Powered By Blogger

Sunday, January 23, 2011

මේක නවකතාවක් නම් නෙවෙයි .....



අද දාන පොත තමා මේක.
 මුලින්ම කියන්න ඕන මේක නවකතාවක් නම් නෙවෙයි.
අපි මීට කලිනුත් ආර්.කේ. නාරායන්ගෙ පොත් ගැන කතා කළා මතක ඇති.
මේකෙ තියෙන්නෙ ඔහු පිළිබඳ විස්තර සමගම ඔහු ලියූ බොහෝ පොත් ගැන විචාරාත්මක විග්‍රහයක්.
''ආර්.කේ. නාරායන් හෙවත් මල්ගුඩියේ සොඳුරු මිනිසා''  යනුවෙනි මෙය නම් කොට ඇත්තේ.
 මෙය පරිවර්තන කෘතියක් ද නොවේ ...  ලියා ඇත්තේ දීපචන්දි අබේසිංහ මහත්මිය විසිනි.
මේ පොත පිළිබඳව එතුමිය මෙසේ කියයි...
''ම විසින් මෙම කෘතිය මුලින්ම සම්පාදනය කරන ලද්දේ ... කොළඹ විශ්ව
විද්‍යාලයේ  දර්ශනපති උපාධිය උදෙසා කළ ස්වාධීන නිබන්ධනයක් හැටියටය.''


මෙහි නාරායන්ගේ චරිතය පිළිබඳ අප නොදන්නා බොහෝ තොරතුරුද .. ඔහුගේ පොත් ගැන බොහෝ වියතුන්ගේ මතවාද ද .. ඉදිරිපත් කොට ඇත්තේය.
ඇත්තටම රූපවාහිනියෙ ගිය ''මල්ගුඩි දවස්'' කතා මාලාවෙහි ද .. ඔහුගේ අනෙකුත්  පොත්පත් වල ද නිතර සඳහන් වෙන මල්ගුඩි නගරය ඉන්දියාවේ ඇත්තම නගරයක් බව මම බොහෝ කලක් යනතුරු සිතා සිටියෙමි.
 [ නාරායන් ඒක ඒ තරමටම සාර්ථකව නිර්මාණය කරල තිබුණා.]
බොහෝ දෙනෙක් මෙම නගරය සොයන්නට උත්සාහ කළාලු. පොත්වල සඳහන් වෙන ආකාරයට ඕනම කෙනෙක් එබඳු නගරයක් තියෙන බවට විශ්වාස කරාවි.
නමුත් දැන් මම දන්නවා ඒක මනඃකල්පිත නගරයක් බව. මේ පොතේ සඳහන් වෙන ආකාරයට එහෙම නගරයක් නෑ.
මේකෙන් පේන එක දෙයක් තමයි කතුවර නාරායන් කොයිතරම් අපූරුවට ස්භාවිකව තම කතා ගොතා තිබුණාද කියන එක.


හොඳ විචාර ග්‍රන්ථයක්...

හැමෝම කියවලා බලන්න.


3 comments:

  1. මල්ගුඩි පොත් කිහිපයක්ම කියවල තියෙනව! ඒත් විචාර පොත්නම් කියවන්න කම්මැලියි!

    ReplyDelete
  2. ස්තූතියි මල්ලි ..
    විචාර පොත් කියවන එක කම්මැලියි තමයි. ඒත් කියවගත්තොත් ඒ පොත් පිළිබඳ ව පොඩි අවබෝධයක් ලැබෙනව.

    ReplyDelete
  3. මල්ගුඩි ජිංගල් එක මතකද ?තා නා නා තනා නනා
    නා

    ඊට පස්සේ නාරායන ගත්කරු මැවු ගම්මානය මල්ගුඩියයි ...තොටවත්තගේ සරල බසින් රස මුසු කර දොරට වඩියි

    මම නාරායන් දැනගත්තේ මල්ගුඩි ද්වස ටී වී කතා වලින්

    ReplyDelete