Wednesday, January 11, 2012

ගාලු ට්‍රිප් එක 2...ආපසු ඒම… වැහි වතුර සමග පරිප්පු..



දවල් කෑමෙන් පස්සෙ කට්ටිය නටමින් ඉන්න අතරෙ සඳ කිඳුරා [කලින් ලිපියෙ කොණ්ඩෙ පොකුටු එකා කිව්වෙ මෙයාට තමයි. ඒ වෙලාවෙ නම අමතක වෙලයි තිබුණෙ] සහ මා අතර පොඩි දෙබසක් හෙවත් තර්ගයක් හට ගත්තා.[ඔය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා තමයි එයාගෙ වේදිකා නාට්‍යවල එන පොඩි දෙබස් ඛණ්ඩ වලට තර්ගය කියන නම යෙදුවෙ මම දන්න විදිහට]
මචං .. උඹ කොහෙන්ද ..?
මම අහවල් බත්ගොඩෙන්....
ඉතින් ආපහු යන්නෙ කොහොමද ...?
ඇයි බං මගෙ වාහනේ.. ඒක අභීතයගෙ ගෙදර දාල තියෙන්නෙ.
හරි .. හරි .. මම ඇහුවෙ යන පාර ....?
කොට්ටාවට ගිහින් අතුරුගිරිය පාරට දාල කඩුවෙල හරහා තමයි යන්නෙ ...
ෂා .. නියමයි නේ.. අපේ ගම හරහා නෙ යන්නේ..
ඉතින් වරෙං .. මම දාගෙන යන්නම්.
වෙන කවුරුත් යන්න ඉන්නවද ..?
නෑ... අපි විතරයි.
මටත් හොඳයි චෑන්ස් එක. කොට්ටාවෙ ඉඳල බස්වල කොටන්නෙ මක්කටෙයි.. මාත් ඉතින් බොරුවට අදි මදි කරල [සිංහලයො සාමාන්‍යයෙන් එහෙමනෙ.. එක පාරටම හා කියන්නෙ නෑ ] කැමති වුනා.

ඉතින් එදා දවස හොඳ විනෝදෙන් ගත කරලා ආපසු එන්න පිටත් වුනා නේ.
දැන් අපි බීච් එකේ ඉඳල රූමස්සල කන්ද ආපහු නගිනව. සමහරු කෙඳිරි ගගා තමයි නගින්නෙ. අයියෝ මහන්සියි .. කියනව. උඩට ආවට පස්සෙ බස් එක නෑ. ඉතින් ආයෙ පලයංකො පාර දිගේ පල්ලෙහාට. කට්ටිය දැන් හති දදා පල්ලම බහිනව. මතක තියාගන්න... කඳු නගින කොට වගේම පල්ලම් බහිනකොටත් හති දාන්න ඕන..නැත්නම් කිසි ගතියක් නෑ. [ඕක බැඳපු එව්වො නම් හොඳට ම දන්න දෙයක්] පහලට කිට්ටු කරනකොට ඕන්න බස් එක තියාන ඉන්නව අපෙ ඩැයිවර කොලූ සහ ගෝල කොලූ. උදේ අපි ආපු එකමයි.[කට්ටියගෙම මූණු ඇඹුල් වුනා] අපි හිතුවෙ ඒක මගදි කැඩුණු නිසා වෙන හොඳ එකක් එවයි කියලයි.
හරි .. හරි .. කමක් නෑ... දැන් ඔක්කොමල නැගල ආපහු එනව.










හවස් වුනාම රූමස්සල ලස්සනට පේන්නෙ මෙහෙමයි

ගාලු ටවුමට ආවට පස්සෙ.. බස් එකට ඕන වුනා ද .. එහෙම නැත්තං .. බස් එකේ හිටපු එවුංට ඕන වුනා ද .. කියන්න මට හරියටම මතක නෑ.. නමුත් ඉන්ධන දාගන්න ඕන වුනා. ඒ වැඩේට නවත්තපු තැන නම් ඉස්තරම්. පුදුමෙ කියන්නෙ ..ෂෙඩ් එක තිබුණ තැනමයි බාර් එකත්. එහෙම නැත්තං බාර් එක තිබුණ තැනමයි ෂෙඩ් එකත්. ඒකෙන් මේකට ඩීසල් ගැහුවද .. මේකෙන් ඒකට ඩීසල් ගැහුවද .. දෙකම එකතු වෙලා අපට ඩීසල් ගැහුවද .. කියන එක නම්  මගෙන් ඉතින් අහන්න එපා...  මොකද මම ඔය ගොඩට බර එකෙක් මිසක් මඩට බර එකෙක් නෙවෙයි.
එතනින් එහාට බස් එක ප්‍රීති සාගරයක් බවට පත් වුනා කියල කෙටියෙන් කියන්නම්කො.


විශෙෂයෙන් අපේ මේ පවනි මලයයි ... නාකියා මලයයි [කොල්ලෙකුට නාකියා කියන්නත් මොකක්ද වාගෙ..ඇත්ත නමත් මතක නෑ] තව හිටිය ... සිත් රූ හරි සඳ රූ [එයාගෙත් ඇත්ත නම මතක නෑ] කියල මලයෙකුත්. කට්ටිය එකතු වෙලා නන්ස්ටොප් සංගීතයක් ඇදගෙන ගියා. අපේ නාකියා මලය ගීතය පටන්ගැනීමට පෙර ඒ පිළිබඳ පොඩි විවරණයකුත් කරනවා. ඊට පස්සෙ තමයි ගීතය පටන් ගන්නෙ. පුහ් .. මාර ගති අප්පා. තව හිටිය බොහොම යං කොලු ගැටව් දෙන්නෙකුත් ..එකෙක් නං සුළඟිල්ලා ලු.[පස්සෙ තමයි දැන ගත්තෙ] අනිකා මතක නෑ.

තමාගේ පෝන් එකෙන් ගීත පටිගත කොලා අපේ .......[වෙන්න ඕන]
අසංක මලයා
ඩ්‍රම්ස් වාදනය ..රාජ් මලයා ගෙනි. වැඩිපුර අතේ අමාරුව ඇත්තේ එයාට විය යුතුයි..  [මොකද .. ගායකයො මාරු වෙමින් ගී ගායනා කළාට.. බෙර වාදනය දිගටම එයා තමයි කළේ]
කොහොමින් කොහොමින් හරි දැන් අපි ඔන්න කොට්ටාවට ආවා පොද වැස්සෙම.
මම හිටියෙ බස් එකේ පිටිපස්සෙම වගේ... කිඳුර හිටියෙ ඉස්සරහට වෙන්න.. කොට්ටාව හංදියට එන්න කලින්ම කිඳුර දඩි බිඩි ගාල බස් එකෙන් බැස්ස. මමත් ඌ එක්ක යන්නනේ හිටියේ ... මාත් ඉතින් ..[පස්සෙ දොර වහල තිබුණෙ] දුවගෙන ඇවිත් ඉස්සරහින්ම බැහැගත්ත. මේක උනේ හදිසියෙම වගේ... ඒක නිසා බස්සෙකේ හිටපු කාටවත්ම යනව කියලවත් හරියකට කියාගන්න බැරි වුනා.[කණගාටුයි]
අපි බහිද්දි .. වැස්ස ටිකක් වැඩි වෙමිනුයි තිබුණෙ. මෙන්න බොලේ .. කොටම තව කෙල්ලො දෙන්නෙකුයි .. පොඩි එකෙකුයි බැහැපි. මම ඇහුව ඇයි ඔයගොල්ලො මෙතන බැස්සෙ ..කියල. කාරෙකේ යන්නලු... කාල වරෙන්කො .. මුනුත් ඒකෙ යන්නයි හදන්නෙ.
හරි කමක් නෑ .. කියල යන්න පටන් ගන්නකොටම තව කෙල්ලෙක් ව බස්සපි. කවුදෝ එකෙක් ජනේලෙන් ඔලුව දාල කිඳුරට මොන මොනවද කිව්ව.. ඊට පස්සෙ බස් එක ගියා. මම ඇහුව කිඳුරට කිට්ටුවෙලා .. මොකක්ද බං .. ඒ වුනේ...
දැන් කිඳුර කියනව .. නෑ බං .. මේ අර .. යගෙ වෙන්ඩ ඉන්න මනමාලි. මට බාරදුන්න පරෙස්සමෙන් ගෙනියල එයා ගෙ ගමට යන බස් එකක නග්ගවන්න කියල. ..හ්ම් .. එහෙනම් ඒකත් කොරමුකො .. කියල අපි දැන්  පිටත් වුනා. දැන් වහිනව හෝ ගාල.. එකෙක් ගාවවත් කුඩයක් නෑ .. වෙන්ඩ මනමාලිගෙ අතේ විතරයි එකක් තියෙන්නෙ.
වර්ණා ගාවත්.. එයාගෙ යාලුව ගාවත් තඩි හෑන්ඩ් බෑග් දෙකක් තිබ්බට ඒවයෙ තිබුනෙ කිරිටොපී විතරයි .. කුඩ නෑ...  ඒ අස්සෙ කිඳුර මට කියනව ... ෂහ් .. මගෙ ලඟ හොඳ කුඩයක් තියෙනව .. හැබැයි කාරෙකේ.... මමත් ඒ පාර තරහ ගිහින් කිව්ව .. මගෙ ලඟත් ඔය හැම එකකටම වඩා හොඳ කුඩ තුන හතරක්ම තියෙනව ... හැබැයි ගෙදර .. කියල.
දැන් අපි බොහොම අමාරුවෙන් පාර පැනල වැස්සෙම බස් හෝල්ට් එකට ගියා මනමාලිව නග්ගවන්න. 
 [කෙල්ලො තුන් දෙනා අමාරුවෙන් එක කුඩේ යටින් එන අතරෙ අපි තුන්දෙනා අමාරුවෙන් තෙමි තෙමි ගියා


 ඔන්න දැන් බස් නෑ.. එතන හෝල්ට් එකක්ය කිව්වට මගී ආවරණයක් එහෙම නෑ.. දැන් කට්ටිය නානව එකසිය ගානට. බැරිම තැන කිඳුරත් ඔබා ගත්ත ඔලුගෙඩිය අර කුඩේ යටටම. දැන් මේක අර පැස්බරාගෙ සීන් එක වගේ ... ඔලු හතර කුඩේ අස්සෙ ගහ ගත්තට .. මුංගෙ ඇඟවල් ටික එළියෙ..ඇයි ඉතින් කෙට්ටුව නිට්ටාවටම මට්ටු කරපු බඩුනේ...
ටිකක් හරි හීනියට හිටියෙ වෙන්ඩ මනමාලි විතරයි. [එයාට මොනව හිතුනද දන්නෙ නෑ.. තල් මස්සු තුන් දෙනෙක් මැදි කොරාගෙන කුඩේ ඇතුළෙ ඉඳිත්දි]
පොඩි එකාට අර කුඩේ ඉඩ නෑ දැන්.. මිනිහ කුඩේ වටේ කැරකුනාට හරිගියෙ නෑ. මම බැලුව .. වැඩේ හරියන්නෙ නෑ කියල ටිකක් ඈතින් තිබුණ කඩයක් දිහාවට යන්න ලෑස්ති වෙනකොට  එතන හිටපු කෙනෙක් ..[එයත් බස් එකක් එනකම් ඉන්න ඇත්තෙ..] මාව එයාගෙ කුඩේ යටට ගත්තා. ඒ කුඩේ ලොකුයි. එයාට පින් දෙන ගමන් ම පොඩි එකාවත් ඒ කුඩේ යටට අඬගහගත්තා.
ඔය අතරෙ බස් කීපයක්ම ගියත් මනමාලි නැග්ගෙ නෑ..[ඒව මනමාලයො යන ඒව වෙන්ටැ] තව විනාඩි පහක් විතර ගියාට පස්සෙ ඔන්න යන්තං මනමාලි ලා යන ජාතියෙ බස් එකක් ආපු හින්ද...කිඳුර ගිහින් මනමාලිව බස් එකට නග්ගවලා... තමා බාරගත්ත රාජකාරිය අහවර කළා. දැන් වැඩේ කියන්නෙ මනමාලි බස් එකට නැග්ගෙ කුඩෙත් අරගෙනයි... [ඒක එයාගෙ කුඩේ නෙ..අපිට දීල යාවියැ..] දැන් මුන් තුන්දෙනා මීහරක් වාගෙ තෙමෙනව. මක් කොරන්නෙයි .. අපිට දුකේ බෑ... බැරි තැන පොඩි එකයි.. මායි..අපි හිටපු කුඩේ යටින් එලියට ඇවිත් උන් එක්කම තෙමෙන්න පටන්ගත්ත දුක ඉවසගන්න බැරුව.
දැන් ඉතින් ..ඒ වැඩෙත් අහවරයි නෙ. මම කිඳුරට කිට්ටුවෙලා ඇහුව කොහෙද කාරෙක.. කියල.. මූ කියපි ..  මෙතනින් දකුණට තියෙන පාරෙ ඇතුළට ටිකක් විතර යන්න ඕන කියල. ටිකක් කියන්නේ ..? ඒ කිව්වෙ මචං කිලෝ මීටර් දෙකක් විතර... කාල වරෙන්කො ... මම හිතාගෙන හිටියෙ පාර අයිනෙම තැනක් කියලනෙ.
ත්‍රී වීල් එකක තමා යන්න වෙන්නෙ.. උදෙත් මම ගියෙ එහෙමයි. ඉක්මනට ත්‍රී වීල් එකකට කතා කරමු ... මිනිහ කිව්ව.
මොන ත්‍රී වීල් ද .. එකෙක් පේන්න නෑ.. .. වැස්ස ඉන්න ම බැරි තැන අපි එහා පැත්තෙ තිබුණ කඩ පේළියට ගොඩ වුනා. දැන් අපිව හොඳටම දියබත් වෙල. සඳ කිඳුරගෙ තත්වය ඉතාම කණගාටුදායකයි... මිනිහ දැන් දියකිඳුර ගෙ තත්වයට පත් වෙල. [ඔයගොල්ලොන්ට හිතෙන්නෙ නැත්ද ඒ නම ලස්සනයි කියල.. මට නම් හිතුනෙ ඒ නම එයාට  දිගටම භාවිතා කරන්න වුනත් සුදුසු කියලයි..] ඒ මදිවට කෙල්ලො දෙන්නත් දිය කිඳුරියො වෙලා මදිවට උන්ගෙ කුනු කුනව... අයියෝ ..රෑ වෙනවා .. ගෙදරින් අද ගුටි කන්නයි වෙන්නේ...


ඒ අස්සෙ පොඩි එකත් කෙඳිරි ගානවනෙ .. අයියෝ .. මම හත වෙත්දි ගෙදර ඉන්න ඕනේ... අද නම් බඩුම තමායි .. කියල.
අපි ත්‍රීවීල් වලට අප්පුඩි ගහල කතා කළාට උන්ට ඇහෙන්නෙ නෑ.අපේ පිරිස වැඩි බව දැක්කම උන් නවත්තන්නෙත් නෑ. අහක බලාගෙන නොදැක්ක වගේ යන්නෙ. අප්පුඩි ගහලම අතුත් රිදෙනව.. මං කිව්ව කෙල්ලොන්ට .. අපි හැංගිල වගේ ඉන්නම් ඔයගොල්ලො අප්පුඩි ගහල කතා කරන්න කියල. ත්‍රී වීල් කාරයොත් කෙල්ලෙක් කතා කළොත් එනවනේ දුවගෙන... එකියක් කියනව .. ත්‍රී වීල් දෙකක්වත් ගමු නේද .. අපේ කට්ටිය වැඩියිනේ ..[අපි මේ එකක්වත් ගන්න බැරුව ඉන්නව කෙල්ලො දෙන්න බය වුනාද දන්නෙ නෑ තෙත පිටින් අපි උන්ගෙ ඔඩොක්කුවෙ ඉඳගනීවි කියල]
ඔන්න යන්තං හතහමාර විතර වෙත්දි .. ත්‍රී වීලයක් රවටාගන්න පුලුවන් වුනා.. බොහොම අමාරුවෙන්.  ටිකක් අදි මදි කරල තමයි මිනිහ කැමති වුනේ... කලින් හිතුව වගේ තෙත පිටින් ඔඩොක්කුවල ඉඳගන්න හම්බවුනෙ නම් නෑ. පොඩි එකාට විතරක් චෑන්ස් එකක් ආව කිඳුරගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන යන්න.
දැන් යනව වාහනේ පාක් කරල තියෙන ගේ හොයාගෙන... වැස්ස හින්ද ත්‍රී වීලයෙ ආවරණ ඔක්කොම වහලයි තියෙන්නෙ. කිඳුර මට කියනව .. ඉස්සරහින් රේල් පාරක් හම්බවෙයි .. එතනින් දකුණට දාන්න කියපං ..කියල .. මම ඉතින් අයිනෙම හිටපු එකා .. ආවරණය පොඩ්ඩක් ඇරගෙන .. ඔලුව එළියට දාගෙන එනව. ආයෙ ඉතින් මගෙ තෙමෙන්ට දේකුත් නෑ නෙව. දකුණට හැරෙව්වට පස්සෙ කිඳුර කියනව .. මචං .. ඔය පාරෙ කෙලින්ම යං .. තාප්පෙ ඉස්සරහපිට හොඳට මල් පිපුණු වතුසුද්ද ගහක් ඇති.. අන්න ඒ ගෙදර  ඉස්සරහ නවත්තන්න කියපං.  ඔන්න මල්පිපිල තිබුණ වතුසුද්ද ගහක් තියෙන ගෙයක් ලඟ නැවැත්තුව. කිඳුර බලල කියනව .. අයියෝ වැරදි ගෙදරනෙ බං ...තව ඉස්සරහ වෙන්න ඕන.. දැන් ආයෙම යනව.. බැලින්නම් ඒ පාරෙ දිගටම ගෙවල් දහයක දොළහකම තාප්පෙ ඉස්සරහ හොඳට මල් පිපිච්ච වතුසුද්ද ගස් තියෙනව. කොහොමද මේ වැහි අන්දකාරෙ හොයන්නෙ .. කිඳුරට  දැන් හොල්මන් ... අපිට ඊට වඩා හොල්මන් ..
ඔතෙන්දි ත්‍රීවීල් එළවපු හාදයා අපිට උදව්වට ආවා. මිනිහ කියනව තවම කිලෝමීටර් දෙක වුනේ නෑනෙ. දෙකක් වෙනකම් ගිහිල්ල හොයමු. කියල.. ඔන්න තව කිලෝමීටර් එකහමාරක් විතර ගියාම .. මෙන්න බොලේ තියෙනව .. කාරෙක.. නෙවෙයි .. තාප්පෙ අයිනෙ හිටවල තියෙන නාට්ටු වතුසුද්ද ගහක්.. එක මලක් නෑ ...අභීත වෙන්න ඇති හිටවන්ට ඇත්තෙ. කිඳුර කෑ ගැහුව .. හෝව් ..හෝව් .. මෙතන තමයි.
දැන් කට්ටියම හෙන හැපි එකේ බැහැ ගත්ත.. කිඳුර වීල් එකට සල්ලි ගෙවන්නයි ලෑස්තිය. මටත් ඉතින් ඔය වගෙ එව්ව බලාගෙන ඉන්න බෑනේ.. මාත් සාක්කුවට අත දැම්ම.. ගෙවන්න නෙවෙයි .. නිකම් පුලුවන්ද බලන්න.. මගෙ අත එළියට එන්න පරක්කු වුන හින්දද කොහෙද.. කිඳුරම සල්ලි ගෙවල දැම්ම. කමක් නෑ.. මං ගෙවන්න උත්සාහයක් හරි ගත්තනේ. ඊ ලඟ වතාවෙ මං ගෙවනව අනිවා.. කියල හිතාගත්ත.
දැන් කිඳුර සිංහයා වාගෙ ගේට්ටුව ඇරගෙන ඇතුළට ගියා .. අපිත් පස්සෙන් ගියා. [තවම හෝ ගාල වහිනව .. හරිය]


ගරාජ් එක දිහාව බලපු කිඳුර ආපහු සැරයක් හොල්මන් වුණා .. ඒක දැකල අපිත් හොල්මන් .. බොලේ කාරෙක නෑ ගරාජ් එකේ. ඒක ඇතුළෙ නිකම් මේ පරණ ලෑලි වගයක් ගොඩගහල තියෙනව.  දැන් මොකෑ කරන්නෙ. කාරෙක කවුරුහරි උස්සලවත් ද ..? ගේට්ටුවට ඉබ්බ දාල තිබ්බෙත් නෑනෙ.. ඒ මදිවට ගෙදර දොර ජනෙලුත් වහල ..තිබුණ මුරුගසං වරුසාවෙ හැටියට කාරෙකක් නෙවෙයි ලොරියක් උස්සං ගියත් හොයන්න බෑ .. මේ වෙනකොට රෑ අටත් පහුවෙල.. අපිත් වැස්සෙ තෙමි තෙමි ගල් ගැහිල බලං ඉන්නව. කෝකටත් කියල කිඳුර වතුර බේරි බේරි ..දොර ලඟට ගිහින් ගැහුව බෙල් එක. ම්හු .. ප්‍රතිචාරයක් නෑ. ගැහුව තව පාරක් ... ඔන්න සරබර ගාන සද්දයකුත් එක්ක කවුදෝ එනව වගේ ඇහුන.
ඇවිල්ල [ටිකක් වයසක නෝන කෙනෙක්] දොර නෙවෙයි ඇරියෙ .. ජනේලෙ... [නියම ආරක්ෂක ක්‍රම] ඇරල බැලුවෙ ප්‍රශ්නාර්ථයකින් ... හිනාවක් නෑ.
ඇයි උදේ හිටපු එකා නෙවෙයිනෙ දැන් ඉන්න. හුඟක් මහන්සි  පාටකින් ඉන්න.. වැහිවතුරට දියවෙච්ච එකෙක්නේ..[නෝනට අඳුනගන්න ටිකක් වෙලා ගියා]
කිඳුර දැන් කියනව .. මම මේ අද උදේ කාරෙක දාල ගිය එක්කෙනා....
ඔන්න නෝනට හිනාවක් ගියා .. හරි හරි  .. මට මතකයි... ඉතින් ..
ඉතින් දැන් කාරෙක නෑනෙ...
ආ .. අපේ මේ ලෑලි ගෙනාපු ලොරිය ආපු නිසා කාරෙක ඔය පාර දිගේම ගියාම තියෙන වැඩපොළට දැම්ම.. එතන අපේ කට්ටිය ඇති.
ගොඩක් දුරයිද ..? ඔව් .. චුට්ටක් විතර.. යන්න ඕන ..
එහෙනම් කරුණාකරල එහෙට කෝල් එකක් දෙනවද මම දැන් කාරෙක ගන්න එනව කියල...
ඔන්න නෝනා කෝල් එකක් දෙන්න ගිය අතරෙ...
ඔයගොල්ලො ඔහොම ඉන්න .. මම ගිහින් අරගෙන එන්නම් .. කියල කිඳුර ගියා ..
අපිත් සීතලේ ගැහි ගැහි .. නමුත් හැපි එකේ ..[දැන් කාරෙක තියෙනවනෙ] බලාගෙන හිටියා. ආවට පස්සෙ නැගල වාඩි වුනාම දැනුනෙ නිකම් නිවන්ගියා වාගෙ. මම අපේ පැත්තෙ බහිනකොට රෑ අටහමාරත් පහු වෙල. එතකොටත් වහිනව. පොඩි එකත් ගෙදර ගිහින් හොඳට බැණුම් අහන්න ඇති..  කෙල්ලො දෙන්නට මක් වුනාද දන්නෙ නෑ .. වර්ණා නම් ලියල තිබුණ එයා යනකොට නවය පහු වුනා කියල.. අනිත් එකී ගැන ආරංචියක්වත් නෑ... මොකද වුනේ කියල .. වැස්සට තෙමිල උණද දන්නෙත් නෑ.

ප.ලි.
මේ තරම් කරදර බාධක  අලකලංචි මැද ගිය මේ ට්‍රිප් එක මට නම් කිසිදාක අමතක වෙන එකක් නෙවෙයි. ඒ වෙලාවෙ ඒව කරදර වගෙ දැනුනට .. දැන් කල්පනා කරල බලනකොට ..හරි විනෝදාත්මකයි.
මං හිතනව .. මාත් සමග මේ කරදරවලට මුහුණදුන්න හැමෝටම එහෙම දැනෙනවා ඇතිය කියා.


20 comments:

  1. ඔය උඩින්ම තියෙන පොටෝ එක නම් රාජ් ගෙ බ්ලොග් එකෙන් හොරකම් කළා ...කමක් නෑනේ...

    ReplyDelete
  2. අනේ අප්පේ එදා නම් කාපු කට්ට. ඇයි කාර් එක වෙන තැනක තිබ්බයි කියුව වෙලාවේ මට ආපු තරහක්, මන අහගෙන පොඩි එකාත් බාන්න හිමිට හැක හැක
    කොහොමහරි මමයි ශානි අක්කයි දෙන්නම ගියේ එක ගෙදරටනේ. අපි යද්දී 9 පහුවෙලා. හොදටෝම බැනුම් අහලා නොකෑම නින්දට ගියා.
    එදා දවසනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ :)))

    ReplyDelete
  3. මට මේක කියවද්දී මාරම ආතල් මොකද උඹල නාන්නේ තෙමුණු දවස්‌ වලට විතරයිනේ..මොනවා උනත් පව් ඒ කෙල්ලෝ ටික.

    ReplyDelete
  4. හප්පේ මාර කට්ටක්නේ කාලා තියෙන්නේ.....

    ReplyDelete
  5. මාව හොරකං කොරන්නැතුව..බ්ලොග් එකේ තියෙන ඔන එකක් හොරකං කොරගනින් අයියේ..මරු ට්‍රිපක් නේ උබල ගිහින් තියෙන්නේ..ඇත්තට උබලා ගාලු ගියැයි..හික්...ඇස් දෙකටම ඇඬේනව හැබැ සතුටු කඳුළු..කරදරේකදි හිනා උනාට උඹ තරහා නෑකිය මං දන්නවා...අඩේ අප්‍රියෙල් 22 වරෙන් තව කට්ටක් කන්න ඇබැ ඒතැන නම් උඹට හුඟක් ළඟයි...පස්සේ කියන්නම්කෝ..හික් "

    ReplyDelete
  6. වෛවර්ණා ...
    මටත් අමතක වෙන්නෙ නෑ....
    මම මේක ලියල තියෙන්න පුලුවන් තරම් විස්තර අඩු කරලයි...
    අපි කියපු කරපු ඔක්කොම ලිව්ව නම්.. හෙන දිග මාගලක් වගේ වෙයි .. හැක .. හැක ... ඔයාගෙ හිනාව නම් .. වෛවර්ණයි.. හි .. හි ..

    ReplyDelete
  7. අසරණයා ..
    ඇයි බං .. උඹල වගේම තමයි අපිත් .. හි ..හි .. ලේසියෙන් නාන්නෙ නෑ... හැබැයි අමාරුවෙන් නානව.

    ReplyDelete
  8. ඔබ නොදුටු ලොවක්....
    ඒක එක කට්ටක් නෙවෙයි .. කටු ගොඩක් වුනා අන්තිමේදි.

    ReplyDelete
  9. රාජ් ....
    අම්මප මලයො .. ඊ ලඟට ''අපි ගාලු ගියා වගේ'' කියල කතාවක් හැදෙයිද දන්නෙත් නෑ..
    ඊ ලඟ එකත් කොළඹ කිට්ටුවමද තියන්න යන්නෙ...ෂ... මරුනේ බං.

    ReplyDelete
  10. මතක් වෙද්දිත් දත් කූට්ටම කිටි කිටි ගාන්වා...

    ReplyDelete
  11. සුළැඟිල්ලා ...
    ඇයි කොල්ලො .. අරය AC එක ඕෆ් කෙරුවෙ නැත්ද ... බත්ගොඩට යනකම්ම ...
    හපෝයි .. මම කලින්ම බැහැගත්ත එක හොඳට ගියා ..

    ReplyDelete
  12. අඩේ ඉස්සෙල්ලා එක වගේම මේකත් පට්ටවටම ලියලා තියෙනවා අයියා.
    මටත් ඔය කට්ටට සෙට් වෙන්න තිබුනානම් කියලා හිතෙනවා දැන්. වෙන මොකටවත් නෙමේ.
    නාගන්න.:D
    ඔයාලා මාර කට්ටක්නේ කාලා තියෙන්නේ.අර ඩබලනම් හේදුන එකමයි හොද. අනික් වුනුත් එහෙමම තමා... :D.
    කොමද සිංදු ටික. තනි ඇහැට ඇඩෙන්න දුන්නා නේද.


    (සිංදු රෙකෝඩ් කලේ අසංක. යැංකි තමයි ෂොටක් ඇදලා අපිත් එක්ක ගියේ සහ ආපහු අපිත් එකක් ආවෙ නැති එකා.)

    ReplyDelete
  13. නාකියා මල්ලි ...
    පුදුම කතාවක්නේ උඹ කියන්නේ කොල්ලො.. අපි මේ කටු වලින් බේරෙන්න බලනව .. උඹල ඒව හොයාගෙන යන්න හදනව.
    ඔච්චරම ආස බව දන්නවනම් .. එක්කං යනවනෙ...

    ReplyDelete
  14. මාර ආතල් ගමනක්නේ අප්පා. අපිත් ඉතින් යන්න බැරි වුන හින්දා ගිය එවුන් ලියන ඒවා බල බලා හූල්ල හූල්ල ඉන්නවා. මේක නම් හරියන්නේ නෑ වගේ. බක් මහට මොක තිබ්බත් මම නම් එනවා. ඇයි හත්තලාමේ, මුන් රස කර කර ලියන ඒවා බල බලා අපිත් නිකං ඇටිකෙහෙල් කාපු මොණරු වගේ (අඩේ අමතක වුලා, එතන්ට එන්නෙ මොණරා නෙමෙයි මයෙ හිතේ ‍වෙන මොකෙක්ද එකෙක්. දැන් නම් මතකත් නෑ) බිම බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  15. මාර ආතල් ගමනක්නේ අප්පා. අපිත් ඉතින් යන්න බැරි වුන හින්දා ගිය එවුන් ලියන ඒවා බල බලා හූල්ල හූල්ල ඉන්නවා. මේක නම් හරියන්නේ නෑ වගේ. බක් මහට මොක තිබ්බත් මම නම් එනවා. ඇයි හත්තලාමේ, මුන් රස කර කර ලියන ඒවා බල බලා අපිත් නිකං ඇටිකෙහෙල් කාපු මොණරු වගේ (අඩේ අමතක වුලා, එතන්ට එන්නෙ මොණරා නෙමෙයි මයෙ හිතේ ‍වෙන මොකෙක්ද එකෙක්. දැන් නම් මතකත් නෑ) බිම බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  16. ShiraN ...
    ඒකනෙ මලයා ...
    ඊ ලඟ එකට කොහොම හරි වරෙන් ... [මොන මොන කෙලි සෙල්ලම් වෙයිද කියලා කවුද දන්නෙ ...]

    ReplyDelete
  17. හිකිස්....
    පින් සිද්ද වෙනව වැස්ස වළාහක දෙයින්ටයි එයාගෙ වයිෆ් ටයි...
    :D

    ReplyDelete
  18. මට නම් එන්න පුළුවන් වෙයිද මන්ද අෆ්ෆා... :(

    ReplyDelete
  19. පවනි...
    උඹලට ඔය වැඩේ වුනා නම් ... ඔය විදිහට දෙයියන්ට පින් දෙන එකක් නෑ.

    ReplyDelete
  20. Shani ..
    ඇයි ඉතින් එන්න බැරි වෙන්නෙ....
    අර වර්ණා ගෙන් ගන්නකො උපදෙස්...
    ක්‍රම සහ විධි කියලා දේවි ලස්සනට.

    ReplyDelete