Powered By Blogger

Monday, February 13, 2012

දුලබ ගණයේ හමුවීමක් ....




අපි කීපදෙනෙකුට ඊයෙ .. ලේසියෙන් වත්  අමාරුවෙන් වත් හම්බ වෙන්න බැරි කෙනෙක් ව හම්බ වෙන්න අවස්ථාවක් ලැබුණා.
 බ්ලොග් ලියන්නන් ගෙන් මේ හමුවට සහභාගි වුනා ....මාලුවා , නවම්, බූඩි, රාජ්, යන සොහොයුරන් ද .. බ්ලොග් ලියන්නියන් අතරින් .. ඊ මේල් කවිකාරි සහ ...
රන්දිකා යන සොහොයුරියන් ද ....
තව කොත්තුව නැමති සිංඩිය පවත්වාගෙන යන සොහොයුරා හෝ සොහොයුරිය [ඔහු හෝ ඇය එන බව ස්ථීර නැති තත්වයකිනුයි තිබුනේ] පැමිණීමට නියමිතව තිබුණා.
ඇත්තෙන් ම මේ හමුව ඉතාම සුන්දර එකක් වුනා. ඇයගෙ ලිපි මීට පෙර බොහෝ අවස්ථාවල කියවල තිබුණත් .. ඡායාරූප දැකල තිබුණ වුනත් ... සැබෑවට ම හමු වී කතා බහක නියැලෙන්නට ලැබීම මට නම් හුඟක් ම සතුට දනවන කාරණයක් වුනා. [අනිත් අයටත් එහෙම ම වෙන්න ඇති...] මොකද ඈ.. චාම් .. සරළ .. හුඟක් ම නිහතමානි කෙනෙක් වීම නිසාවෙන්.....
දහවල් 11.00 සිට ඇරඹි සංවාද මණ්ඩපය සවස 3.00 ත් පහු වෙනකම් ම වාගේ ඇදී ගියා. [ නිකම්ම නෙවෙයි .. ඇගෙ ගානේ දිවා ආහාරයත් සමගම ] අපි කාපු කෑමවල ඡායාරූප  මෙතන දැම්මේ නැත්තේ ඕගොල්ලො ඔක්කොමල  එකතු වෙලා කෙල ගිලින බව දන්න නිසයි.
එකිනෙකා ගේ තොරතුරු දැන ගැනීමට සුහදව යන කතාබහ අතරම බරපතල කාරණා පිළිබඳව ද සාකච්චා වුනා. තර්ක විතර්ක විමානයයි. අපි එකිනෙකා එකඟ වුන අවස්ථා මෙන්ම එකඟ නොවුන අවස්ථා ද තිබුනා. [ මොනවද සාකච්චා කෙරුවෙ කියල පස්සෙ ලියන්නම් .. සමහර විට එයාම ලියන්නත් ඉඩ තියෙනවා ]
දැන් ඉතින් ඔයාල ට ප්‍රශ්ණයක් වෙලා ඇති මේ කවුද කියන එක. ඔය පහළින් තියෙන ඡායාරූපයේ ඉන්නේ එතුමිය තමයි.
 [පොටෝ නම් පැහැදිළි මදි ඇති... මගෙ කබල් පෝන් කැමරාවෙන් නේ ගත්තේ]









හුඟ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණි අරුණි ශපීරෝ මහත්මිය.


මාලුවා මේ ඉතාම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ මා දිහාව නම් නෙවෙයි. මට පිටිපස්සෙන් ගැස්සි.. ගැස්සි තියෙන ...නොපෙනෙන බිළි කටුවකුත් සමග ඇති ඇමක් දිහාවයි.










මැද සිට දකුණට .. නවම් ..රාජ් ..බූඩි ...



මැද සිට  වමට ... ඊමේල් කවිකාරි .., රන්දිකා..[ඈ පැමිණසිටියේ කුඩා දියණිය සමගයි]


 
ප.ලි.
සමහර නම් ගම් මට මතක විදිහටයි ලීවේ...වැරදි විදිහට ලියවිලා තියෙනවානම් සමාවෙන්න ඕන. ඒ වගෙම අවසර නැතුව ඡායාරූප දැම්මටත්.

22 comments:

  1. දැන් ඉතින් නදී .... අහන්න එපා මම කෝ කියලා ...
    දැයට කිරුලෙදි ඔයා මට දීපු උත්තරේම තමයි දෙන්න තියෙන්නෙ.

    ReplyDelete
  2. අහ්හ් හොරෙන්ම ගෙට්ටුවක්ද

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ වෛවර්ණා ... හොරෙන්මත් නෙවේ ... වගේම ගෙට්ටුවකුත් නෙවේ.

      Delete
  3. අරුණි ගේ ගානකට කෙලවිලා වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව් .. මොකද නැතුව ...
      එයා සල්ලි ගෙනල්ල තියෙන්නෙ වියදම් කරන්න මිසක් ආපහු ගෙනියන්න නෙවෙයි....

      Delete
  4. අවසර නැතුව හරි, කට්ටියගේ මූණු ටික බලාගන්න ලැබිච්ච එක සතුටක්..

    ReplyDelete
    Replies
    1. මූණු පැහැදිළි ව පේන්නෙ නැති එක හොඳට ගියා.

      Delete
  5. තොපි කොහෙද ගියේ..වැඩේ එළ නම් එච්චරයි

    ReplyDelete
    Replies
    1. රාජ් ල දෙන්නයි නේ ඉන්නේ.... උඹව දැකල තිබුනට අනිත් රාජ් ව දැක්කේ එදයි.

      Delete
  6. මට වැරදිච්ච එක නමක් ''ඊ මේල් කවිකාරි'' විසින් නිවැරදි කර එවා තිබෙනවා.
    ඔන්න මම ලිපියෙත් ඒක හරි ගැස්සුවා.
    බුද්ධිකා = රන්දිකා

    ReplyDelete
  7. කට්ටියගේ මූනූ ටික අප්‍රේල් 22 ආයිත් බලාගත්තැකිනේ...මොකක්ද මේ ප්ලෑන් එක.....

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. 22 හම්බවෙමු...
      මේක නිකං මේ .... පෙරහුරුවක් වගේ එකක් කියල කියමුකො.

      Delete
  8. Replies
    1. ඇහුව නම් ඔයා එපා කියනවනේ .....

      Delete
  9. ශා මගේ වරලස මං හිතුවාට වඩා දැකුම්කළුයි නෙව.......... හි හි........... ඊයේ පෙරේදා කපන්න අහලා, ඕකේ තව මොනවා කපන්නද අනේ කියලා මහත්තයා ඇහැව්ව එකත් හොඳයි එක අතකට........ :)

    ReplyDelete
    Replies
    1. දැකුම්කළුයි නේන්නම් ....
      කොණ්ඩෙ නිසා මූණෙන් බාගයක් ම වැහිල නේ.

      Delete
  10. මාළුවා ගැන නං කවර කථාද? හපොයි ඇස් දෙක වපර වෙලා කොල්ලා පිටත් වෙලා ගියේ.............. :D

    හද්දෙයියනේ මේ මාළු පැටියා නැත්තං අපේ කෙලී එදා රුපියලක් ගිලිනවා. "අක්කේ මෙයා ඉන්නේ රුපියල කටේ තියාගෙන.... ඇත්තමයි සහතිකයි මෙයාගේ කටේ රුපියලක් තියෙනවා" කියලා කියපු වෙලාවේ තමයි කට ඇරවලා බැලුවහම පුංචි සත විසිපහ සයිස් රුපියල කට ඇතුලේ තිබුනේ........... ස්තුතියි මාළුවා.........

    ReplyDelete
    Replies
    1. ඇස් වපර වෙලා කීවේ .... එදා බීපු Gබියර් වැඩි වෙලාවත් ද ...
      එහෙනං කොල්ලා ගියපු විභාගෙන් ෆේල් වෙයිද මන්දා ...

      Delete
  11. ආසවෙන් ඉන්නවා කට්ටියව හම්බවෙන්න~

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ලඟදිම තියෙනවයි කියන අවුරුදු උත්සවයට එන්නකෝ.....
      මුණගැහෙන්න බැරියැ ...

      Delete
  12. අය්ය නෑනේ.:)
    අය්යෝ කට්ටියම පින්තූරයක් වත් ගන්න තිබ්බා.මේකේ ඔක්කොම පේන්නෙ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් නදී ...
      මම ඇර අනික් ඔක්කොම ඔය පේන්න ඉන්නෙ...

      Delete