩේ නියමයි..කට්ටියට වාඩි වෙලා මොනා හරි කන්න බොන්න වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙම තිබුණ නම් හොඳයි තමයි .. නමුත් සමහරවිට කඩේ කඩා වැටේවි .. මොකද .. ඔය ගඟේ යන්නෙ ලොකු කණ්ඩායම් වශයෙන් නිසා.
      [ ඕක ඔයිට වඩා ශක්තිමත් විදිහට කොන්ක්‍රීට් දාල හැදුවොත් ඔය තියෙන ලස්සන නැතිව යාවි]

      Delete