Powered By Blogger

Saturday, January 29, 2011

සිංගප්පූරු කතාව

මේ දවස්වල නැවත කියවන පොතයි මේ තියෙන්නෙ. මේකට නම් නවකතාවක් කියලම කියන්න අමාරුයි ... ඇත්තටම මේක චරිත කතාවක් කිව්වොත් වඩාත් නිවැරදියි.
මේ තමා සිංගප්පූරුවෙ ප්‍රසිද්ධම නායකයා වශයෙන් කටයුතු කළ  ''ලී ක්වාන් යූ'' ගේ චරිත කතාව.   
සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ රන්ජිත් ගුණරත්න මහතා විසිනුයි.
[ මේකෙන් අපිටත් ගන්න පුලුවන් ආදර්ශ බොහොමයි. ]
දේශපාලනය හා රටක් ඉදිරියට ගෙන යන්නෙ කොහොමද කියල උනන්දුවෙන් ඉන්න අයටනම් කියාපු පොත.
[මගේ නම් ඉතින් ඔය දේශපාලනය ගැන එතරම් උනන්දුවක් නෑනෙ. ශ්‍රී ලංකාවෙ ඒක කැත සෙල්ලමක් බවට පත්වෙලයි තියෙන්නෙ.]
හැබැයි මම අපේ රට ගැන උනන්දුයි.
අපේ රට දියුණු කරගැනීමට අදාළ ව මේ පොතේ අඩංගු කරුණුවලින් යම් ප්‍රයෝජනයක් වේවි යැයි මම සිතුවා.
ඒත් ඒක එතරම් සාර්ථක වෙන්නෙ නෑ වගෙයි.
සිංගප්පූරුව දියුණු කළ තද පාලන ක්‍රම පිළිබඳව දැන ගැනීමට මට උවමනා කළා.
නමුත් ඒවා ගැන කිසිම සඳහනක් මේ පොතේ නෑ.
[ ලී ක්වාන් යූ පිටතට නොපෙන්නුවාට තද පාලනයක් ගෙන යමින් රට දියුණු කළ බවයි මා අසා තිබුනේ.]
මොකද ශ්‍රී ලංකාවත් එබඳු තද පාලනයකින් තොරව සකස් කළ නොහැකි බව මගෙ පුද්ගලික අදහස වෙනවා. [අපේ රටේ මිනිස්සු / මාත් ඇතුලුව .. වැරදි ක්‍රමයට ඇබ්බැහිවෙලා දැන් කුරුවල් වෙලා ඉන්නෙ.]
තද පාලනයක් කිව්වම අපේ රටේ මිනිස්සු කැමති වෙන්නෙ නැති බව මම දන්නවා. තද පීඩනයකට ලක් වෙන්න මම වුනත් අකමැතියි. ඒ අපි වැරදි විදිහටම කුරුවල් වෙලා ඉන්න නිසා ... අපි කට්ට කාගෙන අවුරුදු 10 ක් වත් හිටියොත් නිවැරදි විදිහට ... අපේ ඊලඟ පරම්පරාව හරි නිවැරදි ව සිතන්නට පුරුදු වෙයි.
අපොයි .. මම මේ  මොනවද ලියන්නෙ... පිට පැන්නා නේද ... පොත ගැන නේ ලියාගෙන ආවෙ.
මේ ගැන මහාචාර්ය  වෝල්ටර් මාරසිංහ  මහතා  මෙසේ කියයි.


හොඳයි කොහොම වුනත් මේ පොත නව කතාවක් වගේත් කියවන්න පුලුවනි.
ඉතින් කැමති හැමෝම කියවලා බලන්න.
පොත ගැන අපේ රටේ ජනාධිපතිතුමා කියන්නෙ මෙහෙමයි.


මේක මං වගේ පුස්තකාලයකින් අරන් බලනවනම් තමයි හොඳ ...  පොත ටිකක් මිළෙන් වැඩියි.

6 comments:

  1. "මොකද ශ්‍රී ලංකාවත් එබඳු තද පාලනයකින් තොරව සකස් කළ නොහැකි බව මගෙ පුද්ගලික අදහස වෙනවා"
    - මගේ අදහසත් මේකම තමයි. පොත ගැන දැන්වුවාට ස්තුතියි, හොයාගෙන කියවලා බලන්න ඕනෙ.

    ReplyDelete
  2. @ Hiranya ..
    ස්තූතියි ..
    මම හිතුවෙ මගෙ අදහස් වලට එකඟ වෙන කවුරුවත් නැතුව ඇති කියලයි... [ ඇත්තටම මම බලාපොරොත්තු වුනේ ඇණුම් බැණුම් එයි කියලයි]
    එක්කෙනෙක් හරි එකඟ වුන එක ලොකු දෙයක් ...

    ReplyDelete
  3. @ හරී..
    මෙන්න තියෙනවා ...

    I-S-B-N- 95599753-0-7

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සහෝ... මම මේ දැන් පොත reserve කරා...

    සහෝ පොත් ගැන දානකොට ISBN එකත් එක්ක දාන්නකෝ...

    එතකොට මට ටක්ගාල හොයාගන්න පුලුවන්...

    හැබැයි කරදරයක් නැත්නම් හොඳේ...

    ReplyDelete
  5. @ හරී..

    ඔව් මල්ලි මීට පස්සෙ දාන්නම් ..
    නමුත් මං හිතන විදිහට හැම පොතේම ඕක නෑ.

    ReplyDelete