Powered By Blogger

Monday, April 4, 2011

සිහින බක්මහ උළෙලට මමත් ඌනපූරණයක් දානවා.



 කමෙන්ටු දාපු හැමෝටම පොදුවේ ස්තූතියි ...
මේක ඉතින් ඔයගොල්ලො බරපතල විදිහට ගන්න එපා. ඔය වගෙ දෙවල් වෙනවා.
අනික .. මේකෙ සම්පූර්ණ වැරැද්ද මගෙයි. මම තමයි හැංගිලා වගේ ඉඳල තියෙන්නෙ.
සමහරවිට අර උපන් දා ඉඳලම මට වද දෙන සබ කෝළය කියන යකා එළියට පැන්නද දන්නෙත් නෑනෙ. ඔය යකා හින්ද මට හොඳ ලස්සනම ලස්සන කෙල්ලො කී දෙනෙක් නම් අහිමි වෙලා තියෙනවද ..?
අපොයි දෙයියනේ .. මූ තාමත් මා එක්කම ඉන්න බවයි මේකෙන් පේන්නෙ.
ඔන්න ඊලඟ වතාවෙ නම් සිංහ රාජයෙක් වගේ පිරිවර මැද්දෑවටම කඩා පනිනවා .. හරිය.
මාරයා ගැන නම් කියන්න තියෙන්නෙ .. හොඳ හිතක් තියෙන හුඟක් සංවේදි කෙනෙක් කියලයි. හිත රිදුන නම් කණගාටුයි මාරයො.
ඇත්තටම මම ඔය උත්සවයට ඇවිත් හොඳට විනෝද වෙලා හිත සතුටින් තමයි ආපසු ගියෙ.
 වෙන්න ඕනෙත් ඒකමනේ.

10 comments:

  1. කෝ ඔයා පින්තූර ටිකක් වත් දාලා නෑනේ.

    ප.ලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකො,කමෙන්ට් කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
  2. එදාත් මම නෙව ලගට ඇවිත් කතා කරෙ... දැන් බලපු පොත් ගැන ලීව ඇති... තමන්ගෙම කියල දෙයක් ලියමු ද?

    ReplyDelete
  3. ස්තූතියි නදී ..
    මට හදිස්සියට කැමරාව ගෙනියන්න අමතක වුනා .. අතේ තිබුන පෝන් එකෙන් පොටෝ ටිකක් ගත්ත තමයි .. ඒත් ඒව පැහැදිලි මදි ...
    වර්ඩ් වෙරිෆිකේෂන් ගැන නම් කල්පනා කරල බලන්න ඕන. ස්පෑම් වලින් බේරෙන විදිහක් බලල තමයි කරන්න වෙන්නෙ.

    ReplyDelete
  4. ඔයා කියන එක හරි ...
    ඒ වුනාට පොත් දකිනකොට මට ඒව ගැන ලියන්නමයි හිතෙන්නෙ.

    ReplyDelete
  5. අඩේ . . . ඉතිං උඹ අයිං ගහල ඉන්නෙ නැතුව ග්‍රවුන්ඩ් එකේ කෙලවරේ නවත්තල තිබුන සුදු පාට කාර් එක ලඟට ආව නං . . . . හෙන සෙට් එකක් අඳුනගන්න තිබුන . . .

    ReplyDelete
  6. අන්න ඒක නේ කියන්නේ...පිටියට බහින්න එපෑය,,,

    ReplyDelete
  7. අම්මප මල්ලියෙ ...
    මම එතෙන්ට ගියානෙ. මම දැක්ක හතර පස් දෙනෙක් ඔය කියන කාරෙක ලඟ ඉන්නව. හැබැයි මම අඳුනන්නෙ නෑ. හිතුවෙ අපේ අය නෙවෙයි කියලයි. ඒ ගොල්ලො එහා පැත්තෙ ග්‍රවුන්ඩ් එකේ තිබුණ මැච් එක බල බල නේ හිටියෙ. මාත් ඉතින් මැච් එක දිහාව ටිකක් වෙලා බලාගෙන ඉඳල ආපහු ආව.
    හැබැයි ඔය කියන කාරෙකෙ නරක අතේ යමක් සිදු වුනයි කියල හිතන්ට තරම් සාධක තිබුණෙත් නෑ. උන් ටික බොහොම අහිංසක විදිහටනේ එතන හිටියෙ.

    ReplyDelete
  8. ඔන්න එහෙනම් රත්ගමයා ගේ උපදෙස් අනුගමනය කළා ..

    ReplyDelete
  9. ඉතිං හරි නෙ . . . ඔයා හරි තැනට තමයි ඇවිල්ල තියෙන්නෙ . . . අපිත් ඉතා සාමකාමී විදියට මැච් එක බල බල තමයි හිටියෙ . . . කිසියම්ම හෝ නරක ක්‍රියාවක් එතන සිද්ද උනේ නෑ . . . ඉතාමත් අහිංසක කොල්ලො රෑනක් තමා එතන හිටියෙ . . .මම, රංග, පිස්සා, ඔබ්සර්වර් කොලුව . . . . ඔය ටික දෙනෙක්

    ReplyDelete
  10. @ ඕනයා ...
    බොරු කියන්න එපා මල්ලියෙ ...
    ඔතන ඔය හිටිය කියපු අනිත් අය නම් මම අඳුනන්නෙ නෑ තමයි. ඒ වුනාට අර ඔබ්සවර් මල්ලියාව නම් හොඳට අඳුනනව. එක්කො මිනිහ කාරෙක ඇතුලෙ හැංගිල ඉන්න ඇති ... නැතිනම් අර එයාගෙ පොල්මුඩු රැවුල කපල තියෙන්න ඇති ...

    ReplyDelete