Monday, January 2, 2012

රහියගෙ කතාව 2






දැන් ඉතින් අරකෙ ඉතුරු ටික ...
[ඇත්තම කිව්වොත් ලියමින් ඉඳිත්දි .. රෑ 12 ට ලං වුනා .. සුබ පැතුම ඊට කලින් දාන්න ඕනෙ  හින්ද ලියපු ටික ඉක්මනටම එබුවා...හි .. හි .. ඔන්න ඕකයි වුනේ .. නැත්තං මගදි කතාව නවත්තන ජාතියෙ එකෙක් නෙවෙයි මං .. කොච්චර දිග වුනත්.]
ඔන්න රහියයි අර අනික් හාදයයි ..S.I. මහත්තයව ඇඩ්මිට් කොරානෙ. අරයට තාමත් සිහිය නෑ. ඒ කොහොම වුනත් ඔය කාරණාව සිද්ද වෙද්දි .. රෝහල් බලධාරීන් .. ලෙඩා බාරදුන් අයගෙ නම සහ ලිපිනය ලබා ගන්නවනෙ.
රහියත් එක්ක ගිය අනෙක් හාදයා ට හරි හමන් ඉන්ට හිටින්ට තැනක් තිබිල නෑ .. නෝ ඇඩ්‍රස් ..අපේ එකා තමයි ඒකටත් පැනල දීල තියෙන්නෙ. ගෙදර ලිපිනය දෙන්න බෑ .. මොකද ඒක නුවරනෙ. ඉතින් මූ ලොකු කමටත් එක්ක ද කොහෙද අපි හිටපු G.M. එකේ ලිපිනයයි.. පෝන් නම්බරයයි  මදිවට තමන්ගෙ දිගුව[නරක වචනයක් නෙවෙය්] ත් දීල.
දැන් වැඩේ හමාරයි. අර මෑන්ටත් ස්තූති කරපු රහිය .. ලැබුවා වූ නව වසරෙ ඉස් ඉස්සෙල්ලාම යහපත් ක්‍රියාවක් කරන්ට හැකි වුන එක ගැන ප්‍රීති වෙමින් ..නුගේගොඩ හිටපු යාලුවෙකුගෙ බෝඩිමකට පයින්ම ගියා. මොකද ඒ මහ රෑ ආපහු G.M. එකට එන්ට ඒ වෙලාවෙ වාහන නෑ.
සාමාන්‍යයෙන් අපිට ජනවාරි පළවෙනිද නිවාඩුයි. අදටත් ඒක එසේමයි. මේ සැරේ පළවෙනිද ඉරිද දවසක් වුන හින්ද ඒ වෙනුවට අපිට සඳුද... ඒ කියන්නෙ හෙට නිවාඩුයි. [ඒ නිසා හෙට තව කතාවක් ලියන්න පුලුවන් වෙයි වගේ....] රහියත් පහුවදා නිවාඩු නිසා යාලුවගෙ බෝඩිමට වෙලා හොඳට නිදාගෙන.. මිනිහව අපට නැවත මුණගැහෙන්නෙ ජනවාරි දෙවනි ද G.M. එකේදි. හමු වුන ගමන්ම අපිට මේ විස්තරය කිව්වෙ හරිම සතුටකින්.. අපිත් ඉතින් සතුටට පත් වුනා ඒක අහල. අපි කීපදෙනෙක්ම කිව්ව උඹ කරල තියෙන්නෙ හුඟක් ම හොඳ වැඩක් .. කියල. ඉතින් රහිය උදේ වරුවම වැඩ කළෙත් ඔය හැපි එක පිටින්මයි.
හැබැයි ඔන්න දවල් දෙක විතර වෙනකොට තත්වෙ වෙනස් වුනා. රහිය දැන් අප්සෙට් මූඩ් එකේ .. තව පැයක් විතර යනකොට මිනිහ ඩිම් වෙලා .. ගැහෙන්ට වගේ උනා. මොකද වෙලා තියෙන්නෙ ..  පොළිසියෙන් කෝල් එකක් ඇවිත්...හොරකමක් සම්බන්ධයෙන් මිනිහව හොයනව කියල.
පස්සෙ දැනගත්ත පරිදි කතාව මේකයි.
ඔය S.I.  කාරයා ට සිහිය ඇවිල්ල තියෙන්නෙ දෙවනිදා දවල්. තව පැයක් විතර ගියාට පස්සෙ සාමාන්‍යයෙන් කතා බහ පුලුවන් වෙලා තියෙනව.
ඔන්න ඊට පස්සෙ තමයි රහියට කේස් එක පත්තු වෙලා තියෙන්නෙ. බයික් එක හැප්පෙන වෙලාවෙ S.I. ඩියුටි පිට ඉඳල තියෙන්නෙ. මිනිහගෙ සාක්කුවක තිබිල තියෙනව එයාගෙ ප්‍රධානියට ඉදිරිපත් කරන්න ගෙනියන රිවොල්වර් එකක්. දැන් ඒක නැතිවෙලා... එක්කෝ ඒක ඇක්සිඩන්ට් එක වුන වෙලාවෙ කවුරුහරි ඉස්සුවා .. එහෙම නැත්නම් රොහලේ මූ සිහිය නැතුව ඉන්න අතරෙ කවුරු හරි ඒකට වැඩේ දුන්නා. කොහොම හරි දැං බඩු මිසිං.
ලෙඩාට සිහිය ආව කිව්වම පොලෝසියෙ ලොක්කො ඉතින්  යනවනෙ බලන්න. ගියාම අනිවාර්යයෙන්ම අහන එකක් තමයි කෝ ගෙනාපු ආයුදේ කියන එක. S.I. ඒකට වග කියන්න ඕනනෙ.. මිනිහ බලන්නෙ කාගෙ හරි ඇඟ උඩින් දාල බේරෙන්නයි. ලේසිම දේ තමයි... මම සිහි නැතුවයි හිටියෙ ..මාව රෝහලට බාර දීපු එකා ඒක හොරකම් කළා කියල කියන එක.
ඔය විදිහටයි අපේ මෑන්ට වැඩේ පත්තු වුනෙ. දැන් පොලෝසියෙන් රහිය ව හොයනව. ලේසියි නෙ .. නම ..ලිපිනය.. සහිතව ..ලෙඩා ව බාර දීපු එකාගෙ පෝන් නම්බර් එකත් ඔය රෝහලේ ලස්සනට තියෙන්නෙ.
පොලෝසියට එන්න කියල ආපු කෝල් එක නිසාවෙන් තමයි මූ දැන් ඩිම් වෙල උණ හැදිල වගේ වෙව්ලන්නෙ.
[දැන් කට්ටිය හිතනව ඇති පොලෝසියෙන් එන්ට කිව්වම මොකට බය වෙනවද ..?.. කට උත්තරයක් ගන්ටනෙ එන්න කියනව ඇත්තෙ .. ඉතින් ගිහිල්ල දීල එන එකනෙ ඇත්තෙ .. කියල.]
නමුත් ළමායි ඒ කාලෙ තත්වෙ හුඟක් ම වෙනස්.. භීෂණය උපරිමයට නැගලයි තිබුණෙ. රහියගෙ වයසෙ කොල්ලො පොලොසියෙ ඇත්තන්ට පේන්න බෑ. ඒ තියා වැඩිහිටියෙක්වත් .. පැමිණිල්ලක් දාන්ටවත් .. එහෙට යන්නෙ නෑ. ගියොත් ආපහු එනවා බොරු..[ඒ කාලෙ හිටපු අය නම් මේක හොඳට දන්නව]  අපි වුනත් පොලෝසියක් ඉස්සරහින් නම් යන්නෙ අහක බලාගෙන තමයි යන්නෙ.. අප්පුඩි ගහල කතා කරයි කියල ඇඟේ ලේ නෑ. ඒ අතින් දැන් කාලෙ තරුණයො හරිම වාසනාවන්තයි කියල කියන්න පුලුවනි. ඒ දවස්වල පොලෝසි වගෙ ආයතනවලට නිළ නොලත් අමුතු බලතල තිබුණ. JVP ලේබලය ගහල ලොකු ..පොඩි ..මහලු .. ඕනම එකෙක් ව ටයර් උඩ අරින්න එයාලට පුලුවන්. ඊට පස්සෙ ඌ අතුරුදන් ... මේ කියන එක ටිකක් ඔයාලට පිළිගන්න අමාරුයි වගේ පේනව ඇති. නමුත් ඒක තමයි ඇත්ත.
මම පොඩි උදාහරණයක් විතරක් කියන්නම් .. අපේ ගම්පළාතෙ ආරක්ෂක අංශවලට ඕනකරපු ජෙප්පෙක් හිටිය සාන්ත කියල. ඌව හොයාගන්න බැරි හින්ද මෙයාල මොකද කරේ දන්නවද ..? ඒ අවට ගම් දෙක තුනක හිටපු සාන්තල ඔක්කොම අරගෙන ගිහින් අතුරුදන් කළා.. ඔක්කොම සාන්තල 14 දෙනෙක්. [දන්නෝ දනිති]
 කාලෙ ඒ ගොල්ලොන්ට ඕනම කතාවක් ගොතන්න පුලුවන් ... රිවොල්වර් එක පන්නල .. ජෙප්පොන්ට දුන්න කියල කියයි. .. උඹත් උන්ගෙන් එකෙක් කියලත් කියයි. අපි උඹව තමයි හොය හොය හිටියෙ කියයි... ගියෙ නැත්නම් ඇවිල්ල අරගෙන ගිහින් වද දීල අවසානෙදි ටයර් එකක් උඩ යවයි.

දැන් වැටහෙනව ඇති රහිය බය වුනේ මොකටද කියල..
අපිට ඕන කළේ රහිය ව බේරගන්න.. මොකද රිවොල්වර් එක මූ ගත්තෙ නෑ කියල අපි හොඳටම දන්න නිසා.
එතකොට අපේ ඔෆිස් එකේ වැඩ කළා එක මහත්තයෙක් A.W.. කියල. රාජ්‍ය පරිපාලන සේවෙ හිටපු ජේෂ්ඨම නිළධාරියෙක්. එතුම තමයි  අපේ කාර්යාලය පාර්ළිමේන්තුව හරහා රජය සමග සම්බන්ධීකරණය කරන්නෙ. ඒ මදිවට අපේ DG ගෙ උපදේශකවරයත් වෙනවා. රජයෙ ලොකු ලොකු දේශපාලකයො විතරක් නෙවෙයි .. ලොකු ලොකු නිළධාරියොත් හොඳට දැන හඳුනනව. සමහරු එතුමගෙ ගෝලයො.
 හැබැයි හරිම නිහතමානියි  පොඩි මිනිස්සුන්ට හරියට උදව් කරනව.  ඉතින් අන්තිමේදි රහිය ගිහින් එතුමට මේ කාරණේ විස්තර කළා. අන්තිමේදි එතුම මැදිහත් වෙලා පළාත් භාර ලොකු පොළිස් නිලධාරියෙකුට කතා කරල තමයි මේ ප්‍රශ්නෙ විසඳුවෙ.
රිවොල්වරයට මොනව වුනාද දන්නෙ නෑ.. සමහරවිට හම්බවෙන්නත් ඇති .. නොවෙන්නත් ඇති ..
අර මහත්තයගෙ පිහිටෙන් රහිය අන්තිමේදි ගොඩ ගියා. හැබැයි ..මිනිහ හොඳ පාඩමක් ඉගෙන ගත්ත. ජීවිතේට .. මැරෙන්ට වැටිල හිටිය වුනත් .. ආයෙ පොළිස්කාරයෙකුට නම් උදව් කරන එකක් නෑ.


16 comments:

  1. පොලිසියේ හොඳ එවුනුත් ඉන්නවා, ඒත් වැඩි හරියක් ඉන්නෙ ජරා යක්කු.

    ReplyDelete
  2. මගෙ අම්මේ... රහියට ඇතිවෙච්චි බය ගැන නම් මට අමුතුවෙන් කියන්න ඕන නෑ... භීෂණය දිගට හරහට පළලට හැම විදියකටම වින්දා අපි... අනේ අර මහත්තයට නම් සෑහෙන්න පින් සිද්ද වෙන්න ඕන එක කොල්ලෙක්ගෙ හරි පණ බේරල දුන්නට...

    ReplyDelete
  3. අනූ නමයෙන් බේරුන එකට සතුටුයි...දන්නවනේ දැන් විතරක් නෙමේ " ඒ කාලෙත් " පොලෝසියේ ඇත්තන්ගේ හැටි......අන්තීමට රහියා තේරුම් ගත්ත දේ නම් නියමයි...මලාට ඔය පොලිස් ගොයියන්ට උදව් කරන්න වටින්නෙ නෑ තමයි....

    ReplyDelete
  4. අම්මෝ හරිම බය හිතෙන කතාවක් නොවැ,, පොලිස් කෙස් නම චා තමයි..

    ReplyDelete
  5. කුමාරයගෙ මාලිගාවට පළවෙනි වතාවටද මන්ද අඩිය තිබ්බේ. රහියගෙ කතාවෙ කොටස් දෙකම කියෙව්වෙ මේ දැන්.

    අර විස්තර කරපු භීෂණ සමය, අත් විඳපු කෙනෙක් හැටියට, තාමත් බය හිතෙනව. ලංකාවෙ හිටපු අන්තිම කාලෙ [අසු ගණන් වල අග භාගෙ] මම වැඩ කලේ අලව්වෙ. ඇත්තටම බ්ලොග් පොස්ට් එකක් ලියන්න සිද්ධි මතක් කළා කුමාරය.

    ReplyDelete
  6. @ uwniran ...
    ඒක ඇත්ත මලයා .. මාත් දන්නවා ටික දෙනෙක් ඉන්නවා හොඳ එවුන්.
    හැබැයි බොහොම ටිකයි.

    ReplyDelete
  7. එහෙනම් .. මිහිරිටත් අමිහිරි අත්දැකීම් තියෙනවා වාගෙ.

    ReplyDelete
  8. ස්තූතියි දිල්... ඒ කාලෙ ඔයා නුවරද හිටියෙ ...

    ReplyDelete
  9. ස්තූතියි වර්ණා ...පොලිස්කාරයො නම් දැනුත් චා තමයි.
    මේ පැත්තෙ ආවට හුඟක් සතුටුයි ..ඔයාට W.වර්ණා කියන්නෙ ඇයි..? වයිවර්ණා කියන එකද ..?

    ReplyDelete
  10. ආන්න .. ඔබා මල්ලිට තේරුණා ... ඒ කාලෙට මුහුණදුන්න අයට තමයි ඕකෙ තිබෙන බයානක කම හොඳට තේරෙන්නෙ...
    මං හිතන්නෙ අලව්ව ඒ කාලෙ හොඳටම බයානකයි. [ඒ සිද්දිවලින් කීපයක් දාන්නකො අපිටත් බලන්න]

    ReplyDelete
  11. අපොයි රහියා හරිම හිත හොඳ කෙනෙක්නෙ . ඔය කාලේ කවුද කාටවත් උදව් කලේ . අපේ පළාතෙත් හරි හරි වැඩ වුනා . අර ......ලන්ද කිට්ටුවනේ . අපි වුනත් පොඩියි කියල නැහැ . පාරතොටේදී කතා කලෙත් පරිස්සමින් .

    ReplyDelete
  12. @ Bindi ...
    ඔව් .. ඔව්.. ඔය කාලෙදි ලොකු පොඩි බේදයක් තිබ්බෙ නෑ. සමහර පාසැල්වල හිටපු පොඩි එව්වො හිටන් ඉස්සුවනෙ.
    සමහර නපුරු මිනිස්සු පෞද්ගලික තරහවල් පිරිමහ ගන්නත් ඕක කළා.

    ReplyDelete
  13. පොලියියට බඳවා ගන්නේ පපුව 32 බලලානේ..මොළේ බලල නෙවෙයි.ඔන්න ඕකයි එස් එල් පොලිස් තත්වේ..

    ReplyDelete
  14. @ අසරණයා ..
    පපුව 32 හරියන්නේ නෑ බං. පපුව හොඳට තිබ්බ නම් උන් ඔහොම කරාවිය ...

    ReplyDelete
  15. @ දූපත් වැසියා...
    අම්මප ඇත්ත මචෝ ... අමාරුම කාලයක්.

    ReplyDelete