Powered By Blogger

Thursday, January 27, 2011

ලෝකෙ බොහෝ දෙනෙක් ආස කරන පොතක්..



මෙන්න තියෙනවා මම වගේම ලෝකෙ බොහෝ දෙනෙක් ආස කරන පොතක්..
මේක මම බොහෝ වාරයක් කියවපු පොතක්.
කියවල ඉවරවෙල ටිකක් කල් ගිහින් .. ආපසු කියවන්න පුලුවන් අලුත් පොතක් හැටියට. කෙදිනකවත් එපා නොවෙන පොතක්. මං හිතන්නෙ ලෝකෙ පුරාම ගත්තත් එහෙම පොත් තියෙන්නෙ ස්වල්පයයි.
ඒ තමයි ඇලෙක්සැන්දර දියුමා විසින් රචිත…..
 '' මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා'' [ ''The Count of Monte Cristo''] කියන පොත.
මේ පොතේ රසය වැඩි වෙන්න එක හේතුවක් තමයි... මේක පරිවර්තනය කරපු කේ.ජී. කරුණාතිලක මහත්තයා ඉතාම විශිෂ්ඨ අන්දමින් එම කාර්යය ඉටු කොට තිබීම.
මේ කතාවම තව කෙනෙකුත් පරිවර්තනය කරල තියෙනවා මුලු කතාවම එක පොතකට  '' සිටුවර මොන්ත ක්‍රිස්තෝ'' යන නමින්.
 [ඒක නම් මට එච්චරම ඇල්ලුවෙනෑ. ]
එතුමාගෙ පරිවර්තන කෘතිවල මුල් පිටු අතරෙ මම ඉතාම ආස කරන වචනයක් තිබෙනව. ඒ තමයි ''අසංක්ෂිප්ත'' කියන වචනය. ඇත්තටම ඕනම කතාවක් පරිවර්තනයෙදි සංක්ෂිප්ත කරල කෙටි කරනවනම් එහි ගතයුත්තක් නැති බවයි මගේ වැටහීම.
ඒ කාලෙ මේ පොත එතුමා පරිවර්තනය කළේ කොටස් වශයෙන්. ඒ මොකද ... කීවොත් කතාව ඒ තරම් ම දිගයි. ඊලඟ කොටස නිකුත් වෙනකම් අපි හරිම නොයිවසිලිමත්.
සමහරු ලියුම් දානව ... කෝ... මීලඟ කොටස... ඉක්මනට දාන්න.. කියමින්.
තව සමහරු ටෙලිපෝන් කරල අහනව. ඉතින් එතුමට සිද්ධ වුනා ඊලඟ පොතේ ''පෙර වදන'' කොටසෙහි  සඳහන් කරන්න... පිළිවෙලට දානකම් ඉවසාගෙන සිටින ලෙස.
 කියවන්නො අතරෙ මේක ඒ තරම් ජනප්‍රිය වුනා.
අපිට ඒ කාලෙ පොත් ගන්න සල්ලි නෑ. අපි ඉතින් පුස්තකාලයට රබර් ඇහැ දාගෙනයි ඉන්නෙ ඊලඟ පොත පාත් වෙනකම්. එතනත් හරි පොරයක්. පිටපත් දෙකයි එවන්නෙ. සමහරවිට මට පොත ලැබෙන්නෙ පස්වෙනියට හෝ හයවෙනියට.
ඒ අවදියෙ හැමෝම වගෙ කියවීමට ටිකක් නැඹුරුයි. පාසැල් දරුවන් පවා. ඇයි ඉතින් වෙන විනෝදාංශ අඩුයි නේ. පාසැල ඉවරවුන ගමන්ම ඔය උපකාරක පංති වලට දුවන සෙල්ලමත් තිබුනෙ නෑනේ. අපි ඉස්කෝලෙ ඉවරවෙලා ඇවිත් කෑවත් නැතත් .. දෙක විතර වෙනකොට පුස්තකාලෙට එනව. ඒක වහන්නෙ හතරහමාරට. වහනකම්ම මොනව හරි කියවන එක තමා වැඩේ.  
මං හිතන්නෙ ඒ හින්දම තමා පරණ එව්වොන්ට... ගණිත විෂයයන් කළත් විද්‍යා විෂයයන් කළත් ... සාහිත්‍යය කියන එකේ රසය විඳ ගැනීමට තවමත් හැකියාවක් තියෙන්නෙ.
අද ලිපිය දිග වැඩිද මංද ... පොත  ගැන ලියන්න ගිහින් පිටස්තර දේවල්නෙ ලියවුනෙ.

කොහොම වුනත් කමක් නෑ..  මේ කතාව කියවපු නැති අය කියවල බලන්න කියා ඉල්ලා හිටිනවා.. කියවපු අය නැවත කියෙව්වත් ඇති වැරැද්දකුත්  නෑ.
කතාව කොටස් හයකින් යුක්තයි.




                                                                           

10 comments:

  1. මෙන්න මමත් ආසාවෙන්ම කියවපු පොත! අපේ ගමේ පුස්තකාලෙත් පුදුම ඉල්ලුමක් තිබුනු පොත් සෙට් එකක් තමයි! පුස්ථකාලෙ මිස්ව යාලු කරගෙන පොත බුක් කරල තමයි ගන්නෙ! අපේ පුස්තකාලෙට එන්නෙ එක කොපියයි. ඔය තුන්වෙනි පොත ගත්තු එකා ගෙනත් දෙන්නෙම නෑ. දැන් හතරවෙනි පොතත් ඇවිල්ල. ඉවසගෙන ඉන්න බැරි තැන මං ගුණසේන බුක් ෂොප් එකෙට ගිහින් වරුවක් හිටගෙන තමයි ඒක උඩින් පලලින් කියවල ආවෙ! ඒක හරියට කියවන්න ලැබුනෙ 6වැනි පොතත් කියෙව්වට පස්සෙ තමයි.
    5යි 6යි පොත් දෙක එක දවසෙ තමයි ලැබුනෙ. එදා දැනුනු සන්තෝසෙ නම් කියා නිමකරන්න බෑ

    ReplyDelete
  2. http://www.limetorrents.com/The-Count-of-Monte-Cristo(2002)DVDrip-XviD-ResourceRG-Isis-torrent-542325.html

    මේ Link එකෙන් ගිහින Film එක බාගන්න

    ReplyDelete
  3. මම මේ පොත කියවල නැ එත් අහලා තියෙනවා.. :)

    ReplyDelete
  4. @ kalikala

    ඇත්ත තමයි .. ඒ කාලෙ අපිට දැන්වගෙ කොම්පීතර ලා එතකොට අන්තර්ජාලයො ලා ලා හිටියෙ නෑනෙ. ගෙදර තිබුන කබල් රේඩියෝ එකයි .. පොතුයි .. පත්තරයි තමා තිබුනෙ. පොත් කියවන්න නම් පුදුම තරඟයක් තිබුනෙ ...
    කොහොම වුනත් දැන් කාලෙ ළමයින්ගෙ චර්යා රටා දිහා බැලුවම [පාන්දරින් ම තඩි පොත් බෑග් එකකුත් උස්සගෙන ගෙදරින් ගිහින් පාසැලෙන් පසු එහෙම්ම පංති ගිහින් කරුවල වෙලා ගෙදර එන ..] අපි ඒ කාලෙ බොහොම සතුටින් සහ සැහැල්ලුවෙන් ළමා අවදිය ගෙව්වයි කිල තමා හිතෙන්නෙ.

    ReplyDelete
  5. @ නිම්ශා
    හොයාගෙන කියවලා බලන්නකො.... අතිශයින්ම විස්මිත කතා පුවතක් තමා ඒකෙ තියෙන්නෙ.

    ReplyDelete
  6. ස්තූතියි රොහාන් ...
    මට හොඳටම විශ්වාසයි මම චිත්‍රපටයෙන් සෑහීමකට පත් නොවෙන බව.

    ReplyDelete
  7. සත්තකින්ම... ඒත් බලන්න වටින Film එකක්..

    ReplyDelete
  8. මමත් ඉතාම ආසාවෙන් කියවාපු පොතක්,හැබැයි ඒ ඔබ කියන පරිවර්ථනය නම් නෙවෙයි, මට මතක විදිහට ඩේවිඩ් කරුණාරත්න හෝ ඒ.පී.ගුණරත්න යන මහතුන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පරිවර්තනයක් විය යුතුයි, ඇත්තෙන්ම ඉතාම රසවත් කතාවක් ඉතාම සාර්ථකව පරිවර්ථනය කරලාත් තිබුනා,

    අද වෙළඳපොලේ ඇති බොහොමයක් පරිවර්ථන කරන්නේ කියවීමේ රුචිය පවා නැතිකිරීමෙන් පොතක් මිලදී ගැනීම පවා අප්‍රසන්න කරවීමක්,

    බොහොමයක් අද පරිවර්ථකයින් සිතා සිටිනුයේ ඉංග්‍රීසි භාෂාව දැන සිටීම පමණක් පරිවර්ථන කාර්ය සඳහා සෑහෙන බවයි,

    සාර්ථක පරිවර්ථනයක් පිළිබඳව මේ නිර්වචනය ඔවුන් කිසි සේත් තේරුම් ගෙන නැති බව නම් ඉතාම පැහැදිලියි, "සාර්ථක පරිවර්ථනයක් සඳහා, පරිවර්ථකයා, මුල් කෘතිය ලියැවුනු භාෂාව පිළිබඳව හසල දැනුමක් සේම,අදාල ලේඛකයාගේ රචනා ශෛලිය,භාෂා විලාසය පිළිබඳවද මනා දැනුමකින් යුක්ත විය යුතුයි"

    ReplyDelete
  9. ඔව් .. ඔබ කියන එක ඇත්තයි.. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නව පරිවර්තනය ලේසියි කියල ...
    නියම පරිවර්තනයක් කරන්න ලේසි නෑ.

    ReplyDelete
  10. මම කියවපු හොඳම පොත් සෙට් එක... මං ගත්තා පොත් සෙට් එකම.. මුලින්ම මේ කතාව කියෙවුවේ ඉස්කෝලේ පුස්තකාලෙන් අරං 2001 දී...

    ReplyDelete