අපි කීපදෙනෙකුට ඊයෙ .. ලේසියෙන් වත් අමාරුවෙන් වත් හම්බ වෙන්න බැරි කෙනෙක් ව හම්බ වෙන්න අවස්ථාවක් ලැබුණා.
බ්ලොග් ලියන්නන් ගෙන් මේ හමුවට සහභාගි වුනා ....මාලුවා , නවම්, බූඩි, රාජ්, යන සොහොයුරන් ද .. බ්ලොග් ලියන්නියන් අතරින් .. ඊ මේල් කවිකාරි සහ ...
රන්දිකා යන සොහොයුරියන් ද ....
… තව කොත්තුව නැමති සිංඩිය පවත්වාගෙන යන සොහොයුරා හෝ සොහොයුරිය [ඔහු හෝ ඇය එන බව ස්ථීර නැති තත්වයකිනුයි තිබුනේ] පැමිණීමට නියමිතව තිබුණා.
ඇත්තෙන් ම මේ හමුව ඉතාම සුන්දර එකක් වුනා. ඇයගෙ ලිපි මීට පෙර බොහෝ අවස්ථාවල කියවල තිබුණත් .. ඡායාරූප දැකල තිබුණ වුනත් ... සැබෑවට ම හමු වී කතා බහක නියැලෙන්නට ලැබීම මට නම් හුඟක් ම සතුට දනවන කාරණයක් වුනා. [අනිත් අයටත් එහෙම ම වෙන්න ඇති...] මොකද ඈ.. චාම් .. සරළ .. හුඟක් ම නිහතමානි කෙනෙක් වීම නිසාවෙන්.....
දහවල් 11.00 සිට ඇරඹි සංවාද මණ්ඩපය සවස 3.00 ත් පහු වෙනකම් ම වාගේ ඇදී ගියා. [ නිකම්ම නෙවෙයි .. ඇගෙ ගානේ දිවා ආහාරයත් සමගම ] අපි කාපු කෑමවල ඡායාරූප මෙතන දැම්මේ නැත්තේ ඕගොල්ලො ඔක්කොමල එකතු වෙලා කෙල ගිලින බව දන්න නිසයි.
එකිනෙකා ගේ තොරතුරු දැන ගැනීමට සුහදව යන කතාබහ අතරම බරපතල කාරණා පිළිබඳව ද සාකච්චා වුනා. තර්ක විතර්ක විමානයයි. අපි එකිනෙකා එකඟ වුන අවස්ථා මෙන්ම එකඟ නොවුන අවස්ථා ද තිබුනා. [ මොනවද සාකච්චා කෙරුවෙ කියල පස්සෙ ලියන්නම් .. සමහර විට එයාම ලියන්නත් ඉඩ තියෙනවා ]
දැන් ඉතින් ඔයාල ට ප්‍රශ්ණයක් වෙලා ඇති මේ කවුද කියන එක. ඔය පහළින් තියෙන ඡායාරූපයේ ඉන්නේ එතුමිය තමයි.
[පොටෝ නම් පැහැදිළි මදි ඇති... මගෙ කබල් පෝන් කැමරාවෙන් නේ ගත්තේ]
හුඟ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණි අරුණි ශපීරෝ මහත්මිය.
මාලුවා මේ ඉතාම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ මා දිහාව නම් නෙවෙයි. මට පිටිපස්සෙන් ගැස්සි.. ගැස්සි තියෙන ...නොපෙනෙන බිළි කටුවකුත් සමග ඇති ඇමක් දිහාවයි.
මැද සිට දකුණට .. නවම් ..රාජ් ..බූඩි ...
මැද සිට වමට ... ඊමේල් කවිකාරි .., රන්දිකා..[ඈ පැමිණසිටියේ කුඩා දියණිය සමගයි]
ප.ලි.
සමහර නම් ගම් මට මතක විදිහටයි ලීවේ...වැරදි විදිහට ලියවිලා තියෙනවානම් සමාවෙන්න ඕන. ඒ වගෙම අවසර නැතුව ඡායාරූප දැම්මටත්.
දැන් ඉතින් නදී .... අහන්න එපා මම කෝ කියලා ...
ReplyDeleteදැයට කිරුලෙදි ඔයා මට දීපු උත්තරේම තමයි දෙන්න තියෙන්නෙ.
අහ්හ් හොරෙන්ම ගෙට්ටුවක්ද
ReplyDeleteඅපෝ නෑ වෛවර්ණා ... හොරෙන්මත් නෙවේ ... වගේම ගෙට්ටුවකුත් නෙවේ.
Deleteඅරුණි ගේ ගානකට කෙලවිලා වගේ :D
ReplyDeleteඔව් ..ඔව් .. මොකද නැතුව ...
Deleteඑයා සල්ලි ගෙනල්ල තියෙන්නෙ වියදම් කරන්න මිසක් ආපහු ගෙනියන්න නෙවෙයි....
අවසර නැතුව හරි, කට්ටියගේ මූණු ටික බලාගන්න ලැබිච්ච එක සතුටක්..
ReplyDeleteමූණු පැහැදිළි ව පේන්නෙ නැති එක හොඳට ගියා.
Deleteතොපි කොහෙද ගියේ..වැඩේ එළ නම් එච්චරයි
ReplyDeleteරාජ් ල දෙන්නයි නේ ඉන්නේ.... උඹව දැකල තිබුනට අනිත් රාජ් ව දැක්කේ එදයි.
Deleteමට වැරදිච්ච එක නමක් ''ඊ මේල් කවිකාරි'' විසින් නිවැරදි කර එවා තිබෙනවා.
ReplyDeleteඔන්න මම ලිපියෙත් ඒක හරි ගැස්සුවා.
බුද්ධිකා = රන්දිකා
කට්ටියගේ මූනූ ටික අප්‍රේල් 22 ආයිත් බලාගත්තැකිනේ...මොකක්ද මේ ප්ලෑන් එක.....
ReplyDeleteඔව් .. ඔව් .. 22 හම්බවෙමු...
Deleteමේක නිකං මේ .... පෙරහුරුවක් වගේ එකක් කියල කියමුකො.
අපෙං නාහා පිංතුර දාපු එකට නං තරහයි.
ReplyDeleteඇහුව නම් ඔයා එපා කියනවනේ .....
Deleteශා මගේ වරලස මං හිතුවාට වඩා දැකුම්කළුයි නෙව.......... හි හි........... ඊයේ පෙරේදා කපන්න අහලා, ඕකේ තව මොනවා කපන්නද අනේ කියලා මහත්තයා ඇහැව්ව එකත් හොඳයි එක අතකට........ :)
ReplyDeleteදැකුම්කළුයි නේන්නම් ....
Deleteකොණ්ඩෙ නිසා මූණෙන් බාගයක් ම වැහිල නේ.
මාළුවා ගැන නං කවර කථාද? හපොයි ඇස් දෙක වපර වෙලා කොල්ලා පිටත් වෙලා ගියේ.............. :D
ReplyDeleteහද්දෙයියනේ මේ මාළු පැටියා නැත්තං අපේ කෙලී එදා රුපියලක් ගිලිනවා. "අක්කේ මෙයා ඉන්නේ රුපියල කටේ තියාගෙන.... ඇත්තමයි සහතිකයි මෙයාගේ කටේ රුපියලක් තියෙනවා" කියලා කියපු වෙලාවේ තමයි කට ඇරවලා බැලුවහම පුංචි සත විසිපහ සයිස් රුපියල කට ඇතුලේ තිබුනේ........... ස්තුතියි මාළුවා.........
ඇස් වපර වෙලා කීවේ .... එදා බීපු Gබියර් වැඩි වෙලාවත් ද ...
Deleteඑහෙනං කොල්ලා ගියපු විභාගෙන් ෆේල් වෙයිද මන්දා ...
ආසවෙන් ඉන්නවා කට්ටියව හම්බවෙන්න~
ReplyDeleteදැන් ඔය ලඟදිම තියෙනවයි කියන අවුරුදු උත්සවයට එන්නකෝ.....
Deleteමුණගැහෙන්න බැරියැ ...
අය්ය නෑනේ.:)
ReplyDeleteඅය්යෝ කට්ටියම පින්තූරයක් වත් ගන්න තිබ්බා.මේකේ ඔක්කොම පේන්නෙ නෑනේ.
ඉතින් නදී ...
Deleteමම ඇර අනික් ඔක්කොම ඔය පේන්න ඉන්නෙ...