Monday, February 13, 2012

මම තැන්පතෙක් වූවෙමි……






මේ බ්ලොග් කෙලි සෙල්ලමට ආවට පස්සෙ මිනිස්සු සෑහෙන්න වෙනස්වෙන බවක් පේන්න තියෙනව. ඒක හොඳ දෙයක් විදිහටයි මම නම් දකින්නෙ.
උදාහරණයක් විදිහට මාවම ගමුකො. [තමන් ගැන හොඳටම දන්නෙ තමන්මනෙ]
ඉස්සර මම බොහොම කුපිත වෙන එකා. මුලදිම මම කෙරුවෙ බ්ලොග් ලියන එක නෙවෙයි ... කියවන එක සහ කියවපු ඒවට කමෙන්ට් කරපු එක.
ඒ කාලෙ බ්ලොග් තිබුනෙ හත්සීයක් වාගෙ ගාණක්... සින්ඩි තිබුණෙත් දෙකයි ද කොහෙදො ...
මුල් කාලෙ ඔය සමහර බ්ලොග් කියවල සෑහෙන්න කුපිත වුන අවස්ථා තිබුණ. තදින් ම කමෙන්ට් කරපු වෙලාවල් හුඟක් තිබ්බ. කුණුහරුප ම භාවිතා නොකළත් .. ඊට කිට්ටුවෙන් යන විදිහට බැණල තියෙනව.
ඔය පුලස්තිට ..රංගයට .. පෙරමුණේරාළ ට බැණල කමෙන්ට් කරපු එවුන්ට .. කොටින්ම කිව්වොත් .. සොඳුරු සිත ලියන වත් ට..ත් මම බැණල තියෙනව.
[තව නම් වශයෙන් මතක නැති අය ගොඩක් ඉන්නව]
නමුත් ටික කාලයකදි ..ඕක වෙනස් වෙන්න පටන් ගත්තා..ඉවසීමේ ශක්තිය වැඩි දියුණු වුනා.. තව ටිකක් ඉදිරියට ගිහින් මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තම තව තවත් මාව තැන්පත් වුනා. මේ දේ සිද්ද වුනේ එකපාරටම නෙවෙයි .. ටිකෙන් ටික...
ක්‍රමානුකූලව අනෙක් අයගෙ මත ඉවසන්න පුරුදු වුනා .. ඒ මතවාද පිළිබඳව තර්කානුකූලව සිතන්න පෙළඹුනා. දැන් නම් මාව කුපිත කරන්න ලේසියෙන් බෑ... [අමාරුවෙනුත් බෑ .. හි .. හි ...]
ඔෆිස් එකේදි .. යාලුවො අතරෙ .. නෑදෑයො අතරෙ ... තරහ ගන්නෙ නැති හොඳ එකෙක් හැටියට යි දැන් මාව ගණන් ගැනෙන්නෙ. අනික තරහ නොගෙන හිටියාම ඕනම ප්‍රශ්ණයක් දිහාව නිවැරදි විදිහට බලන්නත් පුලුවන්. ඊට අමතරව අපේ ඇඟේ ලේ ධාතුවත් නිතරම පිරිසිදු විදිහටයි පවතින්නෙ.
ඉතින් .. මේ තරම් මම ඉහළට ආවෙ මේ බ්ලොග් කෙරුවාව නිසා. බ්ලොග් ලිවිල්ලට සහ කියවිල්ලට මම ගරු කරන්නෙ ඒකයි. බ්ලොග්වලින් මට ලැබුණ එක තෑග්ගක් තමයි මේක.
කෙටියෙන් කිව්වොත් ... බ්ලොග් කියවීම නිසා මම සන්සුන් වුන අතර ....
ලිවීම නිසා මම තැන්පත් වූයෙමි.




50 comments:

  1. බ්ලොග් කියන්නේ අපේ ජීවිතේ එක දෙයක් වුනත් බ්ලොග් එකට අපේ ජීවිත හුගක් වෙනස් කරන්න පුළුවන්.මම නම් කොහොමත් කුකුල් කේන්තිකාරි. කාලයත් එක්ක මගෙත් ඒ නරක ගතිය අතඇරිලා යාවි එහෙනම්. මම බ්ලොග් එක නිසා මගේ ජීවිතේ දිහා හුගක් පුළුල් ඇහැකින් බලන්න පුරුදු වුනා.

    ReplyDelete
    Replies
    1. සමහර අය නම් බ්ලොග් දිහාව බලන්නෙත් වපර ඇහැකින්...
      ඒ වුනාට මේව නිසා තම තමන් ගෙ ආවේග ... මානසික පීඩා ... ආතතිය වගේ දේවල් බැහැර කරල හිත සන්සුන් කරගත් අය ගැන මම දන්නව.
      තවත් අය දිවි නසා ගැනීමට තරම් කළකිරිල .. කෙලවරටම ගිහිල්ලත් .. බ්ලොග් නිසා නැවත පණ ගහල ඇවිල්ලත් තියෙනව.
      ඒ නිසා මේවගෙන් ලොකු සේවයක් වෙනව .. කියන එකයි මගෙත් අදහස.

      Delete
  2. සම්පූර්ණ ඇත්තක් මමත් සෑහෙන්න දියුණුවක් ලැබුවා බ්ලොග් කෙරුවාවෙන් මේ ටික කාලයට... මුලින් මාත් සෑහෙන්න කුපිත වුනු කෙනෙක් දැන්නම් එහෙම නෑ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ බ්ලොග් ලිවීම සජීවි යි.. ක්ෂණික ප්‍රතිචාර ලැබෙනව. ඒකයි ඕකට හේතුව.

      Delete
  3. හරිම අගෙයි. මට තවමත් මතකයි මට බැනල කමෙන්ට් කරල තිබ්බ හැටි. මට හිතා ගන්න බැරි උනා අහවල් දේකට මට බැනල ද කියලත්. ඇයි මට බැනල තියෙන්නේ කියල මම ඇහුවත් මතකයි...

    හරි එහෙනම් ඒකත් එහෙම උනා හේනම් ...

    ReplyDelete
  4. හැබෑටම ඔහෙ මට බැන්නේ ඇයි ? ( තරහ ඒවි ද මන්දා ? )

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් .. වත් .. හේතුවක් නෑ. නිකම්ම බණින්න ඇති.
      ඒ දවස්වල මට තරහ යනව.
      අනික ඔයා ලියන ඒව ඇත්ත කියල මම හිතුවා.

      Delete
  5. ඒ කියන්නෙ බ්ලොග් එකක් ලියන එක හොඳ වැඩක්....

    ReplyDelete
    Replies
    1. නැතුව .. නැතුව ...
      මේ ලෝකෙ තියෙන ඉතාම හොඳ වැඩවලින් එකක්.

      Delete
  6. මට නම් මානසික ආතතිය අඩුකරගන්න ලියන එක ගොඩක් උපකාරි උනා.අනික ගොඩක් සතුටක් ලැබෙනව ලියන එකෙන්.අය්යගෙ ඔය පොත් කියවන එකත් තැන්පත් වෙන්න උපකාරී වෙන්නැති :)
    දන්නවද මම් පොත් කියවන්න ගත්තම අම්මත් කිව්ව මම් ගොඩක් වෙනස් වෙලා දැන් කියල.ඉස්සර වගේ කේන්ති යන්නෙ නෑ,ඉවසීමෙන් වැඩ කරනව.මම් දැන් හොද කෙනෙක් වෙලා කිව්ව.ඉතින් කාටද ආඩම්බර!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් .. කාටද ආඩම්බර ...
      ඔව් .. ඔව් .. පොත් කියවන එකත් හොඳ බෙහෙතක් තමා මනස සන්සුන් වෙන්න.
      ඒ වුනාට මම මේ කල්පනා කළේ ... ඔයා වගේ ලස්සන පොඩි කෙල්ලෙකුට මොකක් ද ඔයහැටි තියෙන ආතතිය කියලයි.

      Delete
    2. හික් හික් ඔයා හිතන්නෙ මම් පොඩි එක්කෙනෙක් කියලද :O

      Delete
    3. අපොයි .. ඔයා හුඟක් විශාල ද ...
      ඒ කිව්වෙ මේ .. මේ ... අ..ලි..යෙ..ක් විතර...?

      Delete
    4. අම්මෝ එච්චර නෑ.ඊට ටිකක් අඩුඇති ඕනේ නම්.:)

      Delete
    5. එහෙම නම් අලි පැටව් දෙන්නෙක් වි..ත..ර...?

      Delete
  7. බ්ලොග් ලිවීම නිස මගෙ ලිවීම වෙනස් වුනේ කොහොමද කියන එකට හොඳම උදහරනය තමයි මගේ බ්ලොග් එක..මෙලෝ රහක් නැති දේවල් ලියලා ලියලා දැන් නම් යන්තම් පොඩියට කතාවක් ගැට ගහ ගන්න පුළුවන්..ඒ සේරම ලැබුනෙ බ්ලොග් ලිවීමෙන් තමයි

    ReplyDelete
    Replies
    1. වේනි ...
      ඔයාගෙ බ්ලොග් එක් මට වැඩිය කියවන්න ලැබෙන්නෙ නෑ...
      වෙනිවැල් .. කියලද ඒකට කියන්නෙ.

      Delete
    2. අහා .. වෙනි .... ඔයාගෙ බ්ලොග් එක අපේ සිංඩියෙ අප්ඩේට් වෙන්නෙ නෑ කියල මට අමතක වුනා.

      Delete
  8. බ්ලොග් කෙරුවාවෙන් හොද නරක දෙකම තියනවා..භාවිතා කරන විදියෙන් තමයි ඒක තීරනේ වෙන්නේ.මට ත් බ්ලොග් වලින් වැරද්දක් නම් වෙලා නැ හොදක් මිස.:D

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාව.
      සමහරු නම් තමන්ගෙ බ්ලොග් එක තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම කරදරයක් බවට පත් කර ගන්නවානෙ.

      Delete
  9. මටත් තාම බ්ලොග් එකක් නෑනෙ...තාම කියවන එකයි කමෙන්ට් කරන එකයි විතරයි.
    එහෙමනම්... මාත් ඉවසලා.... ඉවසලා...ඉවසලා..තවදුරටත් ඉවසලා
    තැන්පත් වෙලා...තැන්පත් වෙලා..තවදුරටත් තැන්පත් වෙලාම වැඩේ පටන්ගන්නම්...
    එහෙම හොඳයිනෙ...?

    ReplyDelete
    Replies
    1. නෑ... නෑ... කොල්ලො ... එහෙම නෙවෙයි ..
      උඹ බ්ලොග් එක ලියන්න පටන් ගන්න ඕන. ඊට පස්සෙ ඇඟටත් නොදැනිම වැඩේ වෙනව.
      [තවම බ්ලොග් එක හදාගන්න බැරි වුනාද ..? මට මතකයි එදා ගාල්ලෙදි කවුදෝ පොරොන්දු වුනානෙ ඒකට උදව් කරනව කියල]

      සමහරවිට උඹ කියපු විදිහත් හරි ඇති... මම නම් ඒක අත්හදා බලල නෑ.

      Delete
  10. කේන්තියෙන් ප්‍රශ්ණ විසදන්න බෑ ඒකෙන් ප්‍රශ්ණ වැඩි වෙනවා විතරයි කියලා මම අහලා තියෙනවා.. කොහොම උනත් බ්ලොග් එක නිසා ඒ කේන්තිය නිවුන එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. අහලා තියෙනවා .. විතරක් නෙවෙයි .. ඒක තමා ඇත්ත කොල්ලො.

      Delete
  11. ම්..මට උබත් එක්ක අත්දැකිමක් තියෙන එකේ මම එය සහතික කරමි....ජය

    ReplyDelete
    Replies
    1. ඕන්න මට සහතිකයකුත් හම්බවුනා ...
      ස්තූතියි Raj

      Delete
  12. මේකනම් මටත් වුනු දෙයක්. මාත් මුලින් බ්ලොග් කියෙව්වා, කමැන්ට් කළා විතරයි (කාටවත් බැන්නේ නම් නෑ). ඒත් මේ ලොග් ලිවිල්ල කියවිල්ල නිසා අන්මත වලට ගරු කරන්නත් විරුද්ධ මත දිහා කලබල නොවී බලන්නත් පුළුවන් වෙලා. කොටින්ම මම හිතන විදිහ මගේ ඉස්සර තිබුණු වැරදි ආකල්ප මේ හැම දෙයක්ම වෙනස් වෙලා!

    ReplyDelete
    Replies
    1. බ්ලොගකට සෙට් වුන එක ගැන දැන් සතුටු වෙනව නේද ...

      Delete
  13. හිත සංසුන් කරගන්න හිතේ තියෙනදේ කියලා හිත නිදහස්කරගන්න හොඳම තැනක් මේ බ්ලොග් ලෝකය...ඔබගේ අදහසට එකඟවෙමි.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ .. ඔය වැඩේ කරගන්න මේක විතර හොඳ තැනක් තවත් නෑ ...

      Delete
  14. මමනම් ලියන මහ ලොකු බ්ලොග් එකක් නෑ..comment දාන්නෙම නෑ(මේක තම පලවෙනි එක). මම වැඩිපුර කරන්නෙ බ්ලොග් හොය හොය කියවන එක.. මේකට පුරුදු උනාට පස්සෙ මගෙත් ලොකු වෙනසක් මටත් තේරිල තියෙනව.. කතාව ඇත්ත...

    ReplyDelete
    Replies
    1. කියවන එකත් හොඳයි තමා ..
      ලියන එක ඊටත් වඩා හොඳයි...
      ටික කාලයක් කියෙව්වම ඉබේටම ලියන්නත් පුරුදු වේවි ...

      Delete
  15. මමත් කුමාරයා වගේ බ්ලොග් ලියන්න ආපු දවස්වල තදින්ම මගේ මගේ හිටිය කෙනෙක්. මාස දෙකක් යන්නත් කලින් බ්ලොග් අවකාශේ ඉන්න ඕනේ හැටි මම තේරුම් ගත්තා. ඇත්තටම මැදිහත් සිතින් ඕනෙම මතයක් දිහා බලන්න ඒක නිසා පුළුවන් වුනා. ඒක නිසා ඔයා කිව්වා වගේ බ්ලොග්කරණයට අපි ගරු කරන්න ඕනේ තමා...!!!

    ReplyDelete
    Replies
    1. ඕකනෙ මම කිව්වෙ ...
      හුඟක් මිනිස්සු මේ බ්ලොග් නිසා යහපත් පැත්තට එකතුවෙලා තියෙනවා.

      Delete
  16. මම තැන්පතෙක් වූවෙමි……

    මොකද්ද මේ ලියලා තියෙන්නේ,දන්නේ නැත්තං නොලියා ඉන්නවා හොඳයි මෙතැන උක්ත දෙකක් තියෙනවා. මේක මම තැන්පතෙකු වූවෙමි වෙන්න ඕනෙ නැද්ද? මට නං හරිම කේන්තියි..............

    එදා ඒ මදිවට මගේ නමත් වෙනස් කරලා. අනේ අම්මාපල්ලා මෙහෙමත් මිනිස්සු..........

    ReplyDelete
    Replies
    1. හ්ම් ... උක්ත දෙකයි ... කියන්නේ ආඛ්‍යාත එකයිද ..?
      මට ඔය ව්‍යාකරණ නම් පේන්න ම බෑ රන්දිල් ...
      ඉස්කෝලෙ යන කාලෙත් මට සිංහල වලට 0 යි.

      Delete
    2. හපොයි කේන්ති ගියේ නැද්ද? මං මේ හැදුවේ කේන්ති ගෙන්වන්න............ හි හි

      Delete
    3. හරියන්නෙ නෑ .. මං කිව්වනෙ තරහ යන්නෙ නෑ කියල..
      අනික ඔයා කියපු එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑනෙ.

      Delete
    4. ඇත්තක් කිව්ව නිසාම තමයි වැඩියෙම තරහා යන්න ඕනා......... සාමාන්‍යයෙන් එහෙමනේ.......... හි හි :D

      Delete
    5. ඉස්සර නම් එහෙම තමයි ..
      ඒ වුනාට දැන් ඇත්තක් කිව්ව වුනත් .. මම හෙමීට කල්පනා කරල බලනව .. ඒක ඇත්තක්ම ද .... කියල.

      Delete
  17. මටනම් වැඩිය තරහ යන්නේ නැහැ.බ්ලොග් කෙරුවාවට ඇවිල්ල ලිවීමේ හැකියාව වැඩි වුනා.තවා යාලුවෝ ගොඩාක් අඳුරගත්තා.තව මම කතාවකුත් ලිවුවා කොටස් තුනක.ඉතින් මේ සේරම බ්ලොග් නිසා.හික් හිකිස්‌.....................

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක නිසා දියුණු වෙන එකට සුබ පැතුම් ...

      Delete
  18. සුබ පැතුම් කිව්වා! ජීවිතේ වටින දේවල්, ඒ කියන්නේ අපූරු , නොදුටු යාළුවෝ ටිකක් තමයි මට නම් ලැබුණේ!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ...
      මටත් මුලදි හිටියෙ නුදුටු යාලුවො තමයි.
      දැන් නම් බාගයක් ම දුටු එවුන්. ඉස්සරහට ඔයාටත් ඔය අපූරු යාලුවෝ දකින්ට ලැබෙයි.

      Delete
  19. මාත් බ්ලොග් කලාව නිසා පාළු වෙලා තිබ්බ මගේ ජීවිතේ ටිකක් ඉස්සරහට ගෙනිච්ච කියල මම හිතන්නෙ... කවදාවත් හැබැහින් දැකල නැතත් ආදරණීය යාළුවො ගොඩක් හම්බුණා.. කොයිතරම් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ සිංහල අවුරුදු උත්සවයට ආවොත් මුණගැහෙන්නත් පුලුවන්.

      Delete
  20. මමනං තාම රන්ඩුවෙනව :D

    ReplyDelete
    Replies
    1. අපෝ .. උඹ නං රණ්ඩු කොක්කක් ම තමයි ..

      Delete
  21. මමත් මම හිතන විදියට මාර විදියට තැන්පත් වෙලා ඉන්නෙ. මම බ්ලොග් ලියවට කියවනවට අමතරව වල් බූරු නිදහසක් තියෙන රටක ඉස්කෝලෙක උගන්නනවා. දැන් තියෙන්නෙ කබර හමක්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ... ඔව් ... මේ රටේ ජීවත් වෙනකොට ... සමහරක් වෙලාවට ... හම ගොරෝසු කරගන්න ම වෙනවා.

      Delete