Powered By Blogger

Friday, December 17, 2010

“NOT WITHOUT MY DAUGHTER”


මම බලපු පරණ පොතක් මට මතක් වුණා..... ලඟදි මම ඒකෙ ෆිල්ම් එක බලපු නිසා...
පොතේ නමත් ෆිල්ම් එකේ නමත් එකමයි.....

මුල් පොත ලියල තියෙන්නෙ  Betty Mohmoody  and  William Hoffer   යන දෙදෙනා විසින්.
 එයිනුත් ''බෙටී'' කියන්නෙ මේ සිද්ධියට ඇත්තටම මුහුණ දුන් කාන්තාවයි. මුස්ලිම් රටකට එරෙහිව මේ පොත ලිවීමේ වරද නිසා ඇයට තවමත් ඇමරිකාවේ අප්‍රකටව, තම නම ගම පවා වෙනස් කරගෙන සැඟවී ජීවත් වීමට සිදුවී තිබෙනව.
“NOT WITHOUT MY DAUGHTER”  කියල කියන්නෙ ඒකටයි.
මේ පොත අපේ ප්‍රවීණ ලේඛිකාවක් වන අනුල ද සිල්වා මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කරල තිබෙනව.
''දෙවියන්ගේ අඩවිය'' නමින්  1999 වසරෙදි .

අනුල ද සිල්වා විසින් එම කාර්යය කොතරම් හොඳට ඉටුකොට තිබේදැයි කිවහොත්, පොත කියවත්දී මට දැනුනේ .. එම සිද්ධියට මා මුහුණ දෙන්නාක් මෙනි. එය එතරම්ම ත්‍රාසජනක, ශරීරයේ ලේ කුපිත වෙන කතාවකි.

නමුත් පුදුමයකට කරුණ වන්නේ චිත්‍රපටයේ එම ගතිය නැති වීමයි. මට බොහෝ අවස්ථාවලදී මෙසේ වී තිබෙයි.  යම් පොතක් උපයෝගි කරගෙන චිත්‍රපටයක්  කළහොත් පොතෙන් අපි ලබන රසය චිත්‍රපටයේ නැත.
මෙසේ වන්නේ මා පොත කලින් කියවන නිසාද...? නැතිනම් චිත්‍රපට කරුවෝ එහි කතාව වෙනස් කරන නිසාද ..?
කෙසේ වුවත් පොත කියවීමෙන් අපි ලබන ත්‍රාසය / භීතිය වැනි දේ චිත්‍රපටයෙන් නම් ලැබෙන්නේ නැත.
ඉතාම හොඳ සත්‍ය කතාවක්.

ඒ නිසා හැමෝම පොත කියවන්න උත්සාහ කරන්න.

2 comments:

  1. මං චිත්‍රපටිය නම් බලල නෑ. හැබැයි පොතනම් නියමයි. ඒක ඇත්ත කතාවක් වග දැනගෙන කියෙව්වම තමයි ඇඟ සීතල වෙලා යන්නෙ. මම නම් කැමතියි ඒක ඇත්ත කතාවක් වග විස්වාස නොකර ඉන්න.
    මේ පොත කියෙව්වම අපේ මැදපෙරදිග රැකියවට යන අම්මල ගැන හරි දුකක්, බයක් ඇතිවෙනව.

    ReplyDelete
  2. @ කලිකාල ...

    මම හිතන්නෙ ඒ කාන්තාව තවමත් තමාගෙ නම ගම වෙනස් කරමින් . සැඟවිලා තමයි ජීවත් වෙන්නෙ. ඔය මුස්ලිම් අන්තවාදීන් එතරම්ම දරුණු නිසා.

    ReplyDelete