Powered By Blogger

Friday, January 27, 2012

''ටෙලිකොම්''






ශ්‍රි ලංකාවෙ ඉන්න ... SLT හරහා ඉන්ටනෙට් භාවිතා කරන .. හැමෝම වගේ.. නැතිනම් බොහෝ දෙනෙක් ම ටෙලිකොම් කිව්වම මූණු ඇඹුල් කර ගන්නව.
එහෙම වෙන්නෙ ඇයි ...?            
පොරොන්දු වුන විදිහට හොඳ සේවාවක් තමන්ගෙ සේවාදායකයන්ට ලබා නොදීම මූලිකම හේතුව වෙන්න ඇති.
නියමිත වේගය ලබා නොදීමත් එකක්.
මීට අමතරව තව අතුරු හේතු ගණනාවක්ම තිබෙන්නට පුලුවන්.




මේ සම්බන්ධයෙන් හොඳ අපූරු ලිපියක් ලියා තිබුණා පහුගිය දවස්වල .. කාලිංග ඇතුළත්මුදලි මහතා විසින්. ඊට පසු අපේ බ්ලොග් එකේ තවත් කීපදෙනෙක්ම ඒ හා සම්බන්ධ ලිපි කීපයක් ම ලියා තිබුණා මතකයි. ඒ හැමෝම ටෙලිකොම් එකට හොඳට බැටේ දීල තමයි ලියල තිබුණෙ.
මම දැන් මේ ගොල්ලොන්ගෙ අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එක අරගෙන අවුරුදු පහකට කිට්ටුයි. ඔය අවුරුදු පහටම මගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තිබුණෙ, ටොරන්ට් - 40-55 kbs  සහ IDM 50-60 kbs විදිහටයි.
නමුත් මම ඩවුන්ලෝඩ් කරන හැම වෙලාවෙම යට තියෙන බාර් එකේ පෙන්නුම් කළේ 100 kbs කියලයි. ඒත් ඒක කවදාවත් වුනෙ නෑ.
පුදුමෙ කියන්නෙ .. ඊයෙ රෑ ඉඳල මේක වෙනස් වෙලා. ටොරන්ට්වල 200 - 230 kbs  ස්පීඩ් එකක් පෙන්නුවා. IDM  වල 100 - 130  kbs වුනා.  The Good the Bad and the Ugly ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මට පස්සෙ  පැය එකහමාරෙන් ඒක ඩවුන්ලෝඩ් වුනා. වෙනද ඔය වගෙ ෆිල්ම් එකක් බාන්න පැය හත අටක් විතර යනවා. [මම කරන්නෙ රැට ඩවුන්ලෝඩ් වෙන්න දාල නිදාගන්න එක. උදේ බලනකොට වැඩේ හරි. ඔය අතරෙ රැට ලයිට් ගිහින් තිබුණොත් නම් සොරිම තමයි]
ඉතින් මේක මට විතරක් වුන එකක් ද නැතිනම් අපි හැමෝටම ස්පීඩ් වුනාද ... ටෙලිකොම් ලට වැරදීමක් වෙලාද .. ඒත් නැතිනම් ඒ ගොල්ලො සැබෑවටම යහපත් මිනිසුන් වෙලාද.. කියල දැනගන්නයි ඕන.
හැමෝම මේ පිළිබඳව පොඩ්ඩක් පරීක්ෂා කරල බලනව නම් මම කැමතියි.
[මොකද .. මගෙ තාක්ෂණික දැනුම අන්තිමයි .. මේ සම්බන්ධව]



31 comments:

  1. ටෙලිකොම්ලා යහපත් මිනිස්සු වෙලා වගේ......

    ReplyDelete
    Replies
    1. ඔබ නොදුටු ලොවක් ...
      කියන්ඩ බෑ බං. අපිට කෙලින්ඩද දන්නෙ නෑ යන්නෙ.

      Delete
  2. ow apeth ehema thama...
    http://www.speedtest.net/result/1734454456.png

    ReplyDelete
  3. මොකා වෙන්න බැහැ...................මොකක් හරි ජල්තර් එකක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ බැලුවේ ..

      Delete
  4. කට වහගෙන හිටු. මටත් එසේමය.මමත් බයේ හිටියේ බිල එනකල්. බිලේ වෙනසක් වෙලා නෑ. පරණ ගානමයි. 512 කනෙක්ෂන් එක 2mb වෙලා. උන් 512 ගානටම 2mb දෙනවා නම් අපි මොකටද ඔක ගැන තැන තැන කෑගහන්න ගිහිල්ලා කෙලවගන්නේ. සාමාන්‍යයෙන් මගේ මාසෙක Data Usage එක 20GB. Speed එක වැඩි උනාට පස්සේ ගිය මාසෙට 80GB ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ;-) 700mb ෆීල්ම් එකක් පැයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. SLT එවුන්ට මෝල්....

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ මුංට වැරදිලා ද කොහෙදෝ ....

      Delete
  5. මගේ නම් වෙනදටත් වැඩිය Slow !. 30-40 Kb/s

    ReplyDelete
    Replies
    1. සද්ද නොකර ඉඳිංකෝ.. පස්සෙ හරි යයි.

      Delete
  6. Replies
    1. හරි යාවි .. හරි යාවි ..

      Delete
  7. Ne, matat teruna eka paarata reta speed wadi wena seen.Eth ban, unlimited nathi karala kandai un enda hadanne.alut package balapan koo, garanteed 2mbs +speed eka.eka limit wela 25gb walata.25 pannama, 64kbps(dialup wage).one nam top up karanda puluwan,1gb =250rs.ekai kathandare....SLT sucks every day..ara poddak lewakaala, one nam salli deela ganda kiyanawa.mat aran 8years wage.ever day it sucks.. tham.ekadikarayane ban.wena kisima ISP ne ne lankwe cabale thiyana.wireless kohomat aul.so.. have to sustain it.

    ReplyDelete
    Replies
    1. අපොයි බං .. අන්ලිමිටඩ් නැති කෙරුවොත් වැඩක් නෑ... ඒත් මචං .. අපිට කියන්නෙ නැතුව [උන්ට ඕන විදිහට] ඒක කරන්න බෑ නේද ..?

      Delete
  8. අයියෝ! ඇයි මට එහෙම නොවුනේ! :D

    ReplyDelete
    Replies
    1. ප්‍රදේශ අනුව ඕක වෙනස් වෙනවද දන්නෙ නෑ .. තව ටිකක් ඉඳල බලහංකො.

      Delete
  9. ස්පීඩ් එක වැඩි වෙච්ච එක ගැන නම් සතුටුයි.
    මට පේන විදිහට ඔයාට මුලින් තිබිල තිය‍න්නෙ 512Kbps පැකේජ් එකක්. (ටාස්ක් බාර් එකේ පෙන්නන එක ගැන හිතන්න එපා. එතන පෙන්නන්නේ මම දන්න හැටියට Ethernet එකේ වේගේ. ඒක මගේ 100Mbps පෙන්නනවා.) දැන් පේන හැටියට ඔයාගේ කනෙක්ෂන් එක 2Mbps වෙන්න ඕනි. පොඩ්ඩක් ටෙලිකොම් එකට කෝල් කරලා අහලා බලන්න ඔයාගේ කනෙක්ෂන් එක තාම අන්ලිමිටඩ්ද කියලා. තාම අන්ලිමිටඩ් නම් සුභ පතනවා. අන්ලිමිටඩ් කැන්සල් කරලා නම් දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. නෑ මලයා .. බිල එනකම් සද්ද නොකර ඉඳල බලන්න ඕනෑ .. දඟලන්න යන්න නරකයි. ඉස්සෙල්ලම පනාවට අහු වෙන්නෙ ඉක්මන්කාර උකුණා ලු.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මගෙත් අන්ලිමිටඩ් තමා... ස්පීඩ් එක වැඩි වෙලා නේන්නම්...!!! :)

    ReplyDelete
    Replies
    1. මරු නේ .. මම අද තව ෆිල්ම් එකක් බෑව. මේක ටෙස්ට් කරන්නම ඕන හින්ද. [Encino Man - Mb 699]
      පිස්සු හැදෙනව ... විනාඩි 46 යි ගියෙ.

      Delete
  12. මගේ ස්පීඩ් එක වෙනසක් නැහැ, 40-50 අතර... වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ කොල්ලො .. තව ටිකක් ඉවසලා බලහං. සමහරවිට හරියාවි.
      අපිටත් කෙලවෙන්න ලං වෙලාද දන්නෙත් නෑ ... මෙහෙම වෙන්නෙ.
      අර නිමෙන්න යන පහනෙ දීප්තිය එක පාරටම වැඩි වෙනවලු නේ.

      Delete
  13. //The Good the Bad and the Ugly//
    මරු පිචර් එක.

    හොයාගෙන බලන්න ඔය සීරීස් එකේම
    'For A Few Dollrs More'
    'Fist Full Of Dollra' වගේ එව්ව. 'ස්පැගෙටි' සීරීස් එක කියල කියන්නෙ. 'කයිබෝයි ' පිචර් වුනාට ගහල තියෙන්නේ ඉතාලියෙ, ඒකයි 'ස්පැගෙටි' සීරීස් එක කියල කියන්නෙ. ක්ලින්ට් ඊස්ට්වුඩ් පීක් එකේ ඒ දවස් වල. දැනටත් නාකි වෙලත් පීක් එකෙන් නං පොර බැහැල නෑ කියල නාකියෙක් වෙච්ච මට නං හිතෙන්නෙ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.... මාත් හරි ආසයි ඔය ඊස්ටවුඩ් ගෙ ෆිල්ම්ස් වලට. හුඟක් ඒව බලලයි තියෙන්නෙ. [ඔය කියපු එකනම් බෑවෙ බයිස්කෝප් සයිට් එකෙන්]
      මිනිහගෙ කව්බෝයි ටයිප් එකේ නොවෙන ඒවත් තියෙනවනෙ. ඒවයෙත් හොඳ එව්ව කීපයක්ම තියෙනව.

      Delete
  14. //Your comment will be visible after approval//

    මට දිරවන්නෙම නැති කෑල්ලක්. කව්රු හරි කුණුහරප කියයි කියල බයද? :-))

    ReplyDelete
  15. ''බය'' ඔන්න ඉතින් ඔබා මලයත් කුණුහරුප කියනව.
    කුණුහරුප ගොඩේ පෙරළි පෙරළි ඉන්න අපි වගෙ එව්වො ඕවට බය වෙනවද .. හැක .. හැක ... [වර්ණාගෙ හිනාව]

    ඕකෙ ඇත්ත කතාව මේකයි... මගෙ කලින් බ්ලොග් එක කෙලවුනා ස්පෑම් වැදිලම. ඒ කාලෙ මම ආධුනිකයා [දැනුත් ඒ වගෙම තමයි] ඉතින්..බ්ලොග් එක බේරගන්න බැරි වුනා. ඔය මලය අකමැති වාක්‍යය පේන්ට තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
  16. අදාල නැති නිසා කියන්ට දෙයක් නැති උනත් ආ බව කියන්නට සළකුණ තබා යමි.... :D

    ReplyDelete
  17. මේ කතාව ඇත්තද ඇත්ත නම් ඒ www හොඳ වෙලා වගේ ඇඩ් එක වාගේම හැබැයි මම නම් ඩොංගල් භාවිතා කරන්නේ ඩයලොග් එකක් මට නම් තාම අවුලක් නෑ 2gb වලින් ෂේප්

    ReplyDelete
  18. මොකද මේ කමෙන්ට් කරන අයගෙ පින්තූරෙ එන්නැත්තෙ?

    ReplyDelete